මගෙ හොඳට නෙ ....

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    අනේ ශි‍්‍රයානි, මට දරාගන්ඩ බැරි මගෙ කාරෙකටම යට වෙලා ඔයාගෙ මහත්තයා මැරුණට. මං තුන් හිතකින් වත් හිතල කරපු දෙයක් නෙමෙයි ශි‍්‍රයානි ඒක.’
    අනෝමා, ශි‍්‍රයානි වැළඳ ගනිමින් කීවේ දෑසින් කඳුළු උතුරුවමිනි.

    ‘මම ඔයා එක්ක තරහා නෑ අනෝමා. මම දන්නවා ඔයා හැම දෙයක් ම කරන්නෙ මගෙ යහපතට කියල.’ ශ්‍රීයානි, අනෝමාගේ පිට අතගාමින් කීවාය.


     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    නෑදෑයෝ

    වැඩ අවසන් ව නිවෙසට පැමිණි සාජන් මහත්තයා තම බිරිඳට මෙසේ කීවේය.
    ‘ඒකයැ වසන්තා, මගෙ නෑයො කට්ටියක් මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කියලා මට ටෙලිෆෝන් කරලා කිව්වනෙ.’

    ‘මළ කරදරයක් නෙ. බඩුමුට්ටුවල ගිනි ගණන්වල හැටියට මේක නෑයන්ට සලකන්ඩ පුළුවන් කාලයක්යැ.
    ඉතින් ඔයා ඒ ගොල්ලන්ට කිව්වේ නැද්ද මේ නිවාඩුවට අපි ගෙදර නෑ කියල.’ වසන්තා පරල වී කියවන්නට ගත්තා ය.


    ‘මං කිව්වා ළමයෝ. යන්තං ඒ කරදරේ එතනින් ඉවර වුණා.’ සාජන් මහතා කීවේ කපටි සිනාවක් මුවඟට නංවමිනි.

    ‘හරි ෂෝක්. යන්තං බේරුණා. කවුද අනේ ඔය කිව්ව ඔයාගෙ නෑයො කට්ටිය?’

    ‘වෙන කවුද වසන්තා, ඔයාගෙ අම්මයි, තාත්තයි, අයියලා මල්ලිලා ටිකයි, අක්කල නංගිලා ටිකයි මිසක්.’
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ගන්ඩ ඇවිත්

    එක් ගොවියෙක් වහු පැටවකු මිලදී ගැනීම සඳහා ගියේ තම පුතා සමඟිනි.
    වහු පැටවා වෙත කිට්ටු වූ ගොවියා ඌගේ හිසේ සිට වල්ගය දක්වා අතගා බැලීය. පිට, බඩ වැනි තැන් හෙමිහිට මිරිකුවේය.
    කීප තැනකටම තට්ටු කළේය.
    ළපැත්තට මුහුණ ළං කොට සිඹ බැලීය. අනතුරුව තම තියුණු පරීක්ෂණය දෙස දෑස් අයා බලා සිටි පුතු දෙස බලා මෙසේ කීය.


    ‘පුතේ, සල්ලි දීලා යමක් ගන්ඩ කලින් හොඳට හොයලා බලලා ගන්ඩ ඕනැ.’
    ඊට දින කීපයකට පසු ඔහු කුඹුරේ වැඩ කරමින් සිටියදී පුංචි පුතා හති දමමින් ඔහු වෙත දිව ආවේය.
    ‘තාත්තෙ, තාත්තෙ, අන්න කවුද අයියා කෙනෙක් අපේ අක්කව සල්ලි දීලා ගන්ඩ ඇවිත්.’ පොඩි එකා හති දමමින් කීවේය.
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ලක් කාරයා

    ‘හරි පුදුම කතාවක් නෙ අනේ මේ පත්තරේ තියෙන්නෙ. එක බිරිඳක් එයාගෙ ස්වාමි පුරුෂයා එක්ක අවුරුදු තිහක් තිස්සෙ එකම වචනයක් වත් කතා කළේ නෑ කියල තියෙන්නෙ.’
    චම්පා කියවමින් සිටි පුවත්පතෙන් හිස මෑත් කොට හේමන්ත දෙස බලා කීවාය.

    ‘ෂ: ඒ මිනිහා හරි ලක් කාරයෙක් නෙ.’ හේමන්ත සිනාසෙමින් කීවේය.
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මූලික සුදුසුකම්

    ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ.
    සම්මුඛ පරීක්ෂණයේදී එක් අයදුම්කරුවකු ඇමතූ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා මෙසේ ඇසීය.


    ‘ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවයට බඳවා ගැනීමට තමාට තියෙන සුදුසුකම් මොනව ද?’
    ‘මම ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්‍රකාශ කළේය