මකුණා සහ දුමින්ද
මම පේරා කම්මලේ ඉන්න කාලේ නේවාසිකව හිටියේ අක්බාර් ශාලාවෙ බව කලින් කියලා තියෙනවනේ. මේ අක්බාර් ශාලාව විශ්වවිද්‍යාලේ තිබිච්ච අනිත් ශාලා වලට වඩා ටිකක් වෙනස් විදියට තමා හදලා තියෙන්නේ. කාමර තියෙන්නේ එකම කොරිඩෝවක දෙපැත්තෙ නිසා වාතාශ්‍රය එහෙම ටිකක් මදි බව තමයි මගේ හැඟීම. ඊට අමතරව ඔය ගොඩක් නේවාසික ශාලා වල තිබුනු ගැටළුවක් අපිටත් තිබුනා. ඒ තමා මකුණු ගැටළුව!!!
අක්බාර් කාමරවල ඇඳන් වලට තිබුනේ මෙට්ට නෙවෙයි ඒ කාලෙ නම්... තිබුනේ කොහු පුරවපු 'ගුදිරි' කියන ඒවා!
ඔය ගුදිරිය වටේට තිබුනා ඝනකම මැහුම් දාරයක්... ඔන්න ඔය දාරෙ තමා වැඩිවශයෙන්ම 'මකුණු වාස' බවට පත්වෙලා තිබ්බෙ! ඒ විතරක් නම් මදැයි, ඇඳ හේත්තු කරලා තිබුනු බිත්තියේ පුංචි පුංචි සිදුරු වලත් මකුණු පැටවු රොත්තක් හිටියා... ඉතිං අක්බාර් වාසියො ගොඩ දෙනෙකුට තිබුනු එක වැඩක් තමා මේ මකුණො මර්දනය කරන එක. ඒ දවස්වල මගේ අතිජාත රූමා වෙලා හිටිය අපේ 'උපාසක' නම් කාඩ් එකටම ගැලපෙන විදියට ඕකට ප්‍රතිකර්මයක් කලා. ඒ තමා වතුර නටවලා, ඒ නටන උණුවතුර අර ගුදිරියේ දාරෙ වටේට වක්කරන එක.
කාටවත් දොසක් කියනවා නෙවෙයි ඕං... තේරෙන කාලේ ඉඳන්ම ඇඟේ වහන මදුරුවෙක්වත් නොමරා හිටපු මට ඔය වගේ ප්‍රතිකර්මයක් කරන්න බැරි වුනා! අන්තිමට වුනේ මකුණො කෑම නිසා මගේ ඇඟේ පළු දැමීම වගේ ප්‍රථිඵල ඇතිවෙච්ච එකයි, ඒ නිසාම කම්මලේදි වැටුනු කාඩ් එකට අමතරව 'මකුණා' කියලා කාඩ් එකක් ලඟම මිත්‍රයො ටික කාලයක් පාවිච්චි කරපු එකයි තමා... අපේ අම්මා නම් කිව්වෙ මකුණො මගේ ඇඟේ ලේ ටික බීපු නිසා තමා මම ඒ කාලෙ කෙට්ටු වුනේ කියලයි!
-----------------------------------------------------------------------------------------------------------
පහුගිය ඡන්ද දවසේ මුල්ලේරියාවේ වෙච්ච සිද්ධියෙන් තුවාල ලබපු දුමින්ද රෝහල්ගත කරලා කියලා දැනගත්ත වෙලේ ඉඳන් ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු බව පෙනුනෙ තුවාලකාරයා සනීපෙන් බව අහන්න නෙවෙයි. දුමින්ද මේ කියන බහුතරයකට පුද්ගලික වැරැද්දක් කරලා තියෙනවා කියලා හිතන එක අභව්‍ය වුනත්, ගොඩ දෙනෙක් ප්‍රාර්ථනා කලේ දුමින්ද ගොඩ එන්න කියලා නෙවෙයි කියලා මම කිව්වොත් ගොඩ දෙනෙක් එකඟ වේවි!
රහසේ නෙවෙයි විවෘතවම මේ ගැන අදහස් දක්වපු ගොඩ දෙනෙක් කිව්වෙ 'ඔය මනුස්සයා ගොඩ එන්න වටින කෙනෙක් නෙවෙයි' කියන අදහස... ඊටත් ටිකක් එහා ගිය කෙනෙක් මට කිව්වා 'ඔය මනුස්සයා මැරෙන්න හොඳ නෑ, ඔය විදියට කාලයක් විඳවන්න ඕනෑ' කියලත්!
ඔය කලින් කිව්වා වගේ 'සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා' කියලා හිතලා මේ ශරීරෙට දෂ්ඨ කරපු මදුරුවෙක්, මකුණෙක් වුනත් මරන්නෙ නැති මට වුනත් ඇතිවුනේ ධනාත්මක අදසක් නොවන බව අවංකවම කියන්න ඕනෙ. එහෙම වුනේ මේ මනුස්සයා මට පුද්ගලිකව කිසි වැරැද්දක් කරලා තියෙන නිසා නෙවෙයිනෙ. නමුත් මම ඇතුළු මේ සමාජයේ බහුතරයක් මේ මනුස්සයා, එයාගේ ක්‍රියාවන් පිළිකුල් කරන නිසා...
මේ තරම් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න, පිළිකුල් කරන්න, ද්වේශ කරන්න කොයි තරම් නම් සමාජ විරෝධී වැඩ මේ මනුස්සයා කරලා ඇද්ද??? කොයි තරම් සැප සම්පත් තිබුනත් මේ තරම් සමාජයේ ද්වේශයට ලක්වෙමින් ජීවත්වෙලා තේරුමක් තියෙනවද???
දුමින්ද ගිය පාරේ යන තවත් අය ඉන්නවනම් ඒ අයට හිතලා බලන්න මේක හොඳ අවස්ථාවක්...
උපුටා ගත්තේ මෙතනින්.......http://eththakatha.blogspot.com/2011/10/blog-post_12.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fkwlu+%28%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F...!!!%29
( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )