දවසක් පාසලකට මංගල සමරවීර ගියපු වේලාවකදී එහි හිටපු සිසු සිසුවියෝ කිහිප දෙනෙකු මංගලට වැඳලා පාසැලට සාදරයෙන් පිලි අරගෙන තියනවා. එදා මංගල පාසලේදී සිසු සිසුවියෝ අමතලා කරපු කතාවේදී කියලා තියනවා " ගුරුවරුන්ට දෙමව්පියන්ට පූජ්යපක්ශයට හැර කවදාවත් දේශපාලකයා ඉදිරියේ දනගහල වඳින්න එපා. ඔයාලා මෙතනදි වැන්දට දේශපාලකයෝ එලියට ගිහින් මොන අපරාදේ කරනවද දන්නෑනේ ඒ නිසා දේශපාලකයාට වඳින්න එපා "
දැනට අවුරුදු ගණනාවකට උඩදී පාසලකට ඇවිත් කරපු කතාවකදී මංගල සමරවීර කියපු මේ වැකිය මට මතක් උනා.
ලෝකයේ ජීවත් වෙන්නම අමාරු ඕනැවට වඩා තමන්ව සීරියස් ගන්න මිනිස්සු එක්ක.
සමාජයෙන් අපට හැම තිස්සෙම අපිට නොයෙක් අනන්‍යතා හදලා දෙනවා. "ඔයා ඉංජිනේරුවෙක්" "ඔයා දේශපාලනඥයෙක්" "ඔයා නීතිඥයෙක්" "ඔයා දොස්තර කෙනෙක්" කියලා. මුලින් ම අපි හිතනවා මේ අනන්‍යතා ඇත්ත කියලා. ඊට පස්සේ ඒ අනන්‍යතා ඇතුළේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ අපි ඒ අනන්‍යතාවල හිරකාරයො වෙනවා.
මට දේශපාලනය හුඟක් කිට්ටු නිසා අපි 'දේශපාලනඥයා' කියන අනන්‍යතාව විතරක් ගම්මු. මේ අනන්‍යතාව ඕනැවට වඩා සීරියස් අරගෙන ඒක ඇතුළෙ හිරවුණ මනුස්සයා කතා කරන විදිය වෙනස් වෙනවා. ඇවිදින විදිහ වෙනස් වෙනවා. ආචාර කරන විදිහ වෙනස් වෙනවා. අඳින පළඳින විදිහ වෙනස් වෙනවා. කොටින් ම බාහිරින් "දේශපාලනඥයා" කියලා නීරස, අසංස්කෘතික, උද්දච්ච මිනිහෙක් නිර්මාණය වෙනවා
ඒ ඔක්කොමත් කමක් නෑ කියමු. ඊට පස්සේ ඒ 'දේශපාලනඥයා' යාළුවො ආශ්‍රය කරන්නේ යාළුවෙක් විදියට නෙවෙයි දේශපාලනඥයෙක් විදියට. සුපර්මාකට් එකකට යන්නේ පාරිභෝගිකයෙක් විදියට නෙවෙයි දේශපාලනඥයෙක් විදියට. චිත්‍රපටියක් බලන්න ෆිල්ම් හෝල් එකට යන්නේ ප්‍රේක්ෂකයෙක් විදියට නෙවෙයි දේශපාලනඥයෙක් විදියට. ආදරය කරන ගැහැනියක් එක්ක යහන්ගත වෙන්නේ ආදරවන්තයෙක් විදියට නෙවෙයි දේශපාලනඥයෙක් විදියට.
සාමාන්‍යයෙන් දේශපාලනඥයෙකු ගේ ඊගො එක ඉතා ම තදින් අර සමාජය හදලා දෙන අනන්‍යතාව එක්ක බැඳිලා තියෙන්නේ. එහෙම මනුස්සයෙක් එක්ක සමාජයේ ඉන්න අනෙක් මිනිස්සු ගනුදෙනු කරන්නේ මොකක් හරි අවශ්‍යතාවක් නිසා පමණයි. එතැනින් එහාට ගිහින් ඒ මනුස්සයා එක්ක ඇත්තට හිතවත් වෙන්න, ඇත්තට ගනුදෙනු කරන්න, ඇත්තට ආදරය කරන්න අනෙක් අයට අමාරුයි. ඒ අමාරුකම සාධාරණයි. ඒ අමාරුකම හින්දම හුදෙකලා වෙන දේශපාලනඥයා අන්තිමේ දී ඒ ඇරියස් එක්ක පිරිමහන්නේ මුළු සමාජය ම එක්ක. හැමදාම රෑට 7 ඉඳන් ටීවී එකේ නිව්ස් බලන හැමෝම ප්රවෘත්ති කියලා මාර උනන්දුවෙන් බලන්නේ දේශපාලනඥයෝ ඒ ඇරියස් එක සමාජයත් එක්ක පිරිමහන විදිහ මිසක් වෙන දෙයක් නෙවෙයි!
මේක ඔබට විකාරයක් කියලා හිතුණට මට පේන්නේ ඛේදවාචකයක් හැටියට. හුඟක් දේශපාලනඥයන්ට කොච්චර සල්ලි හම්බ කළත්, කොච්චර තනතුරු දැරුවත් නියම කාලයේ දී විශ්‍රාම යන්න බැරි මේ අනන්‍යතා අර්බුදය නිසා. හුඟක් වෙලාවට දේශපාලන බලය අහිමි වෙලා පාර්ලිමේන්තුවෙන් එළියට විසිවෙන දේශපාලනඥයෝ ‘විශ්‍රාමය' දරාගන්න බැරුව වැඩි කාලයක් නොගිහින් ලෙඩ වෙලා මැරිලා යන්නෙත් මේ අර්බුදය නිසා.
දේශපාලනය කරන මනුස්සයෙකුට පුළුවන් නම් මේ සමාජය හදලා දෙන අනන්‍යතාව එච්චර සීරියස් එකක් විදියට බාර නොගෙන ඉන්න එතැන ඉතා ම නිදහස්, සුන්දර මනුස්සයෙක් නිර්මාණය වෙනවා. ගඟක් වගේ ඕනැම නැම්මකින් ගලන්න පුළුවන් නිර්මාණශීලි මිනිහෙක් නිර්මාණය වෙනවා. සුළඟක් වගේ ඕනැම වෙලාවක අලුත් වෙන්න පුළුවන් නූතන මිනිහෙක් නිර්මාණය වෙනවා.
එහෙම මනුස්සයෙකුට පුළුවන් සමාජය එක්ක ඇරියස් එකක් නැතුව කන වෙලාවට කන්න. බොන වෙලාවට බොන්න. චිත්‍රපටියක් බලන වෙලාවට චිත්‍රපටියක් බලන්න. ආදරය කරන වෙලාවට ආදරය කරන්න. කැමති කෙනෙකුට, කැමති විදියට ආදරය කරන්න.
අද හවස මංගල ඉන්න වස්තිලගෙ වීඩියෝ එක බලනකොට මට හිතුණේ ඒ වගේ දේවල්. මංගල මේ සෙල්ලම් කරන්නේ සමාජ මාධ්‍ය, නූතනත්වය, ඩිජිටල් යුගය එක්ක විතරක් නෙවෙයි - හුඟක් මිනිස්සුන්ගේ බිඳෙනසුලු ඊගෝ එක්ක, අනන්‍යතා අර්බුද එක්ක, ජීවිත පුරා එකතු වුණු ඇරියස් එක්ක.
මම ඒ ලස්සන සෙල්ලමට මුළු හිතින් ම ආසයි.
-
රසික ජයකොඩි
19 - 05 - 2021

Last edited: