You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සුපරුදු මහින්ද 360න් එළියට
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේදී මෙන්ම වර්තමානයේදීද රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වීමේදී තමන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න සකසා අදාළ රූපවාහිනී ආයතනවලට යොමු කරමින් සිටින බව වාර්තා වේ.
අද (10) මහින්ද රාජපක්ෂ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වූ අතර එහිදී තමන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න සහිත ලේඛනයක් දෙරණ රූපවාහිනියට යොමු කර ඇත.
එහිදී ප්‍රශ්න ඇසීම සඳහා දිල්කා සමන්මලී නම් දෙරණේ මාධ්‍යවේදිනියම අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ පවසා ඇති අතර ඇය දරු ප්‍රසූතියකට සූදානමින් නිවාඩු ලබා සිටින බැවින් වෙනත් අයෙකු යොමු කිරීමට දෙරණ නාලිකාව කටයුතු කර ඇත. මහින්ද රාජපක්ෂ විසින් ඔහුව ප්‍රතික්ෂේප කර දිල්කා සමන්මලී මාධ්‍යවේදිනියවම ඉල්ලා ඇති අතර පසුව දෙරණ නාලිකාව එයට එකඟ වී තිබේ.
සංවේදී නායකයෙකු යැයි කියාගන්නා මහින්ද රාජපක්ෂ මාතෘ නිවාඩු මත නිදහසේ සිටි නගැබිණි වකගේ එසේ සිටීමේ අයිතිය පවා අහිමිකරමින් තමන්ගෙන විමසිය යුතු ප්‍රශ්න තමන් විසින්ම යොමු කරමින් ජනාධිපති සමයේ දී මෙන්ම තව දුරටත් මාධ්‍යවෙත තම බලහත්කාරය යොදවමින් සිටී.
-
http://www.lankatruth.com/home/sinh...ticle&id=15817:-360-&catid=41:local&Itemid=74