මකබාස් ආර්කිටෙක්ට්ස්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Internet එකේ රවුමක් දැම්මහම එක එක වැඩ වලට සිමෙන්ති අනන අනුපාත තියෙනවා කියලා හොයාගත්ත. අපේ මකබාස්ලා ඒක දැනන්ද වැඩේට අනන්නේ නැත්නම් සුපුරුදු පරිදි ඕන එකකට ඕන පුකක් කියලා 1:3:3 (හරියටම මතක නෑ ගාන) මේකෙන්ද අනන්නේ?

    උදා:

    ** http://www.altrad-belle.com/de/support/mixingHints.html

    1) http://www.cementaustralia.com.au/w...ix+table+-+concrete,+mortar+and+render+V1.pdf

    2) http://www.cementaustralia.com.au/w...CEM+6611+Mix+table+-+specialty+renders+V1.pdf

    3) http://www.diydata.com/materials/cement/cement.php
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    To - The_Killer

    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    ලංවා>ජීටීබී>මෙල්වා>>සීඑන්>>>>>>>>>>>>>>>>>>@$#$@

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    To - The_Killer

    1) සිමෙන්ති
    දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්‍රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

    සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

    මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් .

    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්‍රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)

    3) වයරින් බඩු
    මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?

    වයර් එක
    Fireproof. උනාට වැඩක් නැහැ කොන්ඩියුට් බටෙත් Fireproof එවා දාන්න. එතකොට තමා එකේ නියම වාසිය තියෙන්නේ. මේ වගේ එවා ගන්න කොට වයරින් කරන කෙනාගෙන් අහන්න අඩුවට ගන්න තැන් දන්නවද කියලා. ගොඩක් වෙලාවට උන් දන්නවා කන්ටැක්ස් . නැත්තම් හාර්ඩ්වෙයර් දෙක දුනකින් කෝටෙශන් ආන් අඩුම තැනින් ගනින්. (Can Recommend -Kelani Cables )

    අන්න ගොඩක් වටිනවා කියපුවාට මචං. මම කොලබ අවට තමයි. කොටුවට ගෙදර ඉදන් 23 KM.
    ඔරුවලටත් ලගයි කම්බි වැඩ වලට යද්දී නම්.
    8++
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් .

    මම කොස්ට් එක ටිකක් වැඩි උනත් කියලා සලකලා බලන්න හිතුවේ අපේ එවුන්ගේ කියුම් කෙරුම් නිසා තමයි.. සිමෙන්ති තමන්ට ඕනා විදියට අනලා එදාට දැම්මට ඒක අවුරුදු 4-5 කට හොද වෙයි. නමුත් කාලයක් යද්දී ඉරිතලලා බඩු බනිස් උනොත් අරුන්ට හොයලා බැනලාවත්, නඩු දාලා වත් වැඩක් නෑ නේ.. විශ්වාසවන්ත පොරක් හම්බුනොත් අනිවා උට වැඩේ කරන්න ඉඩ දෙනවා නැත්නම් හැම වෙලේම මගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමා අපිව රවට්ටලා උන්ගේ ලාබෙ තකා විතරක් වැඩක් කරයිද කියලා.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    mage hadanna inna gedara 1st floor eka sampurnen iwara kara gannai mata one. 40laks+ wage hoyaganna puluwan danata. ground floor eka passe iwara karagannai hithan inne. staircase eka eliyen daala tiyenne. gewal 2k (unit 2k) widihata thama design karala tiyenne. eka thatuwaka living+dining, courtyard, 2 bed rooms & bathroom tiyenne. dekama eka wage.
    1st- 1340.67
    ground- 1340.67
    total- 2523.95

    cubic house ekak hadanne
    uda roof top ekak daala

    me gaanata kara ganna puluwan weida?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    1) මම කොස්ට් එක ටිකක් වැඩි උනත් කියලා සලකලා බලන්න හිතුවේ අපේ එවුන්ගේ කියුම් කෙරුම් නිසා තමයි.. සිමෙන්ති තමන්ට ඕනා විදියට අනලා එදාට දැම්මට ඒක අවුරුදු 4-5 කට හොද වෙයි. නමුත් කාලයක් යද්දී ඉරිතලලා බඩු බනිස් උනොත් අරුන්ට හොයලා බනලාවත්, නඩු දාලා වත් වැඩක් නෑ නේ.. විශ්වාසවන්ත පොරක් හම්බුනොත් අනිවා උට වැඩේ කරන්න ඉඩ දෙනවා නැත්නම් හැම වෙලේම මගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමා අපිව රවට්ටලා උන්ගේ ලාබෙ තකා විතරක් වැඩක් කරයිද කියලා

    සාමන්යෙන් ගෙයක් ගහනකොට සාපෙක්ෂව වැඩියෙන් වියදම යන්නේ ස්ලැබ් / වහලේ සහ ෆිනිශින්ග් . ස්ලැබ් වියදම අඩු කරගත්තොත් ඉතුරුටික ස්ලැබෙකේ ෆිනිශින්ග් වලට තියාගන්න පූවන්. කොන්ක්‍රීට් අනන සම්මත රේශියෝස් තියෙනවා. බේස් වල වල්වල ඉදන්ම ස්ට්‍රක්චර් එක ස්ටේබල් නම් කොන්ක්‍රීට් එකක් ඉරිතලන්නේ නැහැ බන් ලෙසියෙන්. අනික ස්ලැබ් ඒරියා එක වර්ග අඩි 1500 එහා පනිනවානම් විතරක් එහෙම ඔප්ශන් එකකට යමන්. නැත්තන් බොරු වියදමක් බන්. විස්වාස කරපන් ගෙවල් ගහනකොට සල්ලි දියවෙනවා තත්පරේට. රුපියල හරි ඉතුරුකරගනින් ඊලග වැඩේට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩ ගැන තියෙන විශ්වාසයට හොදම උදාහරනේ දැන් මම ඉන්න අම්මලාගේ ගෙදර. අපේ සාලේ හැදුවා අලුතින් පොඩ්ඩක් දිග වැඩි කරලා. අවුරුදු 15-18 කට කලින් වගේ. දැන් මෙන්න අලුතින් එක් කරපු කොටස ඉරිතලලා පරණ කොටසින් ගැලවිලා වෙන් එන්න වගේ ලගයි. ගෙදර පැත්තක් වැටෙන්න වගේ..

    අනික මෙන්න මේ වහලේ ගහපු බාසා... තාත්තා නම් කියුවේ ගමේ බාසෙක් ගැහුවේ කියලා ඒකාලේ (20-22 years ago). බලපන් උගේ වැඩ වල low quality එක.. දැන් වතුර ලීක් වෙනවා පොඩ්ඩ වැස්සත්. දැන් මම හදාගත්තා තනියෙම ඒක. නමුත් තිබ්බේ මෙහෙම.

    මේ පරතරය අඩියක්, අඩි 1 1/2 වගේ...

    ඕක ගලවන්න කලින් තාත්තා ටකරන් දාලා මුදුන් උළුකැට තියලා තිබ්බේ ටකරන් හුළගේ යනවට. ටකරන් දිරලා නිසා වතුර ලීක් උනා වහලෙට. වයරින් එහෙමත් පේනවා මෙතනට.

    මම හැදුවා මුදුන් උළුකැට පේලියක් යට හිලට (^^^shape වෙන්න) තියලා අලුතින් ටකරන් දාලා, ඒවා වැහෙන්න තාර ෂීට් එක දාලා.. දැන් කුණාටුවක් ආවත් වතුර එන්නේ නෑ. කෝස්ට් එක ටිකක් වැඩියෙන් ගියා කියලා ඔයාලා කියයි නමුත් මට හොදටම කේන්ති ගිහින් වැස්සේ තෙමි තෙමී මේක කලේ. ගියපු ගාන සැලකිල්ලට ගත්තේ නෑ.

    මෙහෙම දැන් තියෙන්නේ...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Internet එකේ රවුමක් දැම්මහම එක එක වැඩ වලට සිමෙන්ති අනන අනුපාත තියෙනවා කියලා හොයාගත්ත. අපේ මකබාස්ලා ඒක දැනන්ද වැඩේට අනන්නේ නැත්නම් සුපුරුදු පරිදි ඕන එකකට ඕන පුකක් කියලා 1:3:3 (හරියටම මතක නෑ ගාන) මේකෙන්ද අනන්නේ?

    උදා:
    1) http://www.cementaustralia.com.au/w...ix+table+-+concrete,+mortar+and+render+V1.pdf

    2) http://www.cementaustralia.com.au/w...CEM+6611+Mix+table+-+specialty+renders+V1.pdf

    3) http://www.diydata.com/materials/cement/cement.php
    ඉන්ටර්නෙට් එකත් එකෙන් දෙයක් එක්ස්ට්‍රැක්ට් කරන්නත් යම්කිසි දැනුමක් ඕනේ...
    කොස්ට් ප්ලෑන් කරගන්නත් පුලුවන් නිසා තමා අර කලින් ශමින්දත් කියලා තියෙන විදියට
    BOQ එකක් හදාගත්තම ඔය කියන
    ඒ ඒ අවස්තාවට සුදුසු බදාම මිශ්‍රණ අනුපාත දක්වනවා...
    බාසලා ඔක්කොටම 1:8 හෝ 1:5 දානවා.. අනුපාතයන් වෙනස් ඒ ඒ ඇප්ලිකේශන් අනූව
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්‍රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ .ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්:no:

    මේ කතාව ඇත්ත, බාස් වැඩ කාරයෙක්නම් මුලු පරස් අරිනවා වගේ වැඩක් හරියට කරනවද කියල බලන්න වෙන කවුරුත් ඕන නෑ. ඒ උනාට බන් උඹ කියන විදිහෙ වැඩ දන්න බාස්ල කොහෙන්ද හොයන්නෙ! අපි දන්න ගෙවල් කීපයක් අරගන බලපන්, ඒ ගෙවල් කීයක මුලු පරස් තියනවද කියල. ෆවුන්ඩේෂන් ලෙවල් එකේදී මේකට බෙහෙත දුන්නෙ නැත්නම් පස්සෙ හදන්න බෑ. මේක අපිට උනත් පයිතගරස් ප්‍රමේය දාල හරි (3,4,5 නූල් අල්ලලා) විකර්ණ නූලක් ක්‍රොස් සේක්ෂනල් ඇදල බලල හරි කරන්න පුළුවන්. දැන් තොපි ඔක්කො ඉන්ජෝ ටික රෙද්ද උස්සන් එන්න එපා. දන්න විදිහ කිවුවෙ. :P

    මගේ වැඩේදි වෙන කෙනෙක් හරියි කිවුවට මට මදි. මට එයාල කරලා පෙන්නන ඕන ඒකෙ මුලුපරස් නෑ කියල.
     
    Last edited:
    • Like
    Reactions: lilankaravi

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    full pedestal sink
    FgWxRad.png

    Semi pedestal sink
    x6v71kT.png

    Wall hung sink
    6h8hdXJ.png

    Me scene eka nm 100% true. Clean karanna giyama patta amarui
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ අදහස නම්
    තට්ටු දෙකේ ඊට වැඩි ගෙයක් නම් Structural ඉන්ජෙක් consult කරන එක හොදයි
    තනි තට්ටුවේ ගෙවල් වලට අත්‍යවශ්‍ය නෑ

    Mona stage ekedida consult karanna one?

    තට්ටු දෙකේ ඊට වැඩි ගෙයක් නම් base වලවල් ගහන තැන ඉදන්ම උපදෙස් ගන්න පුළුවන් නම් හොදයි (ඒ කිව්වේ ඉතින් අත්තිවාරම දාන්න කලින් plan එක පෙන්නලා උපදෙස් ගන්න )
    මොකද base වලවල් ටික දුර්වල නම් අනිත් එව්වා කොච්චර හොඳට හැදුවත් වැඩක් නෑ ..
    මතකද වැල්ලවත්තේ building එකක් කඩන් වැටුන Center pillars හරියට දාල නැතුව..
    උඩට යන්න යන්න foundation එකේ ශක්තිය වැඩිකරන්න ඕන..

    Structural drawing එක වැඩේ පටන් ගන්න කලින් කරගන්න ඕන.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    සුබ උදෑසනක් හැමෝටම. මට මෙන්න මේ කාරණා යටතේ විස්තර පැහැදිලි කිරීමක් කරන්නකෝ.

    1) සිමෙන්ති
    දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්‍රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

    සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    3) වයරින් බඩු
    මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?

    කෙලින්ම ලොකු hardware එකකින් බඩු ගන්නවට වඩා directly office එකෙන් බඩු ගනිද්දී discount එක වැඩියි ද? නැත්නම් hardware එකෙන් හොද discount එකක් දාලා දෙයිද?

    ගොඩක් ඉස්දුදී කරන උදව් වලට. ශෙහාන්ටත් මේවා ගැන හිතන්න වෙයි. :rolleyes:;)

    සිමෙන්ති දැම්මෙ Tokyo
    යකඩ දැම්මෙ ලං ලෝ සහ මෙල්ව (උඹ ඔරුවල කිට්ටුව ඉන්නවනම් වානේ සංස්ථාවේ තියනවා කම්බි කපිල ඉතුරු උන කැලි (අඩි 10 ට වැඩි ඒවත් තියනවා) පරණ යකඩ මිලට ගන්න පුළුවන්. අපි ෆුල් කම්බිය ගෙනාවත් කපල දාන තැන් වලට බොහොම මිල අඩුවෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් තියන ළඟ ළඟ කම්බි ගහන ග්‍රිල් වලට එහෙමත් සුපිරි.
    ඉලෙක්ට්‍රික් බඩු ගත්තෙ Kelani cables and Orange
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    පුලුවන් තරම් සයිට් එකෙ ඉන්න. පවුලේ කෙනෙක්ව හරි තියන්න.නැත්තම් අපි ඔෆිස් ගිහින් හවස බලන්න ගියොත් සදා සොත්ති තමා.

    :yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    me gaanata kara ganna puluwan weida?
    මටනම් හිතෙන්නෙ පුළුවන් වෙයි.
    සාමන්යෙන් ගෙයක් ගහනකොට සාපෙක්ෂව වැඩියෙන් වියදම යන්නේ ස්ලැබ් / වහලේ සහ ෆිනිශින්ග්.
    වැඩ ගැන බලපුවම උඹ කියන එක හරි. සියලුම වියදම් එක්ක බැලුවම වැඩිම වියදම යන්නෙ බාස් කුලී
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. :rolleyes: මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කතාව ඇත්ත, බාස් වැඩ කාරයෙක්නම් මුලු පරස් අරිනවා වගේ වැඩක් හරියට කරනවද කියල බලන්න වෙන කවුරුත් ඕන නෑ. ඒ උනාට බන් උඹ කියන විදිහෙ වැඩ දන්න බාස්ල කොහෙන්ද හොයන්නෙ! අපි දන්න ගෙවල් කීපයක් අරගන බලපන්, ඒ ගෙවල් කීයක මුලු පරස් තියනවද කියල. ෆවුන්ඩේෂන් ලෙවල් එකේදී මේකට බෙහෙත දුන්නෙ නැත්නම් පස්සෙ හදන්න බෑ. මේක අපිට උනත් පයිතගරස් ප්‍රමේය දාල හරි (3,4,5 නූල් අල්ලලා) විකර්ණ නූලක් ක්‍රොස් සේක්ෂනල් ඇදල බලල හරි කරන්න පුළුවන්. දැන් තොපි ඔක්කො ඉන්ජෝ ටික රෙද්ද උස්සන් එන්න එපා. දන්න විදිහ කිවුවෙ. :P

    මගේ වැඩේදි වෙන කෙනෙක් හරියි කිවුවට මට මදි. මට එයාල කරලා පෙන්නන ඕන ඒකෙ මුලුපරස් නෑ කියල.
    මුලු පරස් අරින්න බාසා දන්නේ නැත්නම් උගෙ කොලිටි එක ගැන ආයේ කතා කරලා වැඩක් නෑ...

    පෛතගරස් ප්‍රමේය තමා.. ඔය විදියට තමා හොයන්නේ... පස්සේ හදන්න ඕනේත් නෑ...

    මම කිව්වේ ඒකයි ආකියෙක් වැඩේ පටන් ගත්තම ඕනේ නෑ කියලා. බාසා දන්නේ නැත්තම් එන්සීටී සිවිල් කරපු කොල්ලෙක්ට එන්ඩීටී කොල්ලෙක්ගෙන් ඔය නූල් ගහන වැඩේ කරගත්තැකි. පෙග් ටික කොන්ක්‍රීට් කරගත්තානම් ආයේ අවුලක් නැඇ (පෙග් ගැලවෙන්නැති ඈතින් ගහගන්න ඕනේ )

    මුලු පරස් අරින එක මහා ලොකු දෙයක් නෙවෙයි. බාසා ඒක නොදන්නවාත් නෙවෙයි ඇත්තටම... උන්ට විකර්ණයේ දිග වැරදුනාම හදාගන්නයි නොතේරෙන්නේ.. උන් දෙතුන් පාරක් එහෙ මෙහෙ කරලා දානවා පස්සේ බිත්තියෙන් අල්ලන්න හිතාගෙන... ප්ලාස්ටර් එකට පට්ට වියදම් ඉතින් ඒත් බැරි උනොත්.. ටයිල් රුහිතෙට...

    ආයෙත් කියන්නේ ආකිටෙක් නෙවෙයි සයිට් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්වයි හදනකොට ඕනේ.. නිකන් ආකියට බනින්නේ... නිකන් නාස්ති කරගන්නෙත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. :rolleyes: මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. :)

    ඔව් පොටි අදින නිසා මොන ජිල්බරේ ගාලා තිබ්බත් ඒක වැහෙනවා නේ..
     
    • Like
    Reactions: lankanatha

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. :rolleyes: මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. :)
    hoda bas.
    kathawa aththa. biththi hari kelin, hodata plaster kalanam putty adala paint kalama ati. dan godak than wala eka karanne
     
    • Like
    Reactions: lankanatha