දැන් අපිට හොද පිළිතුරක් ලැබෙනවා නේද අර රනුක මෙයාව අතාඅරින්නත් ලං කරගන්නත් හේතුව ගැන.අපි දන්නේ මෙයා කියන දේ විතරයි මේ ගැන.අපි දන්නෑ රනුකගේ පැත්තෙන් මොනාද උනේ කියලා.රනුකට එපා වෙන්න මෙයා මොනවාහරි එපාම කියපු දෙයක් කලාද?ඒක අපි දන්නෑ.ඇත්තටම අර රනුකගේ අම්මට නෑදෑයන්ට කියපු ඒවා ඇත්තද කියලා අපි දන්නෑ.කොටින්ම කිව්වොත් මෙයා ගැන මෙයා කියලා තියෙන ඒවා ඇරුනාම මෙයා ගැන කිසිම දෙයක් අපි දන්නෑ.දැන් එයා මෙතන දිවුරල කිව්වත් අපිට පිළිගන්නත් බෑ.මොකද අපි දන්නව ගැණු ලමයින්ගේ දිවුරිල්ල ගැන.පට්ටපල් බොරු වලට අම්මපල් කියලා දිවුරන්න උනත් පුළුවන් ගෑණු ලමයින්ට.ඒක හින්දා අපි මෙයාගේ මේ විහින් ඇතිකරගෙන තියෙන ප්‍රෂ්ණෙට නැතිනම් ජීවිත විනාශ කිරීමට උත්තරයක් සහනයක් දෙන්න බෑ නේද?????අපිට එක පැත්තකින් විතරක් කථාව අහලා එහෙම උත්තර දෙන්න බෑ නේද?අපි මේ කෙල්ලගේ හිත හදන්න මෙතන එක වචනෙකින් හරි කියන දේ අර කොල්ලෝ දෙන්නගේ ඒ කොල්ලන්ගේ දෙමව්පියන්ගේ ජීවිත වලට මොනවගේ බලපෑමක් කරයිද කියලා අපි දන්නෑ.ඒක හින්දා මෙතන ඔයාලා මෙයාගේ හිත හදන්න දාන හැම කමෙන්ට් එකකින්ම ඔයාලත් තවත් ජීවිතයක් නැති කරන්න උදවු වෙනවා කියල මතක තියාගන්න.....
දැන් අපි බලමු මේ අනිත් අයගේ චරිත දිහා
නිකමට හිතන්න බැලූ බුල්මටම මේ රනුකි කියන චරිතේ අපිට ගොඩක් හුරු පුරුදුයි වගේ.ඒ මොනවගෙන්ද ඇත්තටම???ඒ නවකථාවල ඉන්න චරිත වලින්.මේ කියන පුද්ගලයා සුපර්මෑන් වගේ කෙනෙක්.බලන්න මෙයාගේ හැකියාවල්??ඔයාලට ජීවිතේ කවදාවත්ම හම්බෙලා තියෙනවද මේ වගේ කෙනෙක්ව?එක්කෝ මේ කථාව අපිට මේ කියන ගෑණු ලමයාගේ හිතේ මේ රනුක කියන කෙනාව හිතේ ඇදිලා තියෙන විදිහයි මේ දාලා තියෙන්නේ.එහෙම නැතිනම් මෙහෙම කෙනෙක් නෑ.ඇත්තටම කියනවනම් කෙනෙක්ට ස්වභාවිකවම පිහිටන්නේ හැකියාවන් කීපයයි.ඒවාත් ඒ කෙනා ප්‍රයොජනයට ගන්නේ කීපයයි.මේ කියන කෙනාට මේ ලෝකේ තියෙන හැමදේම පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒවා පාවිච්චිත් කරනවා.ඒක හරිම අසාමාන්‍යයි නේද?ඇත්තටම මං හිතන විදිහටනම් මේ රනුක ගැන මේ කථාව කියව එක්කෙනා හිතන් ඉන්න විදිහ තමයි මේ දාලා තියෙන්නේ.මං නිකමට දෙයක් කියන්නද?ඔයාලා දන්නද ඩෙංගු හැදුනාම කොච්චරනම් අමාරුද කියලා?ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් මහන්සි වෙන්න බැරි බව දන්නවද????එයා ගැන එච්චරයි
දැන් බලමු අමිල ගැන.අමිල මොන වගේ කෙනෙක්ද?ඇත්තටම මං දකින විදිහටනම් අමිල කියන්නේ ඇත්තටම ඕනිම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය පිරිමි චරිතයක්.තරහා යන එක ඕනිම පිරිමියෙක්ට පොදු දෙයක්.ගොඩක් පිරිමි අය කැමතියි යාළුවන් අඩු කරන් ටිකක් පාඩුවේ ඉන්න.ඕනිම පිරිමියෙක් තමුන්ගේ කෙල්ලව උපරිමෙන් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා.හොදින් කියලා කියලා බැරිම තැන කවුරුත් බලන්නේ කොහොමහරි ඒක නවත්වන්න.ඇත්තටම ආදරේ කරනවනම් එහෙම කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම.එහෙම නොකර අහක බලන් ඉන්නේ එක්කෝ ආදරේ නොකිරීම නැතිනම් නපුංසකකම.ඇත්තටම කියනවනම් අමිල කියන්නේ හොද කොල්ලෙක්.කිසිම වැරැද්දක් නැති.
අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.
ඔයාට ඔය කියන විදිහට ඔයා එක්කෙනෙක්ව බැන්දත් අන්ත් එක්කෙනා එක්කත් සෙක්ස් කරන්නවත් කිසිම ප්‍රෂ්ණයක් ඇති වෙන්නෑ.ඔයාලා වගේ ගෑණු එහෙමයි.බොරුවට අසරණකමක් මවා පාන් පිරිමි අයවයි ලෝකෙමයි රවට්ටන්න පුළුවන් කියලා ඔයාලා හිතන්නේ.ඒත් ඔයාලාම දන්නෑ ඔයාලට එහෙම හැමෝමවම රවට්ටන්න බෑ කියලා.
ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....
වෙන විකල්පයක් නෑ ඔයාට..
මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....