To - The_Killer
1) සිමෙන්ති
දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?
සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)
මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් .
2) යකඩ/වානේ කම්බි
මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?
උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)
3) වයරින් බඩු
මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?
වයර් එක Fireproof. උනාට වැඩක් නැහැ කොන්ඩියුට් බටෙත් Fireproof එවා දාන්න. එතකොට තමා එකේ නියම වාසිය තියෙන්නේ. මේ වගේ එවා ගන්න කොට වයරින් කරන කෙනාගෙන් අහන්න අඩුවට ගන්න තැන් දන්නවද කියලා. ගොඩක් වෙලාවට උන් දන්නවා කන්ටැක්ස් . නැත්තම් හාර්ඩ්වෙයර් දෙක දුනකින් කෝටෙශන් ආන් අඩුම තැනින් ගනින්. (Can Recommend -Kelani Cables )