මගීන් 300ක මැලේසියානු ගුවන් යානයක ගින්නක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගීන් 300ක මැලේසියානු ගුවන් යානයක ගින්නක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් යානයක් අද පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, මැලේසියානු ගුවන් සමාගමට අයත් MH148 නමැති ගුවන් යානය එලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව ය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළෙන් පියාසර කර පැයක පමණ කාලයක් තුළ එය යළි එම ගුවන් තොටුපොළට ම ගොඩ බස්වා තිබේ. ඒ, යානයේ එන්ජිම තුළ ඇති වූ ගින්නක් හේතුවෙනි. එම අවස්ථාවේ ගුවන් යානයෙහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 දෙනෙකු පමණ සිට ඇත.

විදෙස් වාර්තා පවසන්නේ, එම පිරිස නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ය.


news first
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනේ මන්දා ඕකුන්ගේ flights වලට මොනවා වෙනවද කියලා.