පහුගිය කාලයේ මුකුත් ලිව්වේ නැති නිසා කිහිප දෙනකු ඒ ගැන විමසූ හෙයින් මොනවා හරි දෙයක් ලියැන්නේමැයි දැඩි අදිටනින් වැඩට බැස්සත් ලිවීමට වැදගත් දෙයක් ඔළුවට ආවේම නැති නිසා මගේ වෘත්තීය ජීවිතය ගැන යමක් ලිවීමට මට නිකමට මට සිතිණි.
මගේ වෘත්තීය ජීවිතය ඇරැඹෙන්නේ මගේ පාසල් ජීවිතයේ නිමාවත් සමඟය. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කතාවක් තිබේ. එහෙත් මා එ් කතාව බොරු කළේ, සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ දෙකකින්ම විශිෂ්ට සාමාන්‍ය සාමාර්ථ සහිතව සමත් වීමෙනි. අපේ තාත්තා පළාතේ මන්ත්‍රීතුමා ළඟ වැඩ කළා කියා මම එයින් අයුතු ප්‍රයෝජන ගන්නට නොගියෙමි. අපේ රටේ ජනමාධ්‍යවේදීයකු වීම දේශපාලනඥයකු වීම තරම්ම ලෙහෙසි කටයුත්තක් නිසා මම කෙළින්ම පුවත්පතකට සම්බන්ධ වූයෙමි. මට හිමිවූයේ විදේශ ප්රවෘත්ති අංශයය. මලලසේකර ශබ්දකෝෂයටත් ගූගල් ට්රාන්ස්ලේටර්ටත් පින්සිද්ධ වන්නට මට ඒ කාර්යය ලෙහෙසියෙන් කරගෙන යා හැකි විය. එහෙත් ඒ ටික දවසකට පමණි. දවසක් අපේ කර්තෘතුමා යක්ෂාරූඨව මට කතා කළේය.
"මොනවද අයිසෙ මේ මොසඩෙක් ගැන ලියන්න කිව්ව ලිපියෙ තමුසෙ ලියල තියෙන බහුබූත?"
"ඇයි සර්?" මම විමසීමි.
"මොනවද ඕයි මේ මොසඩෙක් කුකුළු පැටවුන් සමඟ බත් කෑවයි කියලා ලියල තියෙන්නේ?"
"ඉතිං සර්, මොකද්ද ඒකෙ ඇති වැරැද්ද?"
"ඕක ඉංග්‍රීසියෙන් කොහොමද හරකෝ තිබුණේ? බලපන් මේ තියෙන්නේ ඉංග්‍රීසි ලිපිය?"
"ඉතිං සර්, මේ තියෙන්නේ. මං හරිනෙ! Mosadeq had rice with chicken!"
කෙසේ වෙතත් එදායින් පසු මට පත්තර රස්සාවට ආයුබෝවන් කීමට සිදුවිය. ඊටපසු මම චිත්‍ර පන්තියක් පටන් ගත්තෙමි. ඒ මා චිත්රශිල්පයේ දක්ෂයකු වූ නිසා නොවේ. මා ගෙයක රූපයක් ඇන්දොත් එය ගෙයකැයි කියන්නට මෙලෝ ජගතකුට බැරිය. මගේ චිත්‍ර ඇඳීමේ හැකියාව එතරම් ම දුර්වල ය. එහෙත් හුඟක් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රත් සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත නොහැකි නිසා මටත් චිත්‍ර උපදේශකයකු වශයෙන් ගතමනාව සොයා ගැනීම අමාරු නොවිණි. එහෙත් ඊටද හෙනහුරා ලැබුවේ, මගේ චිත්‍ර පන්තියට නිරූපිකාවක ගෙන්වා නිරුවත් චිත්‍රයක් ඇඳීමට යෑමේදී ය. නිරුවත් කාන්තා රූපයක් කලාත්මකව අගය කිරීමට තරම් හික්මුණු උසස් රසාඥතාවක් මට නොතිබිණි. මන්ත්‍රීතුමාට පින්සිදුවන්නට පොලිස් ලාච්චුවට හසු නොවී යාන්තම් බේරෙන්නට පුළුවන් වුවත්, චිත්‍ර උපදේශක කෙරුවාව එතැනින් නතර කරන්නට මට සිදුවිය.
මේ අන්දමින් මම වෘත්තීන් සෑහෙන ගණනක නිරත වූයෙමි. ඒ හැමකක් ගැනම ලිවීමට මෙහි ඉඩක් නැත. එහෙත් මේ දිනවල මගේ හිතේ ඇති වෘත්තීය ගැන නම් ඔබට කිව යුතුමය. එය නම් ඉදිරිපෙළ පිතිකරුවකු වශයෙන් ලංකාවේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට එක්වීමය. ඒ සඳහා මම සියලු සුදුසුකම් සපුරා ඇතැයි සිතමි. ලස්සන නිල්පාට ඇඳුමෙන් සැරසී, පා ආවරණ අත් ආවරණ හිස් ආවරණ ආදිය පැළඳ පිට්ටනිය මැද්දට ගොස් පන්දු දෙක තුනකට ඇස් පියාගෙන පිත්ත වනා එක් ලකුණක් වත් ලබා නොනොවන බින්දුවට දැවී ආපසු ක්‍රීඩාගාරයට ඇවිද ගෙන එ්ම මට මහ ලොකු අභියෝගක් යැයි ඔබ සිතන්නෙහිද?
උපුටා ගැනීමකි - Prabhath Mirihagalle