...::: මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.? :::...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ...::: මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.? :::...

    Wedding.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    [FONT=&quot]මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.?

    අපි මංගල උත්සවයක් ගන්නෙ මොකටද කියා විමසලා බැලුවොත් ඒක කෙනෙකුගෙ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය කියලා කියන්න පුළුවන්.. ඒ හින්දා එය උත්සවාකාරයෙන් සමරන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.. මෙහිදී පෝරුවෙ චාරිත්‍ර, මංගල මුදුව පැළැදවීම, අෂ්ඨක කියැවීම වැනි චාරිත්‍ර රැසක් සිද්ධ කරනවා.. මෙලෙසින් පෝරුවේ චාරිත්‍ර, අෂ්ඨක කියැවීම්, පළමුවෙනි දිනය, දෙවැනි දිනය, මධුසමය තරු පන්තියේ හෝටල් හොයාගෙන යාම ආදිය කරන්නේ ඇයි..? ඇත්තටම අපි සාමාන්‍යෙයන් පෙර සදහන් කළ ආකාරයේ සිරිත් විරිත් පෝරුවේ චාරිත්‍ර ආදිය කරන්න ඕනෙද..? අද දවසේ වටපිටාවත් එක්ක එහෙම කරන්න පුළුවන්ද..? මොකද ඔබට ඒ ගැන හිතෙන්නෙ..? අනිවාර්යෙන්ම ඒවා නොකර කොහොමද කියලා සමහරුන්ට හිතිලා ඇති.. ඒ වගේම අද කාලේ ඕවා කරන්න තියා ජීවත් වෙන්නවත් විදියක් නැතිව ඉන්න මොහොතක කොහොමහරි රෙජිස්ටර් ගාව අත්සන් කරලා කෙල්ල ගෙදරට කැන්දන් එන්න තමයි ගොඩක් දෙනෙක් කැමති.. ඒත් සමහරුන්ට තමන්ගෙ තත්වය, තරාතිරම පෙන්වන්න ඕන හින්දා පෝරුවට නගින්න වෙනවාමයි.. ඒ කියන්නෙ හැමෝටම ලොකු පාටියක් දීමේ දැවැන්ත උත්සාහයක ඔවුන් නිරත වෙනවා..
    [/FONT]

    [FONT=&quot]පෝරුව ගැන, මංගල දිනය ගැන කතාව පැත්තකින් තියලා ඔබේ ආර්ථික වටපිටාව දෙසට පොඩ්ඩක් හැරෙමු.. ඔබ දැන් කරගෙන යන රැකියාව කුමක් වුණත් ඒකෙන් ලක්ෂ ගණන් පඩි ගන්නවද..? නැහැනේ.. ඕන්නම් ඔබේ වයසෙ ඉන්න සීමිත පිරිසක් එහෙම ගන්නවා ඇති.. ඒ තා්තතගෙ හරි, ගෙදර කාගෙහරි කොම්පැනියක තනතුරක් දරන හින්දා එහෙම වෙන්න පුළුවන්.. ඒත් ඔබ මොන රැකියාවෙ නිරතවෙලා හිටියත්ඒකෙන් යන්තම් ජීවත් වෙන්න තරමට පඩියක් ලැබෙන එකනම් සිකුරුයි.. කොළඹ නැවතිලා ඉදගෙන රැකියාව කරන කෙනෙක් නම් බෝඩිම් ගාස්තු ගෙවාගෙන, කෑමට බීමට වියදම් කරගෙන, බස් ගාස්තු වලටත් වෙන් කලාම කීයද බලන්න ඉතුරු වෙන්නෙ.. ඒකත් එක පාරක් ගමේ ගිහින් එනකොට ඉවර වෙනවා.. සමහර විට ආපහු කොළම එන්න වේනනෙ ගෙදරින් කීයක් හරි ඉල්ලගෙන.. මේක මේ කොළඹ රැකියාවෙ නිරතවෙලා ඉන්න අයට විතරක් බලපාන දෙයක් නෙමේ.. මේ රටේ ඉන්න අතිබහුතරයක් දෙනා භුක්ති විදින, හිතින් විදවන ජීවිත වල කටුක තිත්තම තිත්ත ඇත්ත කතාවයි..[/FONT]

    [FONT=&quot]දැන් ඔබ විවාහ වෙන්න ඉන්න වයසෙ කෙනෙක්.. ඒ කියන්නෙ හිරිමල් යොවුන් විය පසුකරමින් ඉන්න කෙනෙක්.. ඔබටත් ප්‍රේමවන්තියක් ඇතිනෙ.. නැතිවෙන්න විදියක් නැහැ.. එහෙම වෙනවා නම් ඒ ටික දෙනෙකුට විතරයි.. ඔබ තෝරාගත් පෙම්වතිය වුණත් දැන් හරි කැමැත්තෙන් ඇති රජ මගුලක් අරගෙන නෑදෑයො සියළු දෙනාටයි, යහළුවො සියලු දෙනාටයි කියලා ජීවිතයෙ ලස්සනම දවසේ හොද මතක සටහනක් තබාගන්න.. ලස්සන වෙඩින් ඇල්බමයක් හදාගෙන වීඩියෝ එක්ක කරගෙන ලස්සන මතක සැමරුමක් තියාගන්න දැන් ඔබ සැලසුම් කරලත් ඇති.. බොහොම හොදයි..! කවුද අකමැති තමන්ගෙ මංගල දිනය මේ විදියට ගත කරන්න.. මංගල දිනයේ අත්‍යවශ්‍යම දෙයක්නේ රත්රන් කියන එක.. කීය වුණත් අතේ තියෙන ඔක්කොම වියදම් වුනත් හොදම වර්ගයේ තියෙන කැරට් විසි දෙකේ හරි විසි හතරෙ හරි රත්රන් වලින් අත කන කර පිරිලා තියෙන කොට ලස්සනයි තමයි.. අමුතුම පෙනුමක් එනවා තමයි.. ඒත් මේ තියෙන ආර්ථික රටාවත් ඒකක කොහොද මේ විදියෙ මංගල උත්සවයක් ගන්නෙ.. කන, කර අත හැබෑම රත්රන් වලින් පුරෝගෙන මංගල උත්සවයක් ගන්න පුලුවන්ද කියන එක අද කාට වුනත් ගැටලුවක්.. අද රත්තරන් පවුමක මිල කීයද..? පනස්දාහකටත් කිට්ටුයි නේද..? මංගල උත්සවයක් ගන්නවානම් ඒ සදහා වෙන්වුණු උත්සව ශාලාවක් වෙන්කර ගන්න වෙනවා.. ඒවාට අවශ්‍ය කෑම බීම ප්ලේට් ගානෙ වෙන්කරනවා.. ඊට අමතරව රූපලාවන්‍ය සදහා, ඡායාරූප ශිල්පියාට, වීඩියෝ කරන කෙනාට, ගමන් බිමන් යාමට අවශ්‍ය වාහන සදහා.. කොච්චර නම් වියදමක්ද..? අඩුගානෙ ඡායාරූප ශිල්පියාට වෙන්කරන ගානවත් ඔබ කරන රැකියාවෙන් එක මාසෙකට ලබාගන්නවද..? හරිම ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නෙ නේද..? ඒත් මේකට මුහුණ දෙන්නත් ඕන..[/FONT]

    [FONT=&quot]ඔබ තරුණයෙක් ලෙස අලුතින් හිතන්නට කාලය දැන් පැමිණිලා තියෙනවා.. එතෙන්දි අපි සම්ප්‍රදායට ගරුකරන්න ඕන කියලා හිතාගෙන අතේ තියෙන සේරම සල්ලි ටික වියදම් කරගෙන ඊට අමතරව අහල පහල අයගෙන් තව ණයටත් අරගෙන, මහ ඉහළින් ලෝකෙටම පේන්න අණබෙර ගහලා මංගල උත්සවයක් ගත්තා කියමුකො.. ඊට පස්සෙ තමන්ගෙ ප්‍රේමවන්තියව තම බිරිද හැටියට ගෙදරට ගෙනාවට පස්සෙ කන්න බොන්න දෙන්න පුළුවන් ආර්ථික වටපිටාවක් ඔබට නිර්මාණය වෙලා තියේවිද..? වෙච්ච ණය ගෙවන්නෙ එංගලන්තේ මහ රැජින ඇවිල්ලද..? ඉතිං ඔබ ප්‍රවේසම් විය යුතු හෝරාවක් දැන් එළැඹිලා තියෙනවා.. මහ ඉහලින් මගුලක් ගන්නවට වඩා ඒ වියදම් වෙන ටික තමන්ගෙ ඉදිරි ජීවිතය පවත්වාගෙන යාමට උපකාර කරගන්න වෙන කාලය දැන් පැමිණිලා.. ඒක අපි කැමති උනත් අකමැති වුණත් පිළිගන්න වෙනවා.. අපේ සම්ප්‍රධායට ගරු කරන්න ඕනෙ තමයි.. ඒවායේ හර පද්ධති රැකගන්න ඕන තමයි.. ඒත් ඉස්සර අපේ ආත්තලා මුත්තලා කෙරුවා වගේ ගම් හතකට කියලා මගුල් කන්න තරම් සුදුසු වාතාවරණයක් අද කාලෙ නැහැ.. එහෙම ලක්ෂ ගණන් වියදම් කරගෙන මංගල උත්සවයක් ගැනීම වැරදියි කියලවත් වියදම්වැඩි නිසා මගුල් ගෙයක් ගන්න එපා කියලවත් නෙමේ මේ කියන්නෙ.. ඒක කුණුකමකට එහෙමත් නැත්නම් ලෝබ කමකට කරන්න කියනවා නෙමේ.. ඔබ මංගල උත්සවයක් ගන්න.. ඒ ඔබේ තරමට ගැළපෙන විදියට.. ලෝකෙට පේන්න බොරු ෂෝ එකක් පෙන්නලා පුංචි ආතල් එකක් යහළුවන්ට දුන්නට වැඩක් නැහැ.. ඒක හින්දා ගෙනාව කෙල්ලත් එක්ක විදව විදව ඉන්න වෙනවා නම්.. දැන් ඔබට හිතිලත් ඇති මේ කියන්නෙ නම් මගුල් ගෙයක් ගැනීම වැරදි වැඩක්වත්ද කියලා.. ඇයි ඉතිං කියාගෙන ආවෙම ඒ වගේ කතාවක් හින්දා, එහෙම හිතෙන එකත් සාධාරණයි.. නමුත් මේ කියන දේ හරියට ඔලුවට වැටුණ නම් මං කියන දේ තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ..[/FONT]

    [FONT=&quot]ඉතිං අපිට බැරිද මේ වියදම්කාරී මංගල උත්සවය වියදම් අවම වන විදියට කරන්න.. ඔබට එහෙම හිතුණෙම නැද්ද..? අර හැමෝම කරන්නා වගේ සුද්දා වගේ සල්ලි වියදම් කරන්න බලන් හිටියෙ හරියට මහා භාණ්ඩාගාරය ගෙදර තියෙනවා වගේනෙ.. එහෙම නෙමෙයි, මේක වියදම් අඩු විදියෙ එක්ක කරන්න බලන්න.. අන්න එතනයි තරුණ ඔබගේ ජීවිතේ ලස්සනම දවස නියම විදියට ගත කළා කියලා කවද හරි දවසක සතුටු වෙන්න හැකි වෙන්නෙ..[/FONT]

    [FONT=&quot]ඔබ හිතාගෙන හිටියෙ මංගල උත්සව ශාලාවකට වෙඩින් එක භාර දෙන්නනේ.. ඇයි ඒක අපේ ගෙදර ගන්න බැරිද..? ඇයි ගෙදර එදාට වහලා දාලා තියෙන්නෙ.. දැන් ඔබ කියයි අපේ ගෙදර පුංචියි, ඒකට සිය ගාණක් එක්ක යන්න පුළුවන්ද කියලා.. ඔෆිස් එකේ අයයි, යාළුවොයි දැන ගත්තොත් එහෙම අපේ ගෙදර තත්වය එහෙම, ඒක ඔයාට හොද නෑ කියලා ඔයා හිතන්න ඇති.. සමහර විට ඔබේ ප්‍රේමවන්තියගේ නෑදෑයින්ට ඔබේ ඇත්ත සොබාව හෙළි වුනොත් කියලා ඔබ හිතන්න ඇති.. ඒ වගේම ඔබේ පෙම්වතිය කියන්න ඇති අපේ මංගල උත්සවය ටිකක් ලොකුවට ගමු කියලා..[/FONT]

    [FONT=&quot]ඒත් දැන් එහෙම වැඩ කරන්න පුළුවන් විදියෙ කාලයක් නෙමේ උදාවෙලා තියෙන්නෙ.. ආදරේ කරද්දි ලස්සන ලස්සන සිහින මාලිගා හදාගෙන ඒවායේ රජවරු රැජිනියන් වෙලා හිටියට මොකද මහ පොළවෙ පය ගහලා ජීවත් වෙන දාට තමයි ඔබට මේකෙ බැරෑරුම් කම දැනෙන්න පටන් ගන්නේ.. එදාට තමයි ඔබට තේරෙන්නෙ මගුලට ආපු එකෙක්වත් මොකක් හරි ප්‍රශ්නයක් වුණුදාට ඔබට නැති විත්තිය.. එකින් එක වියදම් පාර්ශවය ඉහළ යනකොට ඔලුව ගිනි ගන්නෙ ඔබේ මිස ඔය උත්සව වලට විතරක් එකතුවෙන නෑදෑයන්ගෙ හරි යාළුවන්ගෙ හරි නෙමේ.. ඉතිං ඔබට බැරිද මේ දෙය ඔබේ ප්‍රේමවන්තියට පැහැදිලි කරලා දෙන්න.. ඔය කොයි කෙනෙක්වත් කියන දේවල් ඔබට වැඩක් නැහැ.. ඇයත් සමග මේ ගැන කතා කරන්න.. ඇයට වටහලා දෙන්න අද උදාවෙලා තියෙන අවාසනාවන්ත තත්වය.. ඇය මෙය තේරුම් නොගෙන ඉන්න එකක් නැහැ.. මොකද මැරෙනකම්ම ජීවත්වේනනෙ ඔයාලා දෙන්නනෙ.. ඇයි නිකන් කෙල්ල ගෙදරට ගෙනාවා කියලා කවුරුවත් නඩු දාන්නද..? ඉතිං බොහෙම පරිස්සමින් වියදම් කටයුතු කිරීම කරන්න වෙනවා.. සමහර විට ඔබේ ප්‍රේමවන්තිය කියාවි හැමදාම මගුල් කන්නෙ නැහැනෙ කියලා.. ඒක හින්දා ටිකක් ලොකු උත්සවයක් ගත්තට මොකද කියලා.. නමුත් මේ දෙය තේරුම් කරලා දුන්නට ප්සසෙ ඇය ඇත්ත තත්වය තේරුම් ගනීවි.. ඒක අදට වඩා හෙටට වැදගත් වේවි.. [/FONT]

    අවසානයි
    signt.gif

    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    සටහන - අමිත් මධුරංග
    [email protected]
    2012-06-04
    .................................................. .................................................. .............................

    • Like
    Reactions: waligamaya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,832
    3,414
    113
    mamath bohoma akamathi deyak thama lokuwata wedding ganna eka..:yes: eth ithin kellagen thama prashne enne..:rolleyes:
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    mona kelada kiypanko akmethi thmange wedding eka lassnata argane nethiwa enna. :baffled::rolleyes:
    kolanta nam ganak na wediya. eth oka kelnata...:baffled::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mamath bohoma akamathi deyak thama lokuwata wedding ganna eka..:yes: eth ithin kellagen thama prashne enne..:rolleyes:
    :( පැහැදිලි කරලා දියන් මචං.. එතකොට තේරුම් ගනිවී.. අපේ එවුන් ගොඩක් දෙනෙක් ඇනගත්තා රජ මගුල් ගන්න ගිහින්.. පට්ට ලෝන් අරගෙන ගෙවාගන්නවත් බෑ දැන්..

    තෑන්ක්ස් නුවන් අයියා.. (බැඳපු නිසා වැඩක් නැති වෙයි :lol::lol:)

    mona kelada kiypanko akmethi thmange wedding eka lassnata argane nethiwa enna. :baffled::rolleyes:
    kolanta nam ganak na wediya. eth oka kelnata...:baffled::rolleyes:
    හ්ම්.. හැම කෙල්ලම කැමති තමා මචං.. ඒ විදියට වෙඩින් එකක් අරන් සුපිරියට ඉන්න හැම කොල්ලටම බෑනෙ.. රට වටේ ණය වෙනවා ඒපාර.. ඒකෙන් වෙන්නෙ අන්තිමට ඉන්න තැනත් නැතුව පාරට බහින්න.. ලෝන් ගෙවාගන්න බැරිව.. අවසාන ප්‍රතිඵලය තමා ලෝකෙට ණයකාරයෙක් බිහිවීම.. දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන කෙල්ලෙක් නම් ඕක අනිවා තේරුම් ගනියි.. බක පණ්ඩිත අයට කිව්වට අහන්නෙ නෑ මචං.. :no:

    good post, which sense the reality!!!
    ස්තුතියි මචං ප්‍රතිචාරයට..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෑන්ක්ස් නුවන් අයියා.. (බැඳපු නිසා වැඩක් නැති වෙයි :lol::lol:)
    000206A2.gif

    අද පෝය දවස නිසා මම උබට මුකුත් කියන්නේ නැහැ මල්ලි
    කිව කියල හිතා ගනින් ,,,,,,,,, පස්සේ අහුවෙයන්කෝ ...................
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000206A2.gif

    අද පෝය දවස නිසා මම උබට මුකුත් කියන්නේ නැහැ මල්ලි
    කිව කියල හිතා ගනින් ,,,,,,,,, පස්සේ අහුවෙයන්කෝ ...................

    a%C4%9Flama.gif

    අපොයි.. මම හිතුවෙ බැඳලා කියලයි..
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    a%C4%9Flama.gif

    අපොයි.. මම හිතුවෙ බැඳලා කියලයි..
    2.gif
    000203F6.gif

    මම බැන්දනම් උබ දන්නේ නැති වෙන්ඩ විදිහක් නැහැනේ,,,,,,,
    මගුල් වියදම් ගැන ට්‍රේඩ් දාන්නේ මට පෙන්නේ ලගදී උබ මොනවහරි කොරගන්ඩ යනවා වගේයි මල්ලි ............
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000203F6.gif

    මම බැන්දනම් උබ දන්නේ නැති වෙන්ඩ විදිහක් නැහැනේ,,,,,,,
    මගුල් වියදම් ගැන ට්‍රේඩ් දාන්නේ මට පෙන්නේ ලගදී උබ මොනවහරි කොරගන්ඩ යනවා වගේයි මල්ලි ............
    :lol::lol::lol:

    අම්මෝ තාම නෑ තාම නෑ නුවන් අයියෙ.. :lol:

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මෙයාගේ වත්කම ඇමරිකානු ඩොලර් $17.5. කවුරුත් දන්නවනේ ඉතින් මෙයා කවුද කියල!

    facebook_wedding.jpg

    ඔන්න මම පොඩි විස්තර ටිකක් කියන්නන් මෙයාලගේ wedding එක ගැන....

    කෙල්ලගේ කරේ මාලයක් වත් නෑ. එකට ඉතින් අපේ උදවිය...... කියන්න ඕන නෑ නේ ඉතින්.... කරේ දාගෙන ඉන්න රත්තරන් ගොඩ! මේ කෙල්ලට තියෙන්නේ මුද්දක් විතරයි. එකත් simple ruby gem වලින් තමා හදල තියෙන්නේ. $25,000 විතර තමයි කියන්නේ. එහේ හැටියට නම් මේක හරි පොඩි ගානක මුද්දක්. මොකද කියනවා නම් ඇන්ජලිනා ජොලී ගේ මුද්ද $1 million, Prince Charle's wife's ring $1 million. Jennifer Lopez between $1.5 and $2 million, Paris Hilton $4.7 million. ඉතින් මෙයාලගේ ඒවත් එක්ක මේක කොච්චර පොඩි මුද්දක්ද??

    මෙයා හිතවත් ඥාති 100ට විතරයි invite කරලා තියෙන්නේ. එයාලගේ ගෙදර පිටි පස්සේ තමා wedding එක අරගෙන තියෙන්නේ.... the daily mail වාර්තා කරන අන්දමට එක් කෑම පිගානක් සඳහා ඔවුන් වියදම් කර ඇත්තේ $7.50 වගේ ගානක්. මතක තියාගන්න මේ America වල. එහේ හැම දෙයක්ම මිල වැඩි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ!! අපේ කට්ටිය ලංකාවේ කෑම plate එකකට මීට වඩා කීගුනයක් වියදම් කරනවද බලන්න....... Cinnamon Garden, Water's edge වල අඩුම plate එකක් උනත් 3000-4000 ක් වත් ඇති... ඒ කියන්නේ $35ක් විතර... මෙහෙ ගණන නම් මට එච්චර sure නැහැ.

    වෙනත් ප්‍රසිද්ද කට්ටිය මනමාලිගේ ඇඳුමට මිලියන ගණනක් වියදම් කරනකොට මෙයාල වියදම් කරලා තියෙන්නේ $4,700 වගේ පොඩි මුදලක්....

    honeymoon ගන්න ගිහිල්ල තියෙන්නේ peru කියන කුඩා රාජ්‍යයට.

    මේවා අපේ ගෑනුන්ට කොච්චර ආදර්ශයක් ද????

    මම නම් දන්නා තොරතුරු ඔච්චරයි යාලුවනේ.... ඔයාල අමාරුවෙන් උපයන මුදල් නිකන් මුදලාලිලා සහ කොම්පැනි පෝසත් කරන්නේ නැතුව අඩු වියදමින් චාම්ව ගන්න. මේ වගේ කෝටි ප්‍රකොටිපතියෙකුගේ චාම් මංගල උත්සවය අප කාටත් හොඳ ආදර්ශයක්...... අපට වඩා මම හිතන්නේ මේක අද කාලේ ඉන්නේ ගෑනුන්ට නම් හොඳ ආදර්ශයක්.....

    ඔන් මම ගිය! tata.bye! rep+
     
    • Like
    Reactions: chami_84

    ape ewunta ona show eka ne ban..:dull: