මගේ ආදරණිය මතකයන්.

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මගේ ආදරණිය මතකයන්.

    ක්ලාස් ඇම් 4 හා මගේ ආදරණිය දුම්රිය මතකයන් .

    මම ඉපදිච්ච දවස්වල ඉදන් යන්ත්‍රයක කියල මුලින්ම මට මතක හඩ කෝච්චියේ සද්දේ . මම ඒ සද්දෙට පොඩිකාලේ ඉදන් ගොඩක් ආස කරේ ඇයි කියල කියල නම් තම තේරෙන්නේ නෑ . අපේ අම්මගේ ගම හික්කඩුව වවුලගොඩ . මම ඉපදුනාට පස්සේ මාස ගානක් හිටියේ එහෙ . ඊට පස්සේ අපි පිළියන්දල ගෙදර ආවට පස්සේ හැම මාසෙකම වාගේ හික්කඩුවේ අච්චියමලගේ ගෙදර යනවා. ඉතිං අපි කෝච්චියට නගින්න එන්නේ මොරටුවට . උදේ හැමදාම වගේ යන්නේ 7:23 (වගේ මතක) ට මාතර යන කෝච්චියේ . සෙනසුරාදා දවසට කවදාවත්ම අපිට ඉදගන නම් ලැබෙන්නේ නෑ . අනික අපි යන්නෙත් 3 වන පන්තියේ ටිකට් අරගෙන . මට මතකයි කෝච්චිය එන්න ඉස්සර වෙලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දැනුම් දුන්නම (පළමු වේදිකාවට දැන් පැමිණි සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් ගාල්ල සහ මාතර බලා පිටත්වේ . දුම්රිය නවත්වන්නේ පානදුර, දකුණු කළුතර , අලුත්ගම , බෙන්තොට , අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , තල්පේ ,අහංගම ,වැලිගම ,කබුරුගමුව සහ මාතර .

    තුන්වන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන්කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් මගින් එසේකිරිමෙන් වැලකි සිටින්න ........ ) තාත්තා බැංකුවේ ඉදන් ඉන්න මාව වඩා ගන්නවා . අම්මා බැග් එක අතට ගන්නවා .

    කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් . ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර අස කරද ?

    ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .

    කෝච්චියේ අන්තිම පෙට්ටියත් ගියාට පස්සේ අපි වේදිකාවෙන් බැහැල පයින් යනවා බස් නවත්වන හරියට . ගොඩක් වෙලාවට අපිව එක්කගෙන යන්න ගාමිණී මාම එනවා . නැත්තම් අපි රේල් පාර අයින දිගේ යන එක තමයි .

    දවසක් මට මතකයි රුහුණ අරන් අපු M4 පෙරලෙන්න කියල රේල්පාර අයිනේ හිටපු මට වැඩ ටිකක් වැඩිමල් කොල්ලෝ 3 දෙනෙක් ගල් කැට තිබ්බ . මම එදා අපේ පොඩි පුචිඅම්මත් එක්ක ටවුමට අවා එයාගේ අතේ එලිල . හික්කඩුව දුම්රිය පොළ පහුවෙලා තියනවා පොඩි ඇල පාරක් . කෝච්චිය මේක උඩින් තමයි ගාල්ලට යන්නේ . රුහුණ ඇවිත් (හරියට හවස 6 ට එනවා) හික්කඩුවේ නවතුව විතරයි අරුන් පිලි දෙක උඩම ගල් තිබ්බ . මම පුංචිට කිව්වා අපි ඒවා අයින්කරමුද කියල , පුංචි හිනා උන විතරයි මට මතක . කෝච්චිය ඉස්සරහා තියන නිසා අපි පාලමෙන් එහපත්තට යන්නේ නැතුව හිටිය . ඔන්න කෝච්චිය ආව . m 4 පවනට බදු වේගයෙන් අපි ඉස්සරහින් ගියා . අර ගල් කුඩුවෙලා තියනවා මම දැක්ක වැලි වගේ . මට ඇහුන අර කොල්ලෝ දෙන්නගෙන් ,ලොකු එක කියනවා "ඊලග පාර ලොකුගල් තියමු කියල" උන්දිහ දැක්කම මට බයයි මොනවත් කියන්න . මම ඉතින් හික්කඩුව ගේට්ටුව ගාව හිටපු දුබුරු ඇදුමක් ඇදගත්ත මහත්යට කිව්වා "මාමේ අර අතන ඉන්න කොල්ලෝ 3 දෙන කොච්චිපාරේ ගල් එක පෙරලෙන්න කියල " එය ඉස්සෙල්ල අපේ පුංචි අම්ම වගේ හිනා එයත් උනා . පස්සේ මට තේරුම් ගිය එන්ජිමේ බරට ගල් කුඩුවෙනවා මිසක් කෝච්චිය පෙරලෙන්නේ නෑ කියල

    ඉස්සර ගොඩක් කොච්චි ඉහල පහල ගියේ නෑ . මිනිස්සු පුරුදු වෙලා හිටිය කෝච්චියේ නම කියල කතාකරන්න , හරියට මේ වගේ , " ආ ඔන්න රුහුණ ආව , දැන් තමයි සමුද්රේ අවේ , වවුනියා එක අද පරක්කුයි වගේ , මේල් එක දැන් ආව " . ඔය විදියට

    මට මතක ඇති හැම දවසකම වගේ (පොඩි කාලේ) කොච්චි එන්ජිමට තිබුනේ ඇම්4 එකක් . පොඩිම කලේ මට කල්පනා උනේ හැම එන්ජිමක්ම මේ වගේ වෙන්න ඇති කියල . රුවන්වැලි , ඉසුරුමුණි , කැළණි, වගේ සුරතල් නාමයන් මේ එන්ජින්වල තියනවා මම දැක්කා . ඉස්සර කෝච්චියෙන් බැස්ස ගමන්ම මොරටුවෙන් තාත්තා මාව වඩා ගෙන එන්ජිම ගාවට එක්කගෙන යනවා .ඒ මගේ දෑඩි බල කිරීම නිසා . කොච්චර ආස උනත් එන්ජිම ගාවට යද්දී මට අමුතු බයකුත් ඇති වෙනවා . මම තාත්තාට ඒක පෙන්වන්නේ නෑ , මොකද එතකොට ඊලග පාර එක්ක යන්නේ නැති වෙයි කියල . වේදිකාවෙන් පිටවෙද්දී m4 ගේ නලා හඩ තාමත් මට මතක් වෙනවා . ඒ මීට අවුරුදු 30 කට වගේ ඉස්සර m4 ගේ හැම සද්දයක්ම අදත් ඒ වගේමයි .

    මම තාත්තාගෙන් අහනවා පොඩි කලේ ඇයි එන්ජිම හෝදන්නේ නැත්තේ කියල . තාත්තා කියනවා මේවා ගොඩක් ඈත ඉදන් එන්නේ . මාතර ගියාම තමයි හෝදන්නේ කියල . මම ඒ කතාව ඉතින් පිලිගන්නවා .

    මගේ මතකයන් , අනුරාධපුරේට කෝච්චියේ ගියපු හැටි , බදුල්ලට ගියපු හැටි , නුවර ගියපු හැටි සහ ඒ ආදරණිය මතකයන් මගේ ජීවිතේම කවදාවත්ම අමතක වෙලා නම් යන එකක් නෑ . කෝච්චියට මගේ ආදරේ ඒ තරම් . අදටත් කොච්චි එන්ජිමක් කිව්වම මට මතක් වෙන්නේ class m4 . මට ලෝකේ තියන ලස්සනම කොච්චි එන්ජිම class m4 . ඉතින් ආදරණිය class m4 ඕයා හැමදාම අපි වෙනුවෙන් ඉන්න !
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    maxresdefault.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මටත තාම මතකයි M4 Class එන්ජින් ආපු දවස්. ඒ කාලෙ මමත් හරිම ආස කරපු එන්ජිමක් තමයි M4 එක. W Class එන්ජින් වලටත් මම ආස කරා. මේ M4 එන්ජින් ආපු කාලෙ මගේ කසින් අයියා කෙනෙක් නානුඔය රේල්වේ ඩිස්ට්‍රික්ට් ඉන්ජිනියර් වෙලා හිටියා. ඉතින් අපි නිතරම උඩරට මැණිකේ කෝච්චියෙ නානුඔය යනවා. ඒ දවස්වල තමයි ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට M4 එන්ජින් දැම්මෙ. මම හරිම ආසයි කෝච්ච්ය කඳු අස්සෙන් වංගුවක් ගන්න කොට එන්ජිම දිහා බලන්න. පුදුම අපූර්ව දර්ශනයක්. අද කාලෙ තියෙන සර්ව පිත්තල ලෝකෙට වඩා ඒ කාලෙ හරිම සුන්දරයි.

    මචන්, මගේ අම්මගෙ ගමත් හික්කඩුව. අම්මලගෙ මහ ගෙවල් තිබුනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවො වැඩ වාසය කරපු පන්සල කිට්ටුව. මත තාම මතකයි ඒ ගෙදර. හරිම සුන්දර මතකයක්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මේක තමයි මචන් Class M4 එන්න ඉස්සෙල්ල තිබුන කැනේඩියන් එන්ජින් එක. මේක Class M2. මේකටත් මම ආසයි.

    P8240884m_zpsgy086dkh.jpg
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මටත තාම මතකයි M4 Class එන්ජින් ආපු දවස්. ඒ කාලෙ මමත් හරිම ආස කරපු එන්ජිමක් තමයි M4 එක. W Class එන්ජින් වලටත් මම ආස කරා. මේ M4 එන්ජින් ආපු කාලෙ මගේ කසින් අයියා කෙනෙක් නානුඔය රේල්වේ ඩිස්ට්‍රික්ට් ඉන්ජිනියර් වෙලා හිටියා. ඉතින් අපි නිතරම උඩරට මැණිකේ කෝච්චියෙ නානුඔය යනවා. ඒ දවස්වල තමයි ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට M4 එන්ජින් දැම්මෙ. මම හරිම ආසයි කෝච්ච්ය කඳු අස්සෙන් වංගුවක් ගන්න කොට එන්ජිම දිහා බලන්න. පුදුම අපූර්ව දර්ශනයක්. අද කාලෙ තියෙන සර්ව පිත්තල ලෝකෙට වඩා ඒ කාලෙ හරිම සුන්දරයි.

    මචන්, මගේ අම්මගෙ ගමත් හික්කඩුව. අම්මලගෙ මහ ගෙවල් තිබුනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවො වැඩ වාසය කරපු පන්සල කිට්ටුව. මත තාම මතකයි ඒ ගෙදර. හරිම සුන්දර මතකයක්.


    උඩහා පළාත් වල කැනේඩියන් ජර්මන් රජකරපු දවස් තමයි මචන් සුන්දරම දවස් කියල මටත් හිතෙන්නේ . M4 Class එන්ජින් උඩරට මැණිකේ අරන් යනවා දකින්න තරම් මගේ ඇස් වසනා කරලා නෑ මචන් .

    ඔව් ඔව් , වංගුවක් ගද්දි අන්තිම හරියේ පෙට්ටියක ඉදන් එන්ජිම දිහා බලන එකට මාත්‍ ගොඩක් ආදරේ කරා .නිල පාටින් , සිල්ව පාටින් දිලිසෙන දුම්රිය එන්ජිමත් එකක් රතට රතේ දිලිසෙන රුමේනියන් මැදිරි අමුනගෙන පවනට සමාන වේගයෙන් පොල් රුප්පා මැදින් ඇදෙන කෝච්චිය දිහා බලන එක තරම් ආසාවක් මට ඒකාලේ තවත් නෑ . අසූව අග භාගයෙන් පස්සේ ඒ වාසනාව හැමෝටම ලැබෙන්න නැතුව ඇති .

    මාත් w class එන්ජින් වලත් ගොඩක් ආදරය කරපු කෙනෙක් . අදටත් ව class උඩහ දුවනවා කිසිම අමාරුවක් නැතුව . ඒ තමයි ජර්මන් තාක්ෂනය සහ එදා අපේ රේල්ලුවේ පාලකයන්ගේ දුර දක්නා නුවන , කියලි මට හිතෙන්නේ මචන්.

    අපේ අම්මගේ මහා ගෙවල් තිබුනනේ හික්කඩුව වවුලා ගොඩ මචන් . ටවුමේ ඉදන් 2-3 කිලෝමීටර් ඇතුලට යන්න .

    පොලවේ පය ගහල , කෙලිදොලෙන් හිටපු ඒ අතීතය තරම් තවත් සුන්දර කාලයක් මටනම් නෑ මචන් ...
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේක තමයි මචන් Class M4 එන්න ඉස්සෙල්ල තිබුන කැනේඩියන් එන්ජින් එක. මේක Class M2. මේකටත් මම ආසයි.

    P8240884m_zpsgy086dkh.jpg

    මේ අපේ ආදරණිය වැන්කුවර් නේද ? අවුරුදු 50 කටත් වඩා අනෙක් විද දුක් මැදින් උඩහ පලාතට කරපු සේවයනම් ඇති මහත් . මචං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල


    wow! patta macho !


    :yes::yes:
    වෙලාවක් තියෙන කොට මේ site එකේ ශ්‍රීලංකා සබ්සෙක්ෂන් එක බලන්න,
    සැහෙන වටිනා පොටෝ ටිකක් තියෙනවා,
    සුද්දෝ ගත්තු වගයක්.
    Code:
    http://www.phantasrail.com/sri_lanka.htm