එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.
කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.
ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න තියන සහතිකයක් විතරයි. මම මේක කලිනුත් එළකිරියේ ලියල ඇති. ලංකාවේ ඉන්න දරුවෝ හිතාගෙන ඉන්නේ කලම්බු යුනි එකකින් සයන්ස් නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක් නොගත්තොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් නොවුනොත් යන එන මන් නැති වෙනවා කියල.
මම ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා කොළඹ පාසලක ඉගන ගෙන ඔයා වගේම ක්‍රමානුකුලව පසු බැහැපු කෙනෙක්. අවසානේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න මට සුදුසුකම් තිබුනේ නැහැ. හීනෙන් ඇහැරුනේ ඔයා වගේම ඒ ලෙවල් රිසල්ට් ආවම.
හැබැයි මම සෙකන්ඩ් ෂයි නොකර විවෘත විශ්ව විද්‍යාලයේ නැචුරල් සයන්ස් ඩිග්රි එක කළා. ඒ අවුරුද්දේ ෆස්ට් ක්ලාස් ඩිග්රි හයෙන් එකක් මට තිබුන. අන්තිමේ ලංකාවේදීම මම මගේ පී.එච්.ඩී එක කළා. ඒ අවුරුද්දෙම ඇමෙරිකාවේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ රැකියාවට ආව. එතැනදී මම උපාධි ගත්තු විශ්ව විද්‍යාල මොනාද කියල කවුරුත් බැලුවේ නැහැ. වැදගත් උනේ මගේ ෆීල්ඩ් එකේ මට තිබුන දැනුම විතරයි. උපාධි සහතික ඕනේ උනේ ඒ රැකියාවට අවශ්‍ය සුදුසු කම ඔප්පු කරන්න විතරයි. ඉන් පස්සේ ඇමෙරිකන් නේවි එකේ සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කළා.
මේ වෙද්දී මම Senior Scientist කෙනෙක්. අද වෙද්දී මගේ ෆීල්ඩ් එකේ ඉන්න ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ටල බොහොමයක් එක්ක මම වැඩ කරලා තියනවා. මේ සියල්ලම ලිවුවේ ජීවිතය ඒ ලෙවල් වලින් අවසාන නොවෙන බව පහදලා දෙන්නයි.
අද ඔයා වගේ එදා මමත් හිතුව නම් මම අද මෙතන නැහැ.
තමන් කරන දේ උපරිමයෙන් කරන්න. අරමුණක් හිතේ තියාගන්න. දැන් තේරිලා තියන උපාධිය ඉහලින්ම කරගන්න. අනාගතය ඕනෙවට වඩා හිත න්නෙපා. ඒ කාලය යොදවන්න, තමන්ගේ වර්තමානයේ කරන දෙයින් උපරිම ප්‍රතිපල නෙලා ගන්න . ඔයාගේ ජීවිතය විසින් ඔයාව නියමිත තැනට ගෙනයාවි.
මම විවෘත විශ්ව විද්‍යාලෙට යද්දී මිනිස්සු මගෙන් ඇහුවා බාහිර උපාධිය කරලා මක් කරන්නද කියල. පි.එච්.ඩි කරද්දී ඇහුව ලංකාවේ ඕව කරලා වැඩක් තියෙද කියල. ඒ හැමදේටම මම ක්‍රියාවෙන් උත්තර දුන්න.
මේක කියවන හැමෝටම මම කියන්නේ. ලංකාවේ සමාජයේ තියන බරපතල ගැටළුවක් තමන් කරන දේවල් හෑල්ලු කරනෙක. විශ්ව විද්‍යාල, උපාධි හැමදේම එක එක මට්ටම් අනුව වර්ගීකරණය කරගෙන, ඒත් ඔය උපාධිය අතට ගත්තයින් පස්සේ ඕවා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ආදාල වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ ප්‍රායෝගික දැනුම රැකියාවකට කොයි තරම් දුරකට ගලප ගන්න පුලුවන්ද කියන කාරනාව.
ඔයාලට ජිවිතේ ඉදිරි කාලයේ කරන්න ඉතිරි වෙලා තියන දේවල් බැලුවම ඔය උපාධිය කියන්නේ බොහොම ප්‍රථමික දෙයක් විතරයි. ඒක විධිමත්ව දෙන ආයතනයකින් ලබා ගන්න, හැබැයි තමුන් උපරිම විදියට කැප වෙලා.
තමන් ප්‍රායෝගික සහ බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි නම් ඔය සහතිකේ හාවඩ් යුනිවර්සිටි එකෙන් ගත්තත්, ඕක නිකම් කොළ කෑල්ලක් විතරයි.
ජය වේවා !!!
Rep+++



I agree with you. 

)