මංගල යෝජනාවක් ගැන සැලකිළිමත් වෙත්දී

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මංගල යෝජනාවක් ගැන සැලකිළිමත් වෙත්දී

    ආදර සම්බන්ධතා වලින් විවාහ වෙන අය හරිම වාසනාවන්තයි කියලා කියනවානේ. ඒ කතාවේ සත්‍යතාවක් නැත්තේම නැහැ. ගොඩක් වෙලාවට එහෙම ආදර සම්බන්ධතා වලින් විවාහ වෙන අය අතරේ රණ්ඩු සරුවල් ඇතිවීම බොහොම අඩු බව කියනවා.

    මේ කතන්දර වල ඇත්ත නැත්ත කොහොම වුනත් මංගල යෝජනා වලින් විවාහ පත් වෙන ජෝඩු එහෙමත් නැත්තේම නැහැ. ආදර සම්බන්ධතාවයකදී හදවතින් තීරණ ගන්නා ප්‍රමාණය වැඩි වෙන අතරේ මංගල යෝජනා හරහා විවාහ වෙන්නේ මොළයෙන් තීරණ ගන්නා අය බවද කියනවා. ඒ මොනවා වුනත් මේ පාර්ශව දෙකේම කට්ටිය අඩු වැඩි වශයෙන් ජීවිතේ ගොඩ දාගන්න බව නම් කියන්නම ඕනේ. ආදර සම්බන්ධතා හරහා සිදුවන විවාහයන් ගැන කියවෙන ලිපි බොහොමයක් තිබ්බට මංගල යෝජනා හරහා වෙන මගුල් තුලාවකදී නිසි පරිදි කටයුතු කරන්නේ කොහොමද කියලා ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඉතින් අනිවා අපි හිතුවා මේ ගැන අපි දන්නා දේවල් එකතු කරලා ඔබටත් විස්තර ටිකක් කියන්න.[/COLOR]



    1. මගුල් සෙවීම:sorry::sorry::sorry:

    Arranged Marriages A to Z
    Source – ananmanan.lk/dukak-danenna-epa-sandun-perera
    ගොඩක් වෙලාවට මංගල යෝජනාවක් කරන්නට හැකි විදි කීපයක් තිබෙනවා. ඒවා එකිනෙකට වෙනස් වෙන බව නම් කියන්නට ඕනේ.

    පත්තර
    බොහෝ වෙලාවට ලංකාවේ ඉරිදා පත්තර වල වෙනම අතිරේක මංගල යෝජනා වලටම වෙන්වී තිබෙනවා. මෙහි ඇති වාසිය වෙන්නේ කපුවන් සඳහා යන වියදම් ඉතුරු වී ඒ කර්තව්‍ය අපිට අඩු වියදමකින් කර ගැනීමට හැකිවීමයි.
    මිතුරන් සහ නෑයින්
    තමන්ගේ මිතුරාට හෝ නෑයාට ගැලපෙන කෙල්ලෙක් හෝ කොල්ලෙක් දුටුවහොත් අපේ හිතවතුන් ඔවුන්ගේ සමීපතම කෙනෙකුට යෝජනාවක් කරන්නට මැලිවන්නේ නැහැ.
    කපුවන්
    කපු මහත්වරුන් කියන්නේ මංගල යෝජනා සම්බන්ධයෙන් අනුගමනය කල පැරණිම ක්‍රමවේදයයි. ඔවුන් ඉස්සර නම් මනාලියගේ දෑවැද්දෙන් යම් ප්‍රතිශතයක් අයකර තිබුනත් වර්තමානයේදී පාර්ශව දෙකෙන්ම යම් කිසි මිලක් කතිකා කරගෙනයි ඔවුන්ට යෝජනාවන් කරවන්නේ.
    අන්තර්ජාලය
    නවීන තාක්ෂණයත් මේ වෙද්දි මගුල් තුලා හෙවිල්ලෙදි පිහිටට ඇවිල්ලයි තියෙන්නෙ. මංගල සේවා සපයන වෙබ් අඩවියක ලියාපදිංචි වීමෙන් ඔබේ මංගල දැන්වීම පළ කරගැනීමට හෝ ඔබට සුදුසු සහකරුවෙක් සහකාරියක් හොයාගැනීමට පුලුවන්කම තිබෙනවා. Sri Lankan Matrimony, partner.lk, Gowri Lanka කියන්නෙ ඒ විදිහෙ සේවා සපයන වෙබ් අඩවි කිහිපයක්.


    2. කල්පනා කර බලන සාධක :eek::eek::eek:

    Arranged Marriages A to Z
    Source – youtube.com/Sikuru Hathe
    කතා බහ කරගන්න අතරතුර අදාළ පාර්ශවය ගැන වටපිට සෙවුමක් දාන එක හරි වටිනවා. ඊට අමතරව අදාළ යෝජනාව සම්බන්ධයෙන් පහත තිබෙන දේවල් ගැනත් කරුණු සොයා බලනවා.

    පවුල් පරිසරය
    යෝජනාව කරන හෝ ගෙනෙන කෙනා මේ ගැන බොහොම අවධානයක් යොමු කරනවා. එහිදී ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ පවුලේ වැදගත්කම, ගමේ හෝ ජීවත්වෙන ප්‍රදේශයේ සැලකීම වගේ කාරණාවන්.
    පෙනුම සහ වයස
    හම්මේ!! මෙන්න මේකත් හොඳටෝම බලන බව නම් අනිවා ෆැක්ට් එකක් තමයි. ඒ නිසානේ මංගල යෝජනාවක් පත්තරේ වැටෙනකොට, වයස නොපෙනෙන, 35ක් වුනත් 20ක් වගේ පෙනෙන වගේ කොටස් දාලා මංගල යෝජනාව දාන්නේ. ආදරේට වයස් භේදයක් නැති වුනාට මංගල යෝජනාවලට තියෙන බව හිතට ගන්න ඕනේ කියන එකයි මේකේ බොටම් ලයින් එක.
    කුලය, ආගම සහ ජාතිය
    අපි කොච්චර රටට ලෝකෙට කිව්වත් කුලය වගේ දේවල් සමාජයෙන් තුරන් කරලා දාන්න ඕනේ කියලා. ලංකාවේ මගුල් තුලාවකදී කවදාවත් කුලය කියන දේවල් ඉවත් වෙන්නේ නැහැ. විවාහයක් කරගන්න පාර්ශවයක් හොයද්දි ඒ අයගෙ කුලය හොයන එක අනිවා අපේ අය කරන වැඩක්. මේ නිසා බොහෝ විට සම කුල, සම ජාති, ආගම් තිබෙන අය අතරේ තමයි විවාහ කෙරෙන්නේ.
    වත්කම සහ රැකියාව
    රැකියාව සහ ආදායම් තත්ත්වය කියන දේ අනිවා බලන කරුණු අතරට ගැනෙනවා. දෙදෙනෙකුගේ අනාගතය සම්බන්ධයෙන් ආදරය විතරක් නෙවෙයි ආදායම සහ වත්කමත් සවිමත්ව තිබුනොත් තමයි, ඉතින් මේ නිසා මනමාලයාට පවුලක් ඉස්සරහට අරගෙන යන්නට තරම් ආර්ථික ශක්තියක් තිබෙනවාද, මනමාලියට ඒ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සහය දෙන්නට තරම් මුල්‍යමය වටපිටාවක් තිබෙනවාද කියන එක තමයි වත්කම සහ රැකියාව ගැන සොයා බැලීම් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ.


    3. තෝරාගත් පසුව දුරකථනයෙන් හෝ තැපැල් මාර්ගයෙන් ඇමතීම :yes::yes:

    Arranged Marriages A to Z
    Source – youtube.com/Deweni Inima
    ඉතින් මෙහෙම තෝරාගත්තට පස්සේ එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට ලිපියකින් හෝ දුරකථන ඇමතුමකින් අමතා, තම විස්තර කියා, තමන්ගේ දුව හෝ පුතාව අනෙක් පාර්ශවයේ සිටින දුව හෝ පුතාට යෝජනා කිරීමට කැමති බව පවසා සිටිනවා.

    වර්තමානයේදී නම් කේන්දර හුවමාරු කරගැනීමටත් පෙර දුව හෝ පුතා යම් සමාජ ජාලයක සිටිනවා නම් ඔවුන්ගේ ඒ සබැඳි ඉල්ලාගෙන හැඩරුව, කල් ක්‍රියාව නීර්ණය කරන අලුත් වැඩ පිළිවෙලකුත් තිබෙන බව ඔබ දැනගත යුතු වෙනවා. 😉



    4. කේන්දර හුවමාරු කර ගැනීම ;);)

    Arranged Marriages A to Z
    Source – mytravelaffairs.com
    ඉන්පසුව දෙපාර්ශවයට අවශ්‍ය (අපි අංක 2 යටතේ සඳහන් කරන ලද) තොරතුරු යම් යම් වශයෙන් කතිකා කරගෙන දෙදෙනාගේ විස්තර සහිත කේන්දර දෙක හුවමාරු කරගනු ලබනවා. මේ ක්‍රමවේදය කපු මහතෙකු හරහා සිදුවෙනවා නම් ඔහු තමයි දෙපාර්ශවයට කේන්දර දෙක ලබා දෙනු ලබන්නේ.

    එහෙම නැති නම් පෙර කියූ පරිදි තැපැල් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් හරහා මේ කටයුත්ත සිදු කරගනු ලබනවා.



    5. ගැලපෙනවාද නැතිද යන්න සාකච්ඡා කිරීම :no::no:

    Arranged Marriages A to Z
    Source – youtube.com/Rathagaya
    ඉන් පසුව ජ්‍යෝතිෂඥයෙකු ලවා දෙදෙනාගේ කේන්දර ගැලපෙනවාද කියා දෙපාර්ශවයෙන්ම වෙන වෙනම පරික්ෂා කර බලවනු ලබනවා. ඉන් පසුව ඉදිරියට පවතින කටයුතු කරගෙන යනු ලබන්නේ කේන්දර එකකට එකක් ගැලපෙනවා නම් පමණයි. එහෙම නැතිනම් ඒ බව සෘජුව කියා ඒ පාර්ශවය සමඟ ඇති ගනුදෙණුව නවතා දමනු ලබනවා. එහෙම දෙයක් වුනොත් ආපහු අංක 01 කොටසේ සිට වැඩකටයුතු කරගතයුතු වෙනවා.



    6. මනමාලිය බලන්නට යාම :):):)

    Arranged Marriages A to Z
    Source – youtube.com/Maliban White Chocolate Puff Ad
    සම්මතයට අනුව කේන්ද්‍ර ගැලපෙනවා නම් යෝජිත මනාලයා විසින් මනමාලියගේ නිවසට යා යුතු වෙනවා. කිසිම විටක මුලින් මනමාලි පාර්ශවය මනමාලයාගේ නිවසට පැමිණෙනු ලබන්නේ නැහැ. මෙසේ යාමේ තවත් එක අරමුණක් තිබෙනවා, ඒ තමයි මනමාලයාගේ පාර්ශවය වෙත මනාලි පාර්ශවය විසින් ලබාදුන්නු තොරතුරු සත්‍යදැයි විමසා බැලීම.



    7. මනමාලයාගේ නිවස වෙත පැමිණීම :lol::lol::lol:
    Arranged-Marriages-A-to-Z-aniwa-07a.jpg
    Arranged Marriages A to Z
    Source – youtube.com/Damith Asanka – Pama Wela
    මනාලියගේ නිවස වෙත ගිය පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්වෙනවා නම් පමණයි මනාලයාගේ නිවසට ආරාධනා කරනු ලබන්නේ.

    එලෙසින් දෙදෙනාගේම නිවාස වලට යාම් ඊම් කිරීමෙන් පසුව දෙපාර්ශවයම සෑහීමට පත්වෙනවා නම් ඉදිරියට මංගල්‍යය කෙරෙන ආකාරය ගැන සහ එයට සම්බන්ධ අතිරේක කටයුතු කතා කරගනු ලබනවා.



    8. දෙදෙනා හඳුනා ගැනීම :cool::cool::cool:
    View attachment 68547
    Arranged Marriages A to Z
    Source – baltana.com
    අලුත හඳුනාගනු ලබන යුවලත් මේ කොටසින් පසු කටයුතු කරන්නේ සාමාන්‍ය පෙම්වතුන් යුවලකගේ ආකාරයෙන්ම තමයි. මෙතනින් පසු දෙදෙනා අතර ආදරයක් ඇති කරගැනීම දෙදෙනාගේ වගකීමක් බව අනිවා සිතට ගතයුතු වෙනවා.

    සැළකිය යුතුයි- ජාති, කුල, ආගම්, පවුල් තත්ත්ව, කේන්දර, දේපොළ ආදායම්, දෑවැදි ආදිය ගැන අපි මෙහි සඳහන් කර තිබෙන්නේ සාමාන්‍යයෙන් අදටත් යෝජිත විවාහ බොහොමයකදී මේ කියන සාධක සළකා බලන නිසා, ඔබේ දැනුවත් වීම උදෙසායි. විවාහයක් සාර්ථක කරගන්නට මේ දේවල් අත්‍යවශ්‍යම සාධක වෙන්නේ නැති බවත් අපි සඳහන් කරන්නට කැමතියි.
     
    Last edited: