ඇත්ත කතාව කිව්වේ මලේ. සමහර දේවල් අදිනකොට කිව්වට තේරුම්ගන්නේ නැහැ, හදනකන් සේවය ගන්නේ නැහැ ගණන් වැඩි කියල. බසුන්නේහෙගේ උපදෙස් වටිනවා අපි දෙන දෙයට වඩා( මෙතන වැටිලා තියෙන පොස්ට් වලිනුත් එක තේරෙනවා). තමන්ගේ අවශ්‍යතාවයට වැඩ වැඩි දේවල් කරන්න ගිහින් අනාගන්නව.
ඒ අතර අපේ ආකිටෙක්චර් මහත්තය ප්ලැන පාස් කරලත් දෙනවා (ආකිටෙක්චර් මහත්තය වගේ සිටින කෙනා ගැන අදහසක් ඇති වේයැයි සිතමි) කියලත් කියනවා.
අර උඩ කියල තියෙනවනේ -
සාමාන්යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.
- ලංකාවේ ඇත්තටම ඊටත් කුජීතයි. ආකියෙක් ඇදපු ප්ලෑනක් අනුමත කරන්නේ PHI & TO ( මහජන සවුක්ය පරීක්ෂක සහ තාක්ෂණික නිලදාරී)
හරියට දොස්තර හරියට බෙහෙත් දෙනවද කියල ඇටෙන්ඩන්ට්ට කියල චෙක් කරනවා වගේ
මගේ නම් දැන් ඉන්න මතය තමයි සියලුම වාස්තුවිද්‍යා උපාධි ආයතන වසාදමිය යුතුයි කියන එක. මොකද කියනවා නම් ලංකාවේ ජනතාවට ඔවුන්ගේ සේවයෙන් පලක් නැති බව. PHI, TO ජෝතිෂ ගුරුන්නාන්සේ ප්ලැන ඇදල පාස් කරලා දෙනවා, බාසුන්නහෙට ඕන තැන්වල ජනෙල දොරවල් ඉදන් කොලම්, ස්ලැබ් එකට කම්බි අරව මේවා සේරම දානවා, ඔය මහත්තුරුන්ගේ ප්ලෑන් වලට අපිට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියනවා.....
ඉතින් මොකටද මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අවුරුදු 7ක් තිස්සේ උගන්වන්නේ...