ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැ කේස් එක දරුනුයි.. ඔව් ඉතින් ෆේක් තමා. හැබැයි ටොයියො බයියො සීන්වත් එලකිරිය චාටර් කරන්නවත් නෙමෙයි අකවුන්ට් එක හැදුවේ.
සීන් කොන් එක මේකයි, ගෙදර අම්මගෙනුයි, පුන්චි අම්මලගෙනුයි, උන්ගේ දුවලා ගෙනුයි මල වදේ කසාදයක් බදින්නයි කියලා, ඉතින් පත්තරේ බලලා ගෙදර උන් පන්නිපිටියේ පැත්තේ කෙල්ලෙක් බලන්න දින දාගෙන ඔන්න ඊයේ ගියා.. දවස හොදයි පොය නිසා නිවාඩු කියලා ඔන්න කට්ටියම ගියා, (පුන්චි අම්මගේ ලොකු කෙල්ල කියපි, අද ගියොත් මසක් මාලුවක් නැ එලවලු තමා කියලා, ඒකත් හොදට ගියා )
කොහොමෙන් කොහොම හරි ආගිය තොරතුරු කතා කරලා මෙන්න ලමිස්සියෙක් බුලත් හෙප්පුවක් එහෙම අරන් චාරිත්‍රයට ආවා. මාත් ඉතින් පෙර උපදෙස් පරිදි විනීතව කටයුතු කලා. ඒකත් හරි. දැන් මහ උන් ගමේ විස්තරයි, පරම්පරාවේ ඇදකුදයි, ඔක්කොම හලනවා. මට ඔවා අරහන් නිසා කෙලින්ම ටොකට බැස්සා අදාල පුද්ගලිත් එක්ක. එහාට මෙහාට පද්දලා ඇහුවේ ප්‍රශ්න තුනයි. තුනම ෆේල්.. මොනා කොරන්නයි ගිය දානෙට නොහිටියොත් ආනිනන්සේ බරපතල නිසා කාලම එන්ට හැරුනා. ඔන්න ප්‍රශ්න තුන.
1. ඉස්කොලේ/කැම්පස් යන කාලේ කොල්ලෙක් හිටියද? උත්තරය නැත.
2. මස් මාලු කනවද? උත්තරය නැත.
3. මම සිගරට් ,සූදුව, බඩු ගැහිල්ල නැ.. අරක්කු ටිකක් බොනවා, හැබැයි, අවුල්ද? උත්තරය අවුලක් නැ.
දැන් උබලා කියහන්කො. පලවෙනි ප්‍රශ්නේ කෙල්ල ඇත්තම උත්තරයක් දුන්න නම් ඒත් අවුල්නේ.. බොරුවට නම් උත්තරේ දුන්නේ, ඒකත් අවුල්නේ. දෙකවෙනි ප්‍රශ්නේ, මසක් මාලුවක් කන්න බැරි එකීට මම ගිනි ගනන් දීලා පොලෙන් කැරට් බොන්චි ගේන්නද? අනික ඒකි නිසා මම නොකා ඉන්නද? ඒ ඔක්කොම හරි, තුන්වෙනි ප්‍රශ්නේත් එක්ක මට එකි ගැන තිබ්බ ඔක්කොම බලාපොරොත්තු ලොස්ට් උනා. මොන කෙල්ලද කැමති මේ කාලේ අරක්කු බොනවට, ඒකට අවුලක් නැ කියන්නේ මේකි හිටු කිව්වොත් හිටින, පල කිව්වොත් දුවන, මෙලො රහක් නැති දාසියක්. මාල හතක් දාලා වැඩට කෙල්ලෙක් ගේන්න පිස්සුයැ. දැන් කියහන් මම වැරදිද? අපේ අම්මට මේ සුකුමාලි හොදලු.. කැමති වෙන්නලු. මම අන්දොස් ඔයි..