මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Tragedy of the human condition...
    අපිට තර්ක කරල පෙන්නුවෑකි අනෙක් කෙනෙක්ගෙන් තමන්ගේ සතුට
    හෙව්වහම කොහේදි හරි අපිට වරදිනවා කියලා. නමුත් ශෝඛාන්තය නම්
    අපේ ආත්මයන් කොච්චර හිස්ද කියනවා නම් අපිට මේ ආත්මය පුරවා ගන්න
    වෙන කෙනෙක් සම්බන්ධ කර ගන්නම වෙනවා. නමුත් මෙහෙම සම්බන්ධ කරන කෙනා
    වෙනම ආත්මයක් කියලා අපිට තේරෙන්නේ නෑ. එයා මගෙන් පරිභාහිර කෙනෙක් එයාටත්
    වෙනම ආත්මයක් තියෙනවා. අපිට එයාගේ ආත්මය පාලනය කරන්න අයිතියක් නෑ.
    එයා මගෙන් පරිභාහිර වෙනම ආත්මයක් කියලා අපිට තේරිච්ච දවසට (අපිව දාල යන දවසට)
    අපි එයාගෙන් වහගත්ත අපේ ආත්මයේ හිස් බව අයෙත් පේන්න ගන්නවා. එහෙම දාල යන
    කොට ඒක නිසා ඉතින් දාල ගිය කෙනාට බනින්න එපා. එයාව අපිට අයිති නෑ. අපිට මේ දැනෙන
    දුක එයා ඇති කරපු එකක් නෙවෙයි. එයාගේ මතකයන්ගෙන් අපි මෙච්චර කල් වහගෙන
    හිටපු අපේ ආත්මයේ තියෙන හිස් බව නිසා ඇති වෙන දුකක් කියලාවත් හිත හදාගන්න....


    සහතික ඇත්ත. ඕකට කියන්නේ රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කනවෝ කියල කෑගහනව කියන එක.
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    දාල ගිය කෙල්ල

    උබව දැම්ම දාල ගිය නිසා හොදයි..උබව බැන්ද කාලෙක දාල ගියානං උබට විධින්න නෙවෙයි විදවන්න වෙන්නේ.සියලු දේ අනිත්‍යයි බන්.එකියන්නේ නැසෙන සුළුයි.:no:උබ ආදරේ කරන නෙවෙයි උබට ආදරේ කෙනෙක් ඉන්නවනේ ..අන්න ඒ කෙල්ල උබට කවද්දාවත් වැරද්දක් නොකර ආදරෙන් බල ගනියි.:)උබව දාල ගිය කෙල්ල අනිවා දවසක කෝල් කරනවා.නැද්ද බලපන්..එදාට මට reply එකක් දාපන් .සල්ලි වල සැප තියෙන්නේ පොඩි කාලයයි සහෝ.:lol:ඒකිට ආදරේ ඕන උනාම එන්නේ :lol:උඩින් .මන් නං කියන්නේ උබගෙන් කැමැත්ත අහුපු කෙල්ලට හැමදීම කියපන්..ඒ කි විතරයි උබට ඉන්නේ දැනට..

    නැත්තන් ..

    පට්ටාචාරවට දරුවෝ 2නයි සැමියයි නැති උනා නං..
    මේ ලගධි සහරාන්ගේ බෝම්බෙන් නැති උන Swiss වල සල්ලි කාරයාගේ ළමයි..
    එහෙනං උබට උන දේවල් මොන්වධ ..
    උගේ අම්ම තාත්ත උබට කොයි තරන ආදරේද ..එආ දෙන්න බලන් සලකාගෙන උබට වියදම් කරපු සල්ලි වලට කල ගුණ සළකන් පොවපු කිරිවලින් 4/1 වත් නය ගෙවපන් ..

    එත් නැත්තන් මුලින්ම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා..ඒ කියන්නේ දවසට නිදහස් වෙලවට 10min මෛත්‍රී බාවනවා කරලා.ඊට පස්සේ එතන ඉදන් ආනාපානසති බාවනවා ප්‍රගුණ කරපං..ඔය උගේ මහා ලොකු ආදරේ සතියෙන් පුස්ස් ..:lol:

    කෙල්ලෝ සබන් පෙන..

    පිනක් දහමක් කරන් ඉදපන්..උබට ලැබෙන්න්නැති දේවල් මේ ආත්මෙදි ලැබුනේ නත්තත් ඉලග අත්ට්මේදී වත් උබට ලැබෙයි..
    ආ කෙල්ල දාල ගිය එක නං ලොකු දෙයක් කියල හිතපන්,.දැන් ඉදලම නිවන පස්සේ පලයන්..බන අහපන්..අහන්න youtube එකේ තියනව ඔය උබගේ ආධාරෙයට බෙහෙත්..යටින් link එකජ්ක් දාන්නං ...

    අනිවා මේක බලපන් ..
    https://www.youtube.com/watch?v=auToXtzsnys

    ඉඩ තියන වෙලවට මේ ටිකත් අහපන්
    https://www.youtube.com/channel/UCKZQvgOlUeISQKorqDyLK-Q/videos

    තෙරුවන් සරණයි..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Math Boot sick eke indiya meeta masa ganakata kalin... :(
    but dan thathwe wenas... :yes:
    Ara uda ekek kiyala tiyenwa
    උබ ආදරේ කරන නෙවෙයි උබට ආදරේ කෙනෙක් ඉන්නවනේ ..අන්න ඒ කෙල්ල උබට කවද්දාවත් වැරද්දක් නොකර ආදරෙන් බල ගනියි
    Meka sirma seen ekak ban...Athdakeemen kiyanne :D
    Boot Sick eke inna katath kiyanna tiyenne Be Strong Bro kiyala thamai :D
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව්වා ඔහොම තමා බං, අද ඉස්කෝලේ කොල්ලො එක්ක සෙට් උනා, එකෙක්ගේ කලින් කෙල්ලගේ අද home coming එක, breakup වෙලා මාස 2යි.
     
    • Like
    Reactions: Poththa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අම්මෝ හුත්තෝ..... කැඩී කැඩී ලව් කරපු කාලෙ මතක් උනා. ලව් කරපු එක බැඳගන්න හම්බෙන එක මාරම චාන්ස් එකක් නේද. පවුලට තව සලකන්න ඕනෙ..... 🙂
     
    • Haha
    Reactions: Poththa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ඔෆිස් එකේ කොල්ලෙක් හිටියා. ඌට කැම්පස් එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙකුත් හිටියා. අරකිට ජොබ්ස් හොයනව හොයනව හම්බෙන්නෙම නෑ. මූ බොසාට වැදල අරකිව දාගත්තා ඔෆිස් එකට. ඔන්න දැන් දෙන්න තේ බොන්න යන්නෙ එකට.කන්න යන්නෙ එකට. ටික කාලයයි තිබ්බෙ අරකි මූට පොල්ල තියල ඔෆිස් එකේ වෙන එකෙක් එක්ක සෙට් උනා. අන්තිමේ අපේ බුවාට අයින් උනා දුකයි ලැජ්ජාවයි දරාගන්න බැරිව
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සිංහළු, කෙල්ලෙක් එක පාරක් එපා කිව්වම පුක නොදී කරදර නොකර පැත්තකට වෙයල්ලා. අලි ඔලුවෙන් හිටපන් ගනන් ගන්නේ නැතුව. චූ පැත්ත නිසා නහයෙන් අඬාගෙන හොටු පෙරාගෙන පස්සෙන් ගිහින් කරදර කරන්න එපා. නැත්නම් පිරිමිකමත් ලෙප්ට් වෙලා තමයි නතර වෙන්නේ. බැඳපු ගෑනි උනත් එච්චරයි. එහෙම අලි ඔලුවෙන් උන්ව ගනන්ගන්නේ නැතුව උන් කරන කියන හැම ලබ්බටම රියැක්ට් නොකර තමන්ගේ වැඩක් කරගෙන තැනකට එන උන්ගේ පස්සෙන් තමයි ගෑනු එන්නේ. නැත්නම් පිරිමි බාග කියලා තමයි ගෑනු හිතන්නේ :dull: .



    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    කිරියේ අම්බනෙට බූට් කපු threads යද්දී මන් කවදාවත් හිතුවේ නැ බන් මටත් thread එකක් දන්නා වෙයි කියලා.ඒ දවස් වල ත්රෙඅඩ් දාපු උන්ගේ හිත හැදෙන්න දීපු කතා වලින් මට මගේ හිත හදාගන්න බැරි උනා බන් :(:( මන් වෙන account එකක් හැදුවා බන් මේක කියන්නම :D

    මන් අවුරුදු 24ක් වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු උනේ නැ බන්,මට හිත යන විදියේ කෙල්ලෝ උන්නත් උන්ට කොල්ලෝ උන්න හින්ද මන් ඒවාට බැස්සේ නැ.කෙල්ලෝ ටල්ක් කලා,එත් උන්ට කොල්ලෝ ඉන්නවා කියල දැනගත්තට පස්සේ අයින් උනා බන්.අන්තිමට මටම එපා වෙලා බන් උන්නේ .කෙල්ලෙක් දැක්කත් කරන්න හිතුනෙම නැති ගානට මට කෙල්ලෝ එපා වෙලා උන්නේ

    ඔහොම ඉන්නකොට මට fb එකේ 2011 ඉඳන් දන්නා නංගි කෙනෙක්ට හිත ගියා බන්.
    කොහොම හරි මන් ඒකිගෙන් number එක ඉල්ලගෙන මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳන් sms කරා මාසයක්.ගොඩක් ලං උනා අපි දෙන්නට දෙන්න ඊට පස්සේ.ඔහොම ඉන්නකොට එක පාරටම එය sms කරන එක නැවතුන.මන් msges 3ක් 4ක් යැව්වත් reply ආවේ නැ.මන් හිතුව ඒකිට මාව එපා වෙන්න ඇති කියලා.ඉතින් මාත් වැඩිය නැමෙන්නේ මොකටද කියල සද්ද නැතුව උන්න.ඔහොම සතියක් විතර ගියාට පස්සේ මට exam එකක් තිබ්බා.මන් exam එක ලියන්න යද්දී train එකේදී එය මට wish කරලා message එකක් එවලා තිබ්බ.ඔන්න ඉතින් ඊට පස්සේ අයෙත් පටන් ගත්ත දිගටම.

    ඊට පස්සේ පෙබරවාරි වල මන් එයාගෙන් කැමැත්ත ඇහුවා,එය කිව්වා එයට කල් ඕනේ කියල,එයා හරියටම මැයි 10 කියන්නම් කිව්වා.කොහොම හරි මත හැ කමක් නැ කියලා එයට කල් දුන්න

    මන් එයට කිව්වා,මන් මෙච්චරකල් කෙනෙක් එක්ක යාලු නොවී උන්නේ මට අවංකවම ආදරේ කරන්න ඕනේ,මට ඕනේ එක්කෙනෙක් එක්ක විතරක් ඉන්නයි.ඉතින් ඒ නිසා ඔයා මට කැමැත්ත දෙනවනම් හොඳට හිතලා බලලා කියන්න යේ නවත්තන්න හිතාගෙන නැතුව කියලා එයත් හා කිව්වා

    එයා management course එකක් කරන්න මන් ඉන්න institute එකටමයි එන්න හැදුවේ.ඒකෙ විස්තර අහගත්තෙත් මගෙන්,මන් management නෙමෙයි කරන්නේ එත් මගේ මල්ලි management කලේ අපේ එකේ.

    මට හැබැයි කෙල්ල කල් ඉල්ලුවේ මේකට ඇවිල්ල පන්තියේ හිත යන එකෙක් උන්නොත් උට කැමැත්ත දෙන්න හිතාගෙනද කියලත් මට හිතුනා.ඔහොම දිගටම sms විතරයි අපි කරගෙන ගියේ.ඊට පස්සේ April වෙද්දී මන් කිව්වා අනේ මට මයි වෙනකන් ඉන්න බැ දැන්ම දෙන්නකෝ උත්තරයක් කියල,එත් එය කිව්වා,ඉවසන්න අපේ අක්කටත් මේක කියන්න ඕනේ එයාගෙනුත් අහලා බලල කැමැත්ත දෙන්නම්කො කියලා

    එය තව කැළණි campus එකෙත් course එකක් කල,දවසක් මන් එක ඉවා වෙන වෙලාවට අවා එයාව බලන්න කියල අහිතගෙන එයට නොකියම,ඇවිල්ල බුදු කට්ටක් කව.claz ඉවර වෙන time එක පැන්නත් කෙල්ල ආවේ නැ,බැරිම තැන මන් msge 1ක් දාලා ඇහුව ඔයාලට අද clz ඉවර වෙන්නේ නැද්ද කියලා,එතකොට කිව්වා එයාලට අද කලින් ඉවර උන දැන් ගෙදර යන ගමන් ඉන්නේ කියල,මන් එන්න පය බාගෙකට කලිනුයි ඉවර වෙලා තියෙන්නේ.

    අන්තිමට මන් ගෙදර ඇවිත් එදා පලවෙනි වතාවට එයට call එකක් ගත්තා,එයත් අම්ම බාත්රූම් එකට යනකන් ඉන්න කියලයි කතා කලේ

    කොහොම හරි එයින් පස්සේ අපි call කරන්නත් පටන් ගත්තා,මැයි මාසෙත් අව,එත් බන් එය කියපු දවසට මට exam වගයක් අයෙත් සෙට් වෙලයි තිබ්බේ ,මන් කිව්වා අපි මයි 10 හම්බ වෙන්නේ නැතුව මැයි 30 වගේ හම්බ වෙමු කියලා.එයත් හා කිව්වා.එය කැමැත්ත දීල තිබ්බේ එතකොට

    ඔහොම යද්දී එයා එයාගේ අක්කට මගේ ෆොටෝ එකක් පෙන්නලා මන් හොඳයිද කියලා අහල තිබ්බ.අක්ක පන්න ගමන් කියලා තියෙන්නේ මන් හෙන බොරු කාරයෙක් මෙයවනම් කරන්න එපා ඕක නවත්තන්න කියලයි.එත් කෙල්ල නැවැත්තුවේ නැ.අක්කට හොරෙන් message කල.ඔන්න ඔහොම යද්දී දවසක් මන් රැ msge එකක් එව්වා gdnt බබා කියල දිග උම්මා එකකුත් දීල.එතකොට එයට නින්ද ගිහින් තිබිල තියෙන්නේ.message එක එයාගේ අක්ක දැකලා

    උදේ නැගිට්ටට පස්සේ හොඳටම බැනලා අක්ක තාමත් නැවැත්තුවේ නැ නේද කියලා.කෙල්ල නැවැත්තුවේ නැ එත් ඊට පස්සේ msges වල notifications off කළා අක්කා ඉන්න වෙලාවට

    මේකේ මුළු කතාවම කියන්න ගියොත් මාව ඒ අතීතෙට ඇදීගෙන යනවා බන් ,එක නිසා මන් උන සිද්දි ටිකක් කියන්නම්

    එයට ගෙදර ඉඳන් clz යන්න බැ කියලා අක්කයි එයයි දෙන්නම මාලබේ board උන.ඒ board වෙලා ඉන්නකොට තමා අර msge එක දැකල තියෙන්නේ.

    එය මට කිව්වා,එයාගේ අක්කගේ පළමු පෙම කැඩුන කියල.එක කැඩිලා තියෙන්නේ ඒ කොල්ලා එයාල තරම් සල්ලි තියෙන කෙනෙක් නොවුන හින්දලු.අක්ක අන්දලා කොල්ලවම ඕනේ කිව්වා නිසා ගෙදරින් කැමැත්ත දීල තිබ්බත් තාත්ත කැමැත්තෙන් නෙමෙයිලු උන්නේ ,කොහොම හරි කොල්ලට රට යන්න chance එකක් සෙට් වෙලා රට ගිහින්,ඊට පස්සේ එක අල්ලාගෙන තාත්ත ඒ affair එක කඩලා බන්.

    එයාලගේ ගෙදරින් හොයන්නේ සල්ලිකරයෙක්වලු,උගත්කම බලන්නේ නැහැල්ලු,සල්ලි තිබ්බනම් ඇතිලු.
    මචන් මම මධ්‍යම පන්තියේ පවුලක කෙනෙක් බන්.මගේ අම්ම teacher කෙනෙක්.තාත්තා principal කෙනෙක්.අපිට තියෙන්නේ වැන් එකක්.

    කෙල්ලගේ ගෙදරින් කොල්ලට car එකක් තියෙනවද කියලා බලනවලු,අක්කගේ කෙනාට කැමති වෙලා තියෙන්නේ උට car එකක් office එකෙන් දීල තිබ්බ නිසාලු බන්


    කෙල්ල මාත් එක්ක යාලු උනාට ඒකිගේ ඔලුවේ දිව්වා ගෙදරින් මේකට කැමති වෙන්නේ නැ,අනික අක්කටත් මාව පෙන්නන්න බැ කියලා.

    ඕක නිසා දවසක් කිව්වා,අයියේ අපි මේක නවත්තමු,අක්කවත් අපිට කැමැත්තෙන් උන්නනම් මට බයක් නැ,මට තනියම මේක කරන්න බයයි කියලා.මන් හිත හදන්න කොච්චර හැදුවත් හරි ගියේ නැ.ඊට පස්සේ හරි අපි නවත්තමු කියලා මන් msge නොකර උන්නා.එයත් ඒ දවසේ msge කලේ නැ.පස්සේ දවසේ උදේ මට msge එකක් එනවා ,අයියේ ඔයා මාවා මෙච්චර ඉක්මනට අමතකත් කරලද ඉන්නේ,මටනම් ඔයාව අමතක කරන්න බැ,එහෙම අමතක කරන්න පුළුවන් විදියට නෙමෙයි මන් ඔයාට ආදරේ කලේ කියල.එයා තව කිව්වා මන් අක්කට ඔයා ගැන අයෙත් කිව්වා එය කිව්වා අද ඔයාට call එකක් දෙන්නම් එතකොට එයට කියන්න පුළුවන්ලු මන් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියල.මන් කිව්වා හැ එහෙනම් එහෙම කරමු කියලා

    රැ වෙලා අක්ක දුන්න ඇති call එකක් නැ,අනේ අයියේ ඔයාට බැරිද call එක ගන්න කියලා :D.මමම ගත්ත call එකක්

    ඊට පස්සේ අක්කත් එක්ක කතා කල,අක්ක පන්න ගමන් නංගිව සුද්ද කරලා කියන්න ගත්ත කොල්ලෝ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් ය නෙමෙඉ කියල මාව හෙන බොරු කාරයෙක් ගානට දලයි කතා කලේ බන්.මන් මුලින් ඉවසගෙන උන්න බන්,මොකද කියන්න ගිහින් කෙලවගන්නේ මොකටද කියල

    මට මතක නැ මගේ අතින් මොකක් හරි වචනයක් කියවුන බන් එයාගේ අක්කට,අයි බන් කොල්ලෝ හැම එකම වැරදි කරන ගානට දල එය කතා කලේ,ඊට පස්සේ අක්ක phone එක නංගිට දීලා කිව්වා,මෙය එක්ක කතා කරලා වැඩක් නැ මෙය හෙන පණ්ඩිතයි කියල.එතකොට කෙල්ල කියනවා ඇහුන,අනේ අක්කේ ඔය හෙන නපුරුඉ එයට එහෙම කියන්න එපා එය මට ආදරෙයි කියලා.එතකොට අක්කත් කියනවා ඇහුන,අනේ පට්ටෝ මමත් ඔයාට ආදරෙයි කියල

    කොහොම හරි අපි එදා ගොඩක් වෙලා call කර කරා උන්න .අක්ක කිව්වා ඔයාල දෙන්න ගෙදරට මේ ගැන කියල ඕන දෙයක් කරන්න එයට කිසි අව්ලක් නැ කියල .එත් මන් කිව්වා මට දැන්ම ගෙදරට කියන්න බැ .

    ඇත්තටම බන් ජොබ් එකක් නැති එකෙක්ට ගෙවල් වලින් කෙල්ලෝ දෙන්නේ නැනේ බන්.මන් අන්තිම අව්රුද්ද කරන්නේ IT.එක ඉවර වෙලාම ජොබ් එකක් කරන්න ගිහින් ඊට පස්සේ ගෙදරට කියන්නම් කිව්වා.හැ එහෙනම් ඕන තරම් call msges කරන්න.හැබැයි පාර්ක් ගානේ හම්බ වෙන්නනම් බැ කියල .මන් කිව්වා,අනේ ඉතින් එහෙම ආදරේ කරන්න බැනේ,ඔයාම හිතල බලන්නකෝ phone එකෙන් ආදරේ කාරන්න බැනේ කියල,එතකොට එයත් කිව්වා,අනේ මන්ද ඔයා කියන එකත් ඇත්ත,ඔය හොඳ කෙනෙක් වෙන්න ඇති.එත් මට මේ ගැන තීරණයක් දෙන්න බැ කියල

    කොහොම හරි පස්සේ දවසේ අක්කා කියල තිබ්බ කැමති නැ මේකට කියල.එත් අපි දිගටම එයට හොරෙන් call msges කරගෙන ගියා බන්.

    ඔහොම යද්දී මන් දවසක් එයට නොකියම institute එකට ගිය clz ඉවර වෙන වෙලාවට.ඔන්න එදා තම එයාව මන් ඇස් දෙකෙන්ම දැක්කේ.එයට හොරෙන් මන් කොටුවට යනකන් එය නැග්ග බස්එ ඒකේම නැගලා ගිහින් bus stand එකේදී call karala කිව්වා මන් ඔයාව දැක්ක මන් දැන් ඇවිල්ල ඉන්නේ කියල,එතකොට එයටත් මව බලන්න ඕන උන.එයා ඉන්න තැනට එන්න කිව්වම මන් ගිය,එතකොටම එය උන්න බස් එක ඇද්ද .කොහොම හරි එයත් මාව දැක්ක

    ඔන්න ඔහොමයි අපි ඉස්සෙල්ලම දැක්කේ

    ඊට පස්සේ අපි දෙවෙනි පාරටත් මොකක් හරි එකකට තරහ උන.එදා මන් රැ msges 4ක් විතර ගහල අනිත් දවසේ msge නොකර උන්න.එදත් කලින් වගේම එයම msge කරලා අපහු සෙට් උන

    එයා මට කිව්වේ ඒ කාලේ මන් ඔයාගේ පස්සෙන් එන්නේ මන් ඔයාට ගොඩක් ආදරේ නිසයි අයියේ කියල :confused::confused::confused:


    කොහොම හරි අපි ඊට පස්සේ අර විදියට clz ඉවර වෙලා බස් එකේ පිටි පස්සේ seat එකේ ඇත අල්ලාගෙන ගියා බන් දවස් 4ක් විතර.එක ගියෙත් හෙන අමාරුවෙන්,කෙල්ල කිව්වේ අනේ බයයි බයයි කව්රු හරි දැක්කොත් එහෙම කියල

    කොහොම හරි දවසක් මන් එය එක්ක බුස් එකේ එයාලගේ ගෙවල් ළඟටමත් ගියා

    ඔහොම යද්දී එය මට එයාගේ ලැප් එක ගෙනල්ල දුන්න එකට වින්ඩොව්ස් දාලා දෙන්න කියල.මන් එකත් කරලා දුන්න බන්

    ------ Post added on Aug 6, 2023 at 11:44 PM
     
    • Sad
    Reactions: Rapunzel003