මගේ කෑල්ල

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඇගේ නම සුමුදුය .මා ආදරයට පවසන්නේ සුදූ කියලාය.නමුත් ඇති සුදක් නම් නැත .
    ඇය මට පවසන්නේ ගෙම්බා කියාය ඒ ආදරේටය මා තුල එතරම් ප්‍රසාදයක් එයට නැත.
    ඇය මට වඩා තරමක් කොටය නමුත් පාරේ යන විට මට වඩා මදක් උසය ඒ හයි හීල්ස් නිසාය එවිට මම ඇයට වඩා මදක් ඉදිරියෙන් ගමන් කරමි .
    ලැජ්ජාවට නොව ඇයගේ පාදයට පෑගී මගේ කකුලට දෙතුන් වතාවක් බෙහෙත් දමා ඇති නිසාය .ඇගේ කටහඩ මිහිරිය එසේ පවසන්නෙත් ඇයමය
    නමුත් එහි ඇති ලස්සනක් නම් නැත.ඇය සිතන්නේ ඇය ස්‍රෙයා ගොශාල් බවය නමුත් ඇයගේ ගීත අසා මම සියදිවි හානි කරගැනීමට ගිය අවස්තාද එමටය .
    ඇගේ පියා සිරිදාසය ඔහුගේ වට කෙස් මැද හිස්ය මෙය ප්‍රසිද්ධියේ පවසා ගුටි කා ඇති අවස්තා අනන්තය ඒ ඇයගේ අයියා වන කාවින්දගෙන්‍ ය.
    ඇය දවසට දෙවරක් නානවාය ඊටත් වඩා ෆර්ෆියුම් නානවාය නමුත් ඇය ලගින් එන සැමන් ගද නම් යන්නෙ නැත .
    කාලයක් ඇයගේ විනෝදාංශය වූයේ පිහාටු එකතු කිරිමය ඒ දිනවල මට වෙන වැඩ නැති තරම්ය .බැරිම තැන මමගෙදර සිටින කුකුලා හම ගසා පාට පාට දියසායම් ගා ඇයට දුන්නෙමි ඇය රැවටුනාය.
    ඇගේ මෝඩකම් වල සීමාවක්නැත ඇය සිතා සිටින්නේ හදේ හාවා සිරා එකෙක් කියාය .
    නමුත් ඒවා පැහදිලි කිරීමට මම නොයමි ඊට වඩා මගෙ බල්ලා ටොමියට කොමස් සමාගම් ගනන් කියල දීම ලේසිය.
    මැයට වඩා මෝඩියක් සිටීනම් ඒ ඇගේ මවය .නම සුමනලතාය.අඩිහතක පමන කාන්තාවකි බුලතා යෝදයාගේ බිරිද වැනිය.
    වයස 49කි .මැය ගැන සිතන විට මම .සුමුද(කෑල්ල )ගැන වැඩි පසුතැවිලි නොවෙමි මන්දයත් මැය සිතා සිටින්නේ අපේ ලෝකය තැටියක් සේ ඇති බවය.
    කෑල්ලගේ නිවසේ ඇත්තේ මාතෘ මූලික වැඩ පිලිවෙලකි.සිරිදාස (මාමන්ඩි) සුමනලතාට බයය.ඇයගේ අයිය කාවින්ද රැකියාඅපේක්ෂිත උපාධිධාරියෙකි .
    උපතින්ම සයිකො කාරයෙකි .මොහුගේ අදහස ලෝකය වෙනස් කිරීමයි නමුත් තම බිරිදට පදිරිය.මොහුට සිරිදාසගේ මුහුනුවරක් නම් නැත .
    ඇත්තේ ඉස්කෝලේ පිනාගේ මුහුනුවරය.ඒ නහයමය.
    සුමුදු දවසක හවසක බුකියේ මේසේ සටහන් කර තුබුනි "හායී ගායිස් අපි ඩිනර් එකට එලියට යනව කම්මැලියි අනෙ" ඒත් ඇය සිටියේ මා සමග ඇගේ නිවසේය අපි රෑට කෑවේ බණ්ඩක්කා සමග බත්ය .
    හෙනමපඩ ශෝය .ඇගේ කටේඋඩ හනුවේ දතක් පනුවෝ කාලාය ඇය සිනාසෙන විට එය පෙනේ .
    ඇය ඒ තරමටම මුව අයා සිනාසෙයි.ඇය මගෙන් දත ගලවයි මමද එය දනී නමුත් මම වැය වූ මුදලට සරිලන ආකාරයට ඇගෙන් සේවාව ලබා ගනිමි.
    ඇය ගැන තව බොහෝ දේ කතා කල හැකියි නමුත් මගේ දැන් හිරි වැටී ඇත වෙන කුමක් වත් නොව ටයිපින් නිසා අත

    ••ට්වින්කල්•••
    -FB
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mul pada kipaya mage hitha salitha kalaa machan...

    Math ekka yalu wela hitiye kellek mata kiuwet oya namama tamai eyage namath okamai..

    Eth eki patta baduwak dan...