මං_ගියා_ජොබෙන් - Ravi Jay
මං ගියා ජොබෙන් !
හැර දමා ඔබේ !
ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ ..
අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැතේ ..//
රට ස්ථිරයි .. තොප අස්ථිරයි .. නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
ලොක්කට දෙන උන්ට අත .. යටින් හම්බෙයි Bonus !
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
යන්න ලොක්කාගේ කාමරවල Coordinator Naughty,
කෙරුවානම් තමන්ගෙ වැඩි, හෙව්වානම් තමන්ගෙ ඇද,
රට කොටවන යාළුවො - අපි එක මේසේ කන්නේ.
බඩු .. මිල වැඩි වේ,
පඩි තාම අඩුනෙ,
කුස්සියෙ .. දුක මැද්දේ, අම්මාගේ .. හිනාව,
වේලිච්ච වලං අස්සෙන් .. හෙට නැති.. වේවි,
Degree ලතැවේවි.. කෙල්ල දමා යාවී,
හීන නොපෙනෙවි .. යාළුවො ..සෙට් වේවි,
මම නැති වේවි, ගොට්ටො .. හිනැහේවි,
ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !
මං ගියා ජොබෙන් !
හැර දමා ඔබේ !
ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ ..
අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැතේ ..//
ඩෙඟා නැතේ, අම්මෙ ඩෙඟා නැතේ !
අම්මෙ ඩෙඟා... අම්මෙ ඩෙඟා නැතේ !
Last edited:





Matath