මගීන් 450

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.

    1012.jpg

    මගීන් 450 දෙනෙකු පමණ රැගත් දකුණු කොරියානු නෞකාවක් එරට නිරිතදිග වෙරළාසන්නයේ මුහුදුබත් වෙමින් පවතින බව වාර්තාවනවා. දකුණු කොරියාවට අයත් ජේජු නැමති දිවයින වෙත අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටි ළමයින් පිරිසක් මෙහි සිටි බව සඳහන්.
    කොරියානු වේලාවෙන් අද උදෑසන 8.58 ට නෞකාවෙන් ආපදා පණිවුඩ ලැබුණු බව දකුණු කොරියානු වෙරළාරක්ෂකයන ප‍්‍රකාශ කර තිබෙනවා. ජීවිත ආරක්ෂක මෙහෙයුම් සඳහා බෝට්ටු කිහිපයක් සහ ගුවන් යානාවක්ද යොදවා ඇති බවයි දකුණු කොරියානු යොන්හැප් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
    Code:
    http://gossip.hirufm.lk/1012/2014/04/south-korea-ferry-rescue-under-way-hiru-gossip

    • Like
    Reactions: BlueBat

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයින් අතරින් විශාල පිරිසක් බේරාගෙන ඇති අතර එසේ දිවි බේරා ගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ, යාත්‍රාව අනතුරට පත් වන අවස්ථාවේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බව ය. මෙම යාත්‍රාවේ සිටි මගීන් අතරින් 320 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින් වීම විශේෂත්වයකි.
    ඔවුන් ගුරුවරුන් පිරිසක් සමග ජේජු (Jeju) දිවයිනේ නිවාඩු නිකේතනයක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
    මේ වන විට එම මුහුදු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් යාත්‍රාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් මිය යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
    SOURCE: CNN

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239

    :shocked:අරුන් ටෝපිඩෝ එකක් ගැහුවද දන්නේ නැහැ.