මගුලයි... ඒ රුපියලටත් කවුද විදලා..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගුලයි... ඒ රුපියලටත් කවුද විදලා..

    ස්වභාමෑණියෝ...!!!
    එකමත් එක කාලෙක...,
    අපේ ඉස්කෝලෙ, 7 වසරෙදි හිටපු අපේ පන්ති භාර sirගෙ නම බන්දුල. අපි හුරතලේට කිව්වෙ බාබු කියල. මිනිහ ටිකක් යාතුකර්ම පැත්තට බර හාදයෙක්.

    මිනිහ ලඟ ලඟ දවස් 2ක් ඉස්කෝලෙ ආවෙ නෑ. ඊලඟ දවසෙ එද්දි ගුරු මේසෙ උඩ තියෙන plastic මල් පෝච්චිය නැතිවෙලා.

    " දවස් 2ක් වෙනව sir.. තාම හම්බුන් නෑ.." ඒ පන්ති නායකය.

    බාබු කතා කරන්න පටන් ගත්ත.

    "මේ ලෝකෙ ඕනම කෙනෙක් අතින් පොඩි පොඩි අත් වැරදීම් වෙනව. ඒත් මොලේ තියෙන ගුණයහපත් මිනිස්සු විදිහට අපි ඒ අයට සමාව දෙන්න ඕනෙ. අපි කවුරුවත් මල් පෝච්චිය ගත්ත කෙනාට කරදර කරන්න උවමනා නෑ. කරුණාකරල කියන්න කවුද ගත්තෙ කියල ? "

    ම්ම්ම්හ්..... කට්ටිය සද්ද නෑ...

    "හ්ම්ම්ම්..."
    බාබු ගියා පන්තියෙ ඉස්සරහ කෙලවරේ ගහල තියෙන බුදු පිළිමෙ ළඟට. ගත්ත පොල්තෙල් පහන. ආපහු ආව ගුරු මේසෙ ඉස්සරහට. පහනෙ උඩ පියන ඇරල රුපියලේ කාසියක් ඒක ඇතුලට දාල පියන වැහුව, පාන පත්තු කරා.
    අත් දෙකෙන්ම පහනත් අල්ලගෙන ඔන්න බාබු අමුතු style 1කට වර නගන්න ගත්ත.

    පහන මේ ජාතියෙ...


    "හැමෝම නැගිටින්න... ඇස් පියාගන්න..."
    නැගිට්ට, ඇස් පියාගත්ත. බාබුත් ඇස් පියාගත්ත.

    "අපි කවුරු කාට බොරු කලත්, කිසිම කෙනෙකුට ස්වභාමෑණියන්ට බොරු කරන්න බෑ... මේ හැම දේම ස්වභාමෑණියො බලාගෙන ඉන්නෙ. ඒවගේම වැරදි කරල පිළිගන්නෙ නැති අයට යථා කාලයේදි දඬුවම් කරන්නත් ස්වභාමෑණියො වගබලා ගන්නව. මේ වෙලාවෙ මේ පන්තියෙ නොදරුවෙක් අතින් වැරද්දක් වෙලා තියෙන බව ඇත්ත. ඒත් මං ස්වභාමෑණියන්ට කියනව, ඒ නොදරුව හෙට උදේ වෙද්දි මල් පෝච්චිය ආපහු ගෙනත් තියල, තමන්ගෙ වරද නිවැරදි කරගන්නව කියල..."

    "දැං හැමෝම ඇස් අරින්න"
    බාබු ඇස් ඇරිය.

    "හෙට හැමොම එන්න කලිං මල් පෝච්චිය ගත්ත කෙනා උදේම ඒක ගෙනත් තියන්න. අදිං පස්සෙ අපි කවුරුවත් මේ මල් පෝච්චිය ගැන වද වෙන්නෙ නෑ. ගත්තෙ කවුද කියල හොයන්නෙත් නෑ. දැං මේ පහන අතින් අත යවල හැමෝම අධිශ්ඨාන කරමු ගත්ත කෙනාට තමාව නිවැරදි කරගන්න ලැබිල තියෙන මේ අවස්ථාව ප්‍රයොජනයට ගන්න සිත් පහල වෙන්න කියලා..."

    බාබු ඉස්සරහ පෝලිමේ කොනේ හිටපු එකා අතට පහන දීල අතින් අත යවන්න කිව්ව. පන්තියෙ කෙලවරේ එකා අතින් පහන ආපහු බාබුගෙ අතට ආව.

    කට්ටියම සද්ද නෑ....

    ඩිග්-ඩිග් : ඩිග්-ඩිග් , ළමයින්ගෙ පපු ගැහෙනවා...
    බාබු හිතන්න ඇති.

    "හරි දැං හැමෝම වාඩි වෙන්න. අපි ආයෙ කවදාවත් මේ සිද්දිය මතක් කර්.............බාබු කතා කරන අතරෙ පහනෙ උඩ පියන ඇරිය....ඈ..ඈ.ඈ.ඈ....


    මගුලයි... ඒ රුපියලටත් කවුද විදලා..:dull:.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හිනා ගියේ නැ සහෝ...:( එත් උත්සාහය අගේ කරනවා..තව උනන්දු වෙන්න :)
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes:

    :yes:

    හිනා ගියේ නැ සහෝ...:( එත් උත්සාහය අගේ කරනවා..තව උනන්දු වෙන්න :)
    හිනා ආවේත් නැද්ද බං... මොනා කරන්නද කරුම ලෙඩ හැදුනාම ඔහොම තමා :dull:

    :yes:

    :yes:

    පට්ට බන්:lol:
    :yes:

    :yes:

    :yes:

    හැමෝටම 11+ දෙනවා :yes:
     
    • Like
    Reactions: mjayanatha

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිනා ගියේ නැ සහෝ :( තව උත්සහ කරන්න :( -12 :පුප්පන මුණ:

    :පුප්පන මුණ: =
    2z7e8bb.jpg