ටික දවසක් යනකොට මම ඒ කෙල්ලට කැමති වෙලා තිබ්බේ. පන්තියේ කොල්ලෝ ගොඩක් කිව්වෙ ඔහොම චාන්ස් එකක් එන්නෑ බං කොල්ලෙකුට කියල. දෙවැනි පාරටත් ඇවිල්ල අය කෙල්ල මගෙන් ඇහුවා ඇයි ඔයා මට කැමති නැත්තෙ කියලා. මම කිව්වා ඔයා ගොඩක් ලස්සනයි ඇත්තටම. ඒ උනාට මම කැමති නෑ කියලා කිව්වා ආයේ. එහෙම අහල යනකොටත් මට හිනා. මම එයාට රෝස මලකුයි චොකලට් එකක් අරගෙන ගෙදර යද්දි එයාලගේ ගෙදර මළ ගෙදරක් වෙලා. මට හිතුණා ඒ වෙලාවේ ඒක එයාට කියන්න හොඳ නෑ කියලා. මම බිස්කට් පැකට් එකක් අරගෙන ගෙදරට යනකොට එයාගේ යාළු ගෑණු ළමයි මම දිහා බලාගෙන හිටියා අඬ අඬ. ගේ ඇතුලට ගිහිල්ල මිනිය බලනකොට ඒ මට කැමති වෙච්ච කෙල්ල. මගේ හාර්ට් එකේ සද්දෙ මගේ කණට ඇහෙන්න ගත්තා. මම එළියට ඇවිල්ල වාඩිවෙලා මොකද්ද උනේ කියල කල්පනා කලා. මට දැන් අවුල හොඳටම වැඩියි. මගේ වයස අවුරුදු දහ අටයි. එයාට දාහතයි. මට ඒක දරා ගන්න තරම් ශක්තිමත් වයසක නෙමෙයි හිටියේ. ළඟ ඉන්න කට්ටිය කතා වෙනවා මට ඇහුනා මැරිලා තියෙන්නේ පපුවේ අමාරුවක් හැදිලා කියලා. කෙල්ල මොකක් හරි ලොකු දුකක ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. මම එතනින් හිමින් සැරේ එළියට ආවා. අදටත් ඒ මරණය ගැන කවුරුත් දන්නෑ මැරුණ හේතුව. මම බෑ කියපු හිතේ දුකින් තමයි ඒ කෙල්ල මැරුණේ. ඒ ගමේ හිටපු ලස්සනම කෙල්ල. ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිත් උනා. අදටත් එයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. එයා හැම රෑකම මාත් එක්ක හීනෙන් ජීවත් වෙනවා.
ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහනකොට ඇත්තටම කැමැත්තක් තියෙනවා නම් කල් දාන්න එපා. මොන හරි දෙයක් වුණොත් ජීවිත කාලයම මැරුණා හා සමානව ජීවත් වෙන්න වෙනවා. මුදල් කොපමණ තිබුණත් වැඩක් නෑ.
ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහනකොට ඇත්තටම කැමැත්තක් තියෙනවා නම් කල් දාන්න එපා. මොන හරි දෙයක් වුණොත් ජීවිත කාලයම මැරුණා හා සමානව ජීවත් වෙන්න වෙනවා. මුදල් කොපමණ තිබුණත් වැඩක් නෑ.