...::: මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.? :::...
පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT="]මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.?
අපි මංගල උත්සවයක් ගන්නෙ මොකටද කියා විමසලා බැලුවොත් ඒක කෙනෙකුගෙ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය කියලා කියන්න පුළුවන්.. ඒ හින්දා එය උත්සවාකාරයෙන් සමරන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.. මෙහිදී පෝරුවෙ චාරිත්‍ර, මංගල මුදුව පැළැදවීම, අෂ්ඨක කියැවීම වැනි චාරිත්‍ර රැසක් සිද්ධ කරනවා.. මෙලෙසින් පෝරුවේ චාරිත්‍ර, අෂ්ඨක කියැවීම්, පළමුවෙනි දිනය, දෙවැනි දිනය, මධුසමය තරු පන්තියේ හෝටල් හොයාගෙන යාම ආදිය කරන්නේ ඇයි..? ඇත්තටම අපි සාමාන්‍යෙයන් පෙර සදහන් කළ ආකාරයේ සිරිත් විරිත් පෝරුවේ චාරිත්‍ර ආදිය කරන්න ඕනෙද..? අද දවසේ වටපිටාවත් එක්ක එහෙම කරන්න පුළුවන්ද..? මොකද ඔබට ඒ ගැන හිතෙන්නෙ..? අනිවාර්යෙන්ම ඒවා නොකර කොහොමද කියලා සමහරුන්ට හිතිලා ඇති.. ඒ වගේම අද කාලේ ඕවා කරන්න තියා ජීවත් වෙන්නවත් විදියක් නැතිව ඉන්න මොහොතක කොහොමහරි රෙජිස්ටර් ගාව අත්සන් කරලා කෙල්ල ගෙදරට කැන්දන් එන්න තමයි ගොඩක් දෙනෙක් කැමති.. ඒත් සමහරුන්ට තමන්ගෙ තත්වය, තරාතිරම පෙන්වන්න ඕන හින්දා පෝරුවට නගින්න වෙනවාමයි.. ඒ කියන්නෙ හැමෝටම ලොකු පාටියක් දීමේ දැවැන්ත උත්සාහයක ඔවුන් නිරත වෙනවා..[/FONT]
[FONT="]පෝරුව ගැන, මංගල දිනය ගැන කතාව පැත්තකින් තියලා ඔබේ ආර්ථික වටපිටාව දෙසට පොඩ්ඩක් හැරෙමු.. ඔබ දැන් කරගෙන යන රැකියාව කුමක් වුණත් ඒකෙන් ලක්ෂ ගණන් පඩි ගන්නවද..? නැහැනේ.. ඕන්නම් ඔබේ වයසෙ ඉන්න සීමිත පිරිසක් එහෙම ගන්නවා ඇති.. ඒ තා්තතගෙ හරි, ගෙදර කාගෙහරි කොම්පැනියක තනතුරක් දරන හින්දා එහෙම වෙන්න පුළුවන්.. ඒත් ඔබ මොන රැකියාවෙ නිරතවෙලා හිටියත්ඒකෙන් යන්තම් ජීවත් වෙන්න තරමට පඩියක් ලැබෙන එකනම් සිකුරුයි.. කොළඹ නැවතිලා ඉදගෙන රැකියාව කරන කෙනෙක් නම් බෝඩිම් ගාස්තු ගෙවාගෙන, කෑමට බීමට වියදම් කරගෙන, බස් ගාස්තු වලටත් වෙන් කලාම කීයද බලන්න ඉතුරු වෙන්නෙ.. ඒකත් එක පාරක් ගමේ ගිහින් එනකොට ඉවර වෙනවා.. සමහර විට ආපහු කොළම එන්න වේනනෙ ගෙදරින් කීයක් හරි ඉල්ලගෙන.. මේක මේ කොළඹ රැකියාවෙ නිරතවෙලා ඉන්න අයට විතරක් බලපාන දෙයක් නෙමේ.. මේ රටේ ඉන්න අතිබහුතරයක් දෙනා භුක්ති විදින, හිතින් විදවන ජීවිත වල කටුක තිත්තම තිත්ත ඇත්ත කතාවයි..[/FONT]
[FONT="]දැන් ඔබ විවාහ වෙන්න ඉන්න වයසෙ කෙනෙක්.. ඒ කියන්නෙ හිරිමල් යොවුන් විය පසුකරමින් ඉන්න කෙනෙක්.. ඔබටත් ප්‍රේමවන්තියක් ඇතිනෙ.. නැතිවෙන්න විදියක් නැහැ.. එහෙම වෙනවා නම් ඒ ටික දෙනෙකුට විතරයි.. ඔබ තෝරාගත් පෙම්වතිය වුණත් දැන් හරි කැමැත්තෙන් ඇති රජ මගුලක් අරගෙන නෑදෑයො සියළු දෙනාටයි, යහළුවො සියලු දෙනාටයි කියලා ජීවිතයෙ ලස්සනම දවසේ හොද මතක සටහනක් තබාගන්න.. ලස්සන වෙඩින් ඇල්බමයක් හදාගෙන වීඩියෝ එක්ක කරගෙන ලස්සන මතක සැමරුමක් තියාගන්න දැන් ඔබ සැලසුම් කරලත් ඇති.. බොහොම හොදයි..! කවුද අකමැති තමන්ගෙ මංගල දිනය මේ විදියට ගත කරන්න.. මංගල දිනයේ අත්‍යවශ්‍යම දෙයක්නේ රත්රන් කියන එක.. කීය වුණත් අතේ තියෙන ඔක්කොම වියදම් වුනත් හොදම වර්ගයේ තියෙන කැරට් විසි දෙකේ හරි විසි හතරෙ හරි රත්රන් වලින් අත කන කර පිරිලා තියෙන කොට ලස්සනයි තමයි.. අමුතුම පෙනුමක් එනවා තමයි.. ඒත් මේ තියෙන ආර්ථික රටාවත් ඒකක කොහොද මේ විදියෙ මංගල උත්සවයක් ගන්නෙ.. කන, කර අත හැබෑම රත්රන් වලින් පුරෝගෙන මංගල උත්සවයක් ගන්න පුලුවන්ද කියන එක අද කාට වුනත් ගැටලුවක්.. අද රත්තරන් පවුමක මිල කීයද..? පනස්දාහකටත් කිට්ටුයි නේද..? මංගල උත්සවයක් ගන්නවානම් ඒ සදහා වෙන්වුණු උත්සව ශාලාවක් වෙන්කර ගන්න වෙනවා.. ඒවාට අවශ්‍ය කෑම බීම ප්ලේට් ගානෙ වෙන්කරනවා.. ඊට අමතරව රූපලාවන්‍ය සදහා, ඡායාරූප ශිල්පියාට, වීඩියෝ කරන කෙනාට, ගමන් බිමන් යාමට අවශ්‍ය වාහන සදහා.. කොච්චර නම් වියදමක්ද..? අඩුගානෙ ඡායාරූප ශිල්පියාට වෙන්කරන ගානවත් ඔබ කරන රැකියාවෙන් එක මාසෙකට ලබාගන්නවද..? හරිම ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නෙ නේද..? ඒත් මේකට මුහුණ දෙන්නත් ඕන..[/FONT]
[FONT="]ඔබ තරුණයෙක් ලෙස අලුතින් හිතන්නට කාලය දැන් පැමිණිලා තියෙනවා.. එතෙන්දි අපි සම්ප්‍රදායට ගරුකරන්න ඕන කියලා හිතාගෙන අතේ තියෙන සේරම සල්ලි ටික වියදම් කරගෙන ඊට අමතරව අහල පහල අයගෙන් තව ණයටත් අරගෙන, මහ ඉහළින් ලෝකෙටම පේන්න අණබෙර ගහලා මංගල උත්සවයක් ගත්තා කියමුකො.. ඊට පස්සෙ තමන්ගෙ ප්‍රේමවන්තියව තම බිරිද හැටියට ගෙදරට ගෙනාවට පස්සෙ කන්න බොන්න දෙන්න පුළුවන් ආර්ථික වටපිටාවක් ඔබට නිර්මාණය වෙලා තියේවිද..? වෙච්ච ණය ගෙවන්නෙ එංගලන්තේ මහ රැජින ඇවිල්ලද..? ඉතිං ඔබ ප්‍රවේසම් විය යුතු හෝරාවක් දැන් එළැඹිලා තියෙනවා.. මහ ඉහලින් මගුලක් ගන්නවට වඩා ඒ වියදම් වෙන ටික තමන්ගෙ ඉදිරි ජීවිතය පවත්වාගෙන යාමට උපකාර කරගන්න වෙන කාලය දැන් පැමිණිලා.. ඒක අපි කැමති උනත් අකමැති වුණත් පිළිගන්න වෙනවා.. අපේ සම්ප්‍රධායට ගරු කරන්න ඕනෙ තමයි.. ඒවායේ හර පද්ධති රැකගන්න ඕන තමයි.. ඒත් ඉස්සර අපේ ආත්තලා මුත්තලා කෙරුවා වගේ ගම් හතකට කියලා මගුල් කන්න තරම් සුදුසු වාතාවරණයක් අද කාලෙ නැහැ.. එහෙම ලක්ෂ ගණන් වියදම් කරගෙන මංගල උත්සවයක් ගැනීම වැරදියි කියලවත් වියදම්වැඩි නිසා මගුල් ගෙයක් ගන්න එපා කියලවත් නෙමේ මේ කියන්නෙ.. ඒක කුණුකමකට එහෙමත් නැත්නම් ලෝබ කමකට කරන්න කියනවා නෙමේ.. ඔබ මංගල උත්සවයක් ගන්න.. ඒ ඔබේ තරමට ගැළපෙන විදියට.. ලෝකෙට පේන්න බොරු ෂෝ එකක් පෙන්නලා පුංචි ආතල් එකක් යහළුවන්ට දුන්නට වැඩක් නැහැ.. ඒක හින්දා ගෙනාව කෙල්ලත් එක්ක විදව විදව ඉන්න වෙනවා නම්.. දැන් ඔබට හිතිලත් ඇති මේ කියන්නෙ නම් මගුල් ගෙයක් ගැනීම වැරදි වැඩක්වත්ද කියලා.. ඇයි ඉතිං කියාගෙන ආවෙම ඒ වගේ කතාවක් හින්දා, එහෙම හිතෙන එකත් සාධාරණයි.. නමුත් මේ කියන දේ හරියට ඔලුවට වැටුණ නම් මං කියන දේ තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ..[/FONT]
[FONT="]ඉතිං අපිට බැරිද මේ වියදම්කාරී මංගල උත්සවය වියදම් අවම වන විදියට කරන්න.. ඔබට එහෙම හිතුණෙම නැද්ද..? අර හැමෝම කරන්නා වගේ සුද්දා වගේ සල්ලි වියදම් කරන්න බලන් හිටියෙ හරියට මහා භාණ්ඩාගාරය ගෙදර තියෙනවා වගේනෙ.. එහෙම නෙමෙයි, මේක වියදම් අඩු විදියෙ එක්ක කරන්න බලන්න.. අන්න එතනයි තරුණ ඔබගේ ජීවිතේ ලස්සනම දවස නියම විදියට ගත කළා කියලා කවද හරි දවසක සතුටු වෙන්න හැකි වෙන්නෙ..[/FONT]
[FONT="]ඔබ හිතාගෙන හිටියෙ මංගල උත්සව ශාලාවකට වෙඩින් එක භාර දෙන්නනේ.. ඇයි ඒක අපේ ගෙදර ගන්න බැරිද..? ඇයි ගෙදර එදාට වහලා දාලා තියෙන්නෙ.. දැන් ඔබ කියයි අපේ ගෙදර පුංචියි, ඒකට සිය ගාණක් එක්ක යන්න පුළුවන්ද කියලා.. ඔෆිස් එකේ අයයි, යාළුවොයි දැන ගත්තොත් එහෙම අපේ ගෙදර තත්වය එහෙම, ඒක ඔයාට හොද නෑ කියලා ඔයා හිතන්න ඇති.. සමහර විට ඔබේ ප්‍රේමවන්තියගේ නෑදෑයින්ට ඔබේ ඇත්ත සොබාව හෙළි වුනොත් කියලා ඔබ හිතන්න ඇති.. ඒ වගේම ඔබේ පෙම්වතිය කියන්න ඇති අපේ මංගල උත්සවය ටිකක් ලොකුවට ගමු කියලා..[/FONT]
[FONT="]ඒත් දැන් එහෙම වැඩ කරන්න පුළුවන් විදියෙ කාලයක් නෙමේ උදාවෙලා තියෙන්නෙ.. ආදරේ කරද්දි ලස්සන ලස්සන සිහින මාලිගා හදාගෙන ඒවායේ රජවරු රැජිනියන් වෙලා හිටියට මොකද මහ පොළවෙ පය ගහලා ජීවත් වෙන දාට තමයි ඔබට මේකෙ බැරෑරුම් කම දැනෙන්න පටන් ගන්නේ.. එදාට තමයි ඔබට තේරෙන්නෙ මගුලට ආපු එකෙක්වත් මොකක් හරි ප්‍රශ්නයක් වුණුදාට ඔබට නැති විත්තිය.. එකින් එක වියදම් පාර්ශවය ඉහළ යනකොට ඔලුව ගිනි ගන්නෙ ඔබේ මිස ඔය උත්සව වලට විතරක් එකතුවෙන නෑදෑයන්ගෙ හරි යාළුවන්ගෙ හරි නෙමේ.. ඉතිං ඔබට බැරිද මේ දෙය ඔබේ ප්‍රේමවන්තියට පැහැදිලි කරලා දෙන්න.. ඔය කොයි කෙනෙක්වත් කියන දේවල් ඔබට වැඩක් නැහැ.. ඇයත් සමග මේ ගැන කතා කරන්න.. ඇයට වටහලා දෙන්න අද උදාවෙලා තියෙන අවාසනාවන්ත තත්වය.. ඇය මෙය තේරුම් නොගෙන ඉන්න එකක් නැහැ.. මොකද මැරෙනකම්ම ජීවත්වේනනෙ ඔයාලා දෙන්නනෙ.. ඇයි නිකන් කෙල්ල ගෙදරට ගෙනාවා කියලා කවුරුවත් නඩු දාන්නද..? ඉතිං බොහෙම පරිස්සමින් වියදම් කටයුතු කිරීම කරන්න වෙනවා.. සමහර විට ඔබේ ප්‍රේමවන්තිය කියාවි හැමදාම මගුල් කන්නෙ නැහැනෙ කියලා.. ඒක හින්දා ටිකක් ලොකු උත්සවයක් ගත්තට මොකද කියලා.. නමුත් මේ දෙය තේරුම් කරලා දුන්නට ප්සසෙ ඇය ඇත්ත තත්වය තේරුම් ගනීවි.. ඒක අදට වඩා හෙටට වැදගත් වේවි.. [/FONT]

අවසානයි
.................................................. .................................................. .............................
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
සටහන - අමිත් මධුරංග
[email protected]
2012-06-04