මගෙ පුංචි දෝණි..
සුදු සුමුදු මල් දෙපෙති නෙලාගෙන එන්නී
ඇවිදිනා රෑ හීන මලින් සරසන්නී
අඳුරු උනු මා නෙතේ පහන් දල්වන්නී
නුඹ මගෙයි...මා නුඹෙයි...මගෙ පුංචි දෝණි..
සඳවතින් මට උපන් මගේ සඳ සාවියේ
සඳ දුරයි මට ඉතින් නුඹේ උණුහුම තියේ
සීරුවට නුඹ හොවා වළාකුළු පේළියේ
රැගෙන යමි නුඹව මා ඈත ආකාසයේ...
සඳ නුඹෙයි නුඹ ළගින් ඇය තබා සුව ලෙසේ
මම හිඳිමි තරුවක්ව අඳුරු රෑ අවපසේ
පුංචි දෝතින් බදා සිරකරන් සෙනෙහසේ
හිනැහෙනා නුඹ දමා දුරක යන්නේ කෙසේ...
ඇවිදිනා රෑ හීන මලින් සරසන්නී
අඳුරු උනු මා නෙතේ පහන් දල්වන්නී
නුඹ මගෙයි...මා නුඹෙයි...මගෙ පුංචි දෝණි..
සඳවතින් මට උපන් මගේ සඳ සාවියේ
සඳ දුරයි මට ඉතින් නුඹේ උණුහුම තියේ
සීරුවට නුඹ හොවා වළාකුළු පේළියේ
රැගෙන යමි නුඹව මා ඈත ආකාසයේ...
සඳ නුඹෙයි නුඹ ළගින් ඇය තබා සුව ලෙසේ
මම හිඳිමි තරුවක්ව අඳුරු රෑ අවපසේ
පුංචි දෝතින් බදා සිරකරන් සෙනෙහසේ
හිනැහෙනා නුඹ දමා දුරක යන්නේ කෙසේ...


