මේ පිළිබදව විමසා බැලීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.
මොකද්ද මේ මංතීරු නීතිය?
මංතීරු නීතිය කියලා වෙනම නීතියක් නැහැ. එය නීති කිහිපයක එකතුවක්. එය මෝටර් රථ සහ වාහන පනතට අදාළයි. මේ නීතියට අනුව හැම විටම බර වාහන ගමන් කරන්න ඕනේ පාරේ වම් පැත්තෙන්. දුර ගමන් යන වාහන, වේගයෙන් යන වාහනවලට දකුණු පස මංතීරුවල ගමන් කරන්න පුළුවන්. යම් වාහනයක් දකුණු මංතීරුව හිර කරගෙන ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස වාහන පැදවීම වරදක්. ඒ වගේම මං තීරු කිහිපයක් තිබෙන විට මංතීරු හරහා අපරික්‌ෂාකාරීව ගමන් ගන්නවා නම් මංතීරු නීතියට අනුව එය වරදක්. මෝටර් රථ හා වාහන පනතට අනුව එය අපරික්‌ෂාකාරිව රිය පැදවීමේ වරද වෙනවා.
වම් මංතීරුවේ තිබෙන වාහනයකට දකුණට යන්න අවශ්‍ය නම් වම් පැත්තේ තිබෙන වාහනය එකපාරටම දකුණට කපලා ගන්නවා නම් ඒක වරදක්. විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වලට මංතීරු කපා හැර සෙසු වාහනවලට ඉදිරියට යැම කළ නොහැක. නමුත් මාර්ගයේ වම් පැත්තේ තදබල ලෙස වාහන හිරවීමක් තිබෙනවා නම් එවැනි අවස්‌ථාවක මාර්ගයේ දකුණු පැත්ත පැහැදිලිවම තිබෙනවා නම් පමණක් යම් වාහනයක් දකුණු පැත්තෙන් ඉදිරියට යැම වරදක් නොවේ. කොළඹ සිට ඉතා දුර ප්‍රදේශයක් බලා යන වාහනයකට දකුණු පස මාර්ගය පැහැදිලිවම තිබේ නම් පමණක් දකුණු පසින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් එසේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ දකුණු පසින් ධාවනය වන වාහනයකට අනතුරක් සිදු නොවේ යෑයි එම අවස්‌ථාවේදීම ස්‌ථිරවම නිගමනයකට පැමිණිය හැකි නම් පමණි.
මංතීරු නීතිය හදුන්වා දුන්නේ ඇයි?
මංතීරු නීතිය එක පාරටම හ`දුන්වා දීලා නැහැ. මෙය වසර ගණනක සිට තිබුණා. බීමතින් රිය පැදවීමේ වරදට වසර ගණනක් සිටම රියෑදුරන් වරදට හසුවෙලා තියෙනවා. මංතීරු නීතිය ක්‍රියාත්මක වෙන්නේ බොහෝ කාලයක සිට. නමුත් මංතීරු නීතිය කියන නම එකතු වුණේ මෑතකදී.
විශේෂයෙන් මංතීරු නීතිය හදුන්වා දීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එනම් මංතීරුවල අපරික්‌ෂාකාරීව ගමන් කිරීමෙන් නිතරම ඇතිවන රථවාහන තදබදය වළක්‌වා ගැනීම සහ මාර්ග අපරීක්‌ෂාකාරීව ධාවනයෙන් සිදුවන රිය අනතුරු වළක්‌වා ගැනීම.
මංතීරු නීතිය ක්‍රියාත්මක කළ පසු දක්‌නට ලැබෙන අලුත් තත්ත්වය මොකද්ද?
නොවැම්බර් මාසයේ විතරක් නඩු 1300 ක් මේ සම්බන්ධයෙන් ගොනුවෙලා තියෙනවා. විශේෂයෙන් මංතීරු නීතිය ක්‍රියාත්මක වූ දවසේම මංතීරු නීතිය බිද දැමීමේ අවස්‌ථා ගණන හත්සිය විසි පහක්.
මංතීරු නීතිය සම්බන්ධයෙන් ජනතාව දක්‌වන්නේ කුමන ප්‍රතිචාරයක්‌ද?
නීතිගරුක රියෑදුරන් මංතීරු නීතිය වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකනවා. නමුත් මහම`ග ගමන් කරන විනයක් නැති බොහෝ දෙනා මංතීරු නීතිය කරදරයක් ලෙස පවසනවා. පසුගියදා පළ වී තිබුණා වී.අයි.පී. වාහනවලට මංතීරු නීතිය ක්‍රියාත්මක නොවන බවට මම ස`දහන් කළා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්.
සාමාන්‍ය තත්ත්වය වන්නේ මංතීරු නීතිය සියලුම වාහනවලට සමානව ක්‍රියාත්මක කිරීමයි. නමුත් යම් යම් ප්‍රායෝගික හා අවස්‌ථානුකූල තත්ත්වයන්හිදී මංතීරු නීතිය ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. හදිසි රෝගියෙක් ගෙන යන ගිලන් රථ වලට මංතීරු නීතිය අදාළ නැහැ. නමුත් යම් ගිලන් රථයක් රෝගියෙක් නොමැතිව යනවා නම් ඒ රථයට මංතීරු නීතිය අදාළ වෙනවා.
මංතීරු නීතිය සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාවට නංවන්නේ කුමන වැඩපිළිවෙලක්‌ද?
ඉදිරියටත් මංතීරු නීතිය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරනවා. මම හිතන විදියට මාර්ගයේ විනය තිබෙනවා නම් මාර්ගය අනිවාර්යෙන්ම ආරක්‌ෂා වෙනවා.
රුවන් ගුණසේකර මහත්තයා අපට කියන්නේ බලාපොරොත්තු උපදවන කතාවකි. මේ රටේ සෑම දෙපැයකට වරක් අපේ මනුස්‌සයෙක් මහ පාරේ මිය යන්නේය. අන්තිම කැමැති පත්‍රය ලියා තබා මහ පාරට බසින්න වී ඇති අපේ රටේ මිනිස්‌සුන්ට මාර්ගයේ විනය ඇති වෙන බවට වන ආරංචි මාත්‍රය පවා සතුටකි. එහෙත් ඒ විනය නීතියකින් පමණක් හැදිය හැක්‌කක් නොවේ. එය සමාජ ආකල්පයක් ලෙස වෙනස් විය යුතු දෙයකි.
from
http://www.divaina.com/2015/12/13/nimna07.html

Last edited: