මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka



    ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන "අයිකන් ඔෆ් ද සීස්" ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත.

    රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව දිගින් මීටර් 365 ක් වන අතර බර ටොන් 250,800 බව පුරෝකථනය කර තිබේ. මෙම නෞකාවේ මගීන් 5610 දෙනකුට ගමන් කිරීමට පහසුකම් තිබෙන අතර කාර්ය මණ්ඩලය 2350 වන බව පැවැසෙයි.

    විශේෂඥයන් 450කට අධික පිරිසක් දින හතරක කාලයක් නෞකාවේ ප්‍රධාන එන්ජිම, බඳ සහ ප්‍රචාලක පිළිබඳ මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ශබ්දය සහ කම්පන මට්ටම් පිළිබඳවද පරීක්ෂා කර ඇත. මූලික පරීක්ෂණ වලින් පසුව "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව මේයර් ටුර්කු නෞකා අංගනය වෙත පැමිණ ඇති අතර 2024 වසරේදී දකුණු ෆ්ලොරිඩාවේදී මංගල ගමන සිදු කිරීමට නියමිතව තිබේ.

    මෙම සුඛෝපභෝගී නෞකාව නිවාඩු ගත කරන්නන්ට මුහුදේ ඇති ලොව විශාලතම ජල උද්‍යානය පිරිනමනු ඇත.එසේම "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව එහි ගමන් කරන්නන්ට නිවාඩු නිකේතනයක්, තේමා උද්‍යානයක් සහ කෑම, බීම මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා ක්‍රම 40 කට වඩා ලබා දෙනු ඇති බව රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගම පවසා තිබේ.








    https://www.lankadeepa.lk/news/මගීන්-ගෙනයන්න-දැවැන්තයෙක්-සයුරට/101-635585
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    TFS 😍

    කොච්චර නැව් හැදුවත් මේක තරම් ගැම්මක් නෑ බ්‍රෝ

    1688037616486.png