මගේ කතාව අවසානයි .. Over

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක පොඩි දෙයක් .එත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙන නිසා කියන්න හිතුනා .ලගදි බලපු Stranger Things එකේ පොඩි උන්ගෙන් තමා මේක මම දැන ගත්තේ .උන් walkie talkie එකක් තියාගෙන කරන කතා බහ . එක්කෙනක් කතා කරලා over කියනවා .අනික් කෙනා ඊට පස්සේ උත්තර දෙනවා .මැදින් පැනලා උත්තර දෙන්න ගිහින් එකකුට බනිනවා එක්ක

    ඉතින් මේකේ අපි ගොඩ දෙනකුට ගන්න තියන දෙයක් තියනවා .අපි එදිනෙදා කතා බහදී අපි එක්කෙනක් කතා කරලා ඉවර වෙනකම් ඉන්නේ නැහැ , එක්කෝ මැදින් පැනල උත්තර දෙනවා . නැත්තම් මැදින් පැනල ප්‍රස්නයක් අහනවා .මතත් මේක තිබබා දැන් ටිකක් අඩු කරගෙන යනවා .

    විශේෂ යෙන්ම දුරකතන සමාගම් වල customer care වල ඉන්න අය මේ දේ හොදින් පිළිපදිනවා .අපි ප්‍රශ්නය කියලා ඉවර වෙනකම් ඉදලා උත්තර දෙන්නෙත් උත්තර දෙනකොට අපි මැදින් පැන්නොත් කතාව නවත්තලා නැවත අසාගෙන ඉන්නත් එයාලා හොදින් දන්නවා

    ඉතින් මේවෙනකුගේ කියන දෙයක් හොදින් ඇහුන්කම් දීම ගොඩක් වැදගත් .පස්සේ එයා නතර කලාම උත්තර දෙන එකත් ඒවගේම හොදයි කියලා හිතෙන්නේ .

    ඔයාලා මොකද කියන්නේ මේ ගැන , මේකේ අඩු පාඩුවක් නම් කරුණු එකතු කරන්නත් , වැරදි නිවැරදි කරන්නත් අවස්ථාව තියනවා
    දැනට මගේ කතාව අවසානයි .. Over :)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් මේවෙනකුගේ කියන දෙයක් හොදින් ඇහුන්කම් දීම ගොඩක් වැදගත් .පස්සේ එයා නතර කලාම උත්තර දෙන එකත් ඒවගේම හොදයි කියලා හිතෙන්නේ .
    ඇත්ත බන්.. Argue කරද්දී අනිත් එකාට කතා කරන්න දීලා අපේ opinion ඒක කිව්වම අරූ පැරදුනත් ඌ අපිත් එක්ක fit වෙනවා.. උට listen කරලා respect කරන නිසා..චමුදිතයා වගේ මැද්දෙන් පැන්නම විනාඩි 5 කතාව පැයක් වෙලා අන්තිමට නැති තරහකරයෙකුත් හදාගෙන තමා
    නවතින්නේ..
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    වෝකිටෝකි එකෙන් කතා කරද්දි එක්කෙනෙක් ට්‍රාන්ස්මිට් බට්න් එක ඔබාගෙන ඉන්නව නම් ඒක අතාරිනකන් අනිත් කෙනා මොනවහරි ට්‍රාන්ස්මිට් කලත් මෙයාට ඒක ඇහෙන්නෙ නෑ. ඔන්න ඔය නිසා ඇතිවෙන confusions වලක්වගන්න තමා ඕවර් කියන්නේ. මම කියල ඉවරයි ට්‍රාන්ස්මිට් බට්න් එක අතාරිනවා කියන එක තමා කියවෙන්නෙ. එතකොට අනිත් කෙනාට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්.