Bandara Thilakarathna
එදා සාෆිගෙ දරුවො දෙන්න පාසලෙන් අස් කරගෙන යන්න සිදු වුණා. හේතුව ඔවුන් බෞද්ධ බාලිකාවක ශිෂ්‍යාවන් වීම. මම ඒ පාසලේ ගුරුවරයෙකු විදියට දැඩි කම්පනයකට ලක් වුණා. ඒ දරුවො දෙන්නගෙ අස්වීම අරගෙන යන්න ඇවිත් හිටියෙ එයාලගෙ අම්මා. මම ඇයත් සමඟ කතා කළා. ඒ හිතේ තිබුණු කම්පනය මට දැනුණා.
" අනේ සර්, දුවලගෙ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. ...."
ඒ ඇස්වල කඳුළු. ඇගේ වැඩිමහල් දියණිය එතකොට 9 වසරෙ. ඇය ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ සභාපති. ඇය පාසලෙන් යනවා කියන්න මා හොයාගෙන ආවා. කඳුළු හංගාගෙන ඇය මට හිනා වුණා. ඇයත් අවසන් වතාවටත් මට කිව්වෙ " මගෙ තාත්තා වැරදි නෑ සර්... "
ඔව් පුතේ ඔයාගෙ තාත්තා වැරදි නෑ කියලා නීතියෙන් ම ඔප්පු වෙලා ඉවරයි. අපි මේ තිරිසන් සිතුවිලි නැති සුන්දර මිනිස් ලොවක් ගොඩ නඟමු.

