මංගල සර් කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මංගල සර් කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි

    කොරෝනා මර්ධනයට බාල්දියක් පෙරලයි.. ජනාධිපති මුදල් වියදම් කිරීම ව්‍යවස්ථා උල්ලංඝණයක් යයි කියයි..

    DSC_1582-1.jpg


    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    2020 – අතුරු සම්මත ගිණුමෙන් අනුමත කර ඇති බැවින් අප්‍රේල් 30 දක්වා කිසිදූ මුදලක් අනුමත කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථා බලයක් නොමැත.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව
    වාර්තාව- 2020 ප්‍රකාශයට පත් කරන ලදී. මැතිවරණයට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම 2003 මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ
    නෛතික අවශ්‍යතාවයකි.

    වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අපගේ ආර්ථිකයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුඛවිහරණය ට අදාළව මෙම වාර්තාවේ සඳහන් කනස්සල්ලට
    පත් විය යුතු කරුණු කෙරෙහි රජය සහ මහජනතාවගේ අවධානය යොමු කිරීම අපගේ යුතුකමයි.

    ව්‍යවස්ථා විරෝධී ‘අතුරු සම්මත ගිණුම’

    “රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට” මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකියයි. අපේ‍්‍රල් 30
    වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර – රාජ්‍ය
    මූල්‍ය කි‍්‍රයාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.

    කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව තුළ මාර්තු, අප්‍රේල් සහ මැයි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ඊනියා ‘අතුරු සම්මත
    ගිණුමක්’ ගැන සඳහන් වේ. මෙය පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරවූ අතුරු සම්මත ගිණුමක පරස්පරතාවයක් මතු කරයි. ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුම
    ක් සඳහා බලය පැවරිය නොහැක. අතුරු සම්මත ගිණුමක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ජනාධිපති ගේ මෙම ක්‍රියාමාර්ගය බැලූ බැල්මට ආණ්ඩුක්‍රම
    ව්‍යවස්ථාවට පටහැනි වන අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිනුම බලෙන් පැහැර ගැනීමක් වේ.

    ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය අධීක්ෂණ ක්‍රියාවළියක් ලෙස නොපෙනේ. මෙම අවිධිමත් පියවර සඳහා අධිකාරී බලය පැවරීමක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    150 (3) වගන්තිය සඳහන් කරයි. මෙය අපැහැදිලි ය. 150 (3) වගන්තිය පහත පරිදි කියවේ.

    “මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට, පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සපයා නොමැති නම්,
    නව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දින සිට මාස තුනක කාලයක් ඉකුත්වන තෙක් රාජ්‍ය සේවයට අවශ්‍ය යැයි ඔහු සිතිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට
    සහ එම මුදල් වියදම් කිරීමට අවසර දෙන්න ඔහුට හැකිය. ”

    ඉහත පැහැදිලිව පෙනෙන පරිදි, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ වැදගත් සීමාවන්
    දෙකක් දක්වයි.

    මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රජයේ ප්‍රග්ධන වියදම රු. බිලියන 36 ක් විය. කෙසේ වෙතත්, මාර්තු සිට මැයි දක්වා එය රු. බිලියන 150 ක් ප්‍රාග්ධන වියදම් කිරීමට
    රජය අපේක්ෂා කරයි. මෙය “රාජ්‍ය සේවයට අවශ්‍ය අරමුදල්” විය නොහැක.

    මෙම පියවර විධායකය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය පැහැර ගැනීමකි. බලතල බෙදීම මෙතරම් බැරෑරුම් ලෙස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ
    ආධිපත්‍යයට හා මහජන මුදල් වගවීම සඳහා අත්‍යවශ්‍ය වන (Check and Balance )සංවරණ හා තුළනයන්ට බරපතල තර්ජනයකි.

    මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර අයවැයක් සම්මත කිරීමෙන් හෝ වෙනත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමෙන් මෙම අවාසනාවන්ත
    තත්ත්වය පහසුවෙන් වළක්වා ගත හැකිය.

    මුදල් අර්බුදය (Cash Crunch)

    ඉහත සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් අනුමත කර ඇත. අතුරු සම්මත ගිණුම මඟින් රජයට ණය ගැනීමේ සීමාවක් නියම කරයි. රජයේ
    බදු කප්පාදුව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. මෙම තත්වය තුළ, රජයේ ණය ගැනීමේ සීමාව වැඩි විය යුතුය, නැතහොත්
    මුදල් අර්බුදයක් සිදුවනු ඇත. ඇත්ත වශයෙන්ම, භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පවා ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය යුතුය. දැනටමත් රජය
    විසින් රු.බිලියන 100 ක භාණ්ඩාගාර සුරැකුම්පත් පසුගිය දෙසතිය තුළ මිලදී ගෙන තිබීම- රුපියල අවප්‍රමාණයට ප්‍රධාන හේතුවකි. පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව ණය ගැනීමේ
    සීමාව ඉහළ නැංවිය නොහැක. විධායක ක්‍රියාමාර්ගයෙන් පමණක් බදු කප්පාදුවෙන් හා වසංගතයෙන් ආර්ථිකය පහත වැටීම කළමනාකරණය කළ නොහැකිය.

    සාවද්‍ය ඇස්තමේන්තු සහ වගකීම් විරහිත භාරකාරත්වය

    දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ට සමාන අයවැය හිඟයක් වාර්තාව ඇස්තමේන්තු කරයි. 2017, 2018 සහ 2019 සඳහා පිළිවෙලින් සියයට 5.5%, සියයට 5.3% සහ
    සියයට 6.5% ක අයවැය හිඟයට සාපේක්ෂව මෙය ඉතා සැලකිය යුතු වැඩි වීමකි. වාර්තාවෙන් රජයේ ආදායම රජයේ වියදම් ඉක්මවා පොලී ගෙවීම් සඳහා ඉඩ සලසන – ප්‍රාථමික
    අතිරික්තයක් (Primary Balance surplus) ප්‍රක්ෂේපණය නොකෙරේ. ප්‍රාථමික ශේෂය 2017 සහ 2018 දී අතිරික්තයක් පෙන්නුම්කර ඇත. නොවැම්බර් ජනාධිපතිවරණය ප්‍
    රතිපත්ති වෙනස් කිරීමකට තුඩු දෙන තෙක් 2019 දී ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේය.

    ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉතා අඩු දළ දේශීය නිෂ්පාදිතය හා බදු අනුපාතයයි. මෙය ඉතා බරපතල ගැටළුවක් වන අතර එමඟින් ආපදා සහන, රාජ්‍ය ආයෝජන,
    ණය සේවා කිරීමට ඇති හැකියාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ නැවත බෙදාහැරීම පහල දමනු ඇත. පසුගිය වසරවල මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා පුළුල් දැනුමක් හා ඉතා බැරෑරුම්
    පියවරයන් ගෙන තිබුණද, පූර්ව මැතිවරණය තත්ත්ව වාර්තාව මඟින් එසේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමක් අපේක්ෂා කරයි. එහි සඳහන් වන්නේ, “රජයේ ආදායම 2019 දී පැවති සියයට
    12.2 ට සාපේක්ෂව 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

    මෙම ඇස්තමේන්තු පවා සැලකිය යුතු තරමේ අධික විශ්වාසයක් පිළිබිඹු කරයි. ඒවා පැහැදිලිවම පදනම් වී ඇත්තේ 2020 සඳහා සියයට 4 ක වර්ධන වේගයක් උපකල්පනය කිරීම මත ය.
    කොරෝන වෛයිරස් වසංගතයට පෙර පෙබරවාරි 7 වන දින ජා.මූ.අ. වර්ධන වේගය සියයට 3.7 ක් ලෙස පුරෝකථනය කර තිබිණි. ජනවාරි මාසයේදී ලෝක බැංකුව සියයට 3.3 ක
    වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුව සියයට 3.5 කි.

    අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7.5 ක ඇස්තමේන්තුවක් තුළ ද අධික විශ්වාසයක් දක්නට ලැබේ. කොරොන වයිරස් වසංගතයේ බලපෑම පිළිබඳව වාර්තාව සාකච්ඡා කළද,
    සියයට 7.5 ක අයවැය හිඟ ඇස්තමේන්තුව එහි බලපෑමට හේතු වන බවක් නොපෙනේ. වසංගතය නිසැකවම ආදායම හා වියදම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බැවින්
    අයවැය හිඟය නිසැකවම ඇස්තමේන්තුවට වඩා විශාල වනු ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුළ – ඉතා ඉහළ ණය මට්ටමක්, ගෝලීය අවපාතයක් සහ වෙළඳපල අවිනිශ්චිතතාවයක්
    පවතියි. එය ඉතා අවිනිශ්චිත අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකාව ඉතා අස්ථිර ස්ථානයක තබයි.

    රාජ්‍ය ණය

    2019 දී ශ්‍රී ලංකාවේ ඉහළම ණය ගෙවීම සිදු විය. ව්‍යවස්ථාමය අර්බුදය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තිබියදීත්, මෙම ගෙවීම පියවා ගැනීමට සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීමට
    ශ්‍රී ලංකාවට හැකි විය. 2019 ජුනි මාසයේදී බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළවලින් සියයට 7.5% ප්‍රතිශතය අනුව ණය ලබා ගැනීමට හැකි විය. මෙම රජයේ
    වගකීම් විරහිත බදු කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස – ණය සමාව ඉල්ලා හිඟමන ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර, ණය ආපසු ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නොකැළල් වාර්තාවට
    සදහටම හානි කරනු ඇත. මෙම වසරේ ආපසු ගෙවීම් 2019 ට වඩා සියයට 20 කින් අඩු වුවද.රජයේ ණය සඳහා පොලී අනුපාත දැන් මාර්තු මාසයේදී සියයට 18 ඉක්මවා ඇත.

    විනිවිදභාවය නොමැතිකම

    රජයේ ණය ගැනීම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ද වාර්තාව අසමත් විය. උදාහරණයක් ලෙස, “චීන සංවර්ධන බැංකුව (සීඩීබී) සමඟ ඇති විදේශ
    මුදල් කාලීන මූල්‍ය පහසුකම් 2018 ඇමරිකානු ඩොලර් මිලියන 1,000 දක්වා වඩාත් වාසිදායක ලෙස ඉහළ නංවා තිබේ.” කෙසේ වෙතත්, එය මෙම ණය සඳහා පොලී අනුපාතය හෙළි
    නොකරයි. තවත් උදාහරණයක් නම් 2020 ජනවාරි සහ පෙබරවාරි සඳහා ආදායම් ඇස්තමේන්තු බිඳවැටීම අනාවරණය කිරීමට අපොහොසත් වීමයි.

    ඉදිරියට යන මාර්ගය

    බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020
    මගින් රජයේ ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේ. මෙම වාර්තාව පරීක්ෂා කර විවාද කිරීමට
    පාර්ලිමේන්තුවට අවස්ථාව තිබිය යුතුය. මෙම අස්ථිර අවස්ථාවේදී රටට අවශ්‍ය සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය.

    30.03.2020
    – මංගල සමරවීර


    CNEWS
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මේ ආණ්ඩුවට කොන්ද පන නැහැ. මේ වගේ එවුන් අවුරුදු 10 කට විතර ඇතුලට යවන්න ඕනේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මංගල එහෙම බලාගෙන ඉන්නෙ virus එක නිසා තව මිනිස්සු මැරෙනකන්නෙ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Itin harine miniho.. Nandasena nayata aran u $ million ganan wisi karanawane...

    rate inna ewunta kiyanawa iwasanna kiyala... :angry:

    උඹලත් මාර හුකන්නො තමයි. නන්දසේනය චන්දෙ තියන්න ගියෙ මේ කේස් එක නිසා තමයි.
    හබැයි මෑන් දැනගෙන හිටිය යූඇන්පී සෙට් එකයි මැකෝ කාරයයි කේස් දාල චන්දෙ කල් යනව
    කියල. දැන් ගෝට ඕන විදියට තනියෙන් ගේම ගහනව.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මුන්ට මේ වගේ ව්‍යසනයකදිවත් ඵකමුතු වෙලා ඉන්න බැරි හැටි..කොරෝන හැදෙන්න ඕන මෙන්න මුං වගේ උන්ට.