මගේ ගමත් ගාල්ල - රනිල් වික්‍රමසිංහ
දෙතුන් සතියකට ඉහතදී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග අගමැති රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය.
දුවලාගේ ගම කොහේද.. රනිල් ඇසීය.
බද්දේගම ඔවුහු උත්තර දුන්හ.
ආ බද්දේගමද අපේ ගමත් බද්දේගම රනිල් කීවේය. අගමැතිවරයාගේ කතාවෙන් ශිෂ්‍යාවන් සමග සිටි ගුරුවරුන් පවා අන්දමන්ද වී ගියේ රනිල්ගේ පරම්පරාවේ අක්මුල් බද්දේගම මුල්බැස ඇති බව රටුන් අතරේ අප්‍රකට කතාවක් බැවිනි. ඊට හේතුවන්නේ මෙරට ඉංග්‍රීසි උගත් ප්‍රභූ පරම්පරාවේ පාසල වූ කොළඹ රාජකීයේ අකුරු කළ රනිල් කොළම හතේ ටයිකෝට් අඳින පළඳින ප්‍රභූවරයකු ලෙස රටේ ප්‍රසිද්ධ වී ඇති බැවිනි.
රනිල් කොළඹ උපන්නද වික්‍රමසිංහ පරම්පරාවේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ගාල්ලේ බද්දේගමය. ඒ පරම්පරා කතාවට පෙර රනිල්ගේ උපත ගැන දැන ගැනීම වටී. ඔහු උපන්නේ එක්දහස් නවසිය හතළිස් නවයේ මාර්තු විසිහතර වැනිදාය. රනිල් වික්‍රමසිංහ යනුවෙන් රටුන් අතරේ ප්‍රසිද්ධ වුවත් ඔහුගේ නමට තවත් කෑල්ලක් ඇත්තේය. ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහය. රනිල් පවුලේ දෙවැනියාය. වැඩිමලා ශාන් වික්‍රමසිංහය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ශාන්ය. දැන් රජය සතු වුවද ස්වාධීන රූපවාහිනී සේවය පටන් ගත්තේ ශාන්ය. මෙකල ඔහු ටී.එන්.එල්. නාලිකාවේ හිමිකරුය. රනිල්ගේ බාල සොයුරු සොයුරියන් වන්නේ විරාජ්, චන්න හා ශානිකාය. රනිල්ගේ සීයා සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහය. බද්දේගම උපන් ඔහු ප්‍රකට වූයේ සී.ඒ. වික්‍රමසිංහ යන නමිනි. ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් හා කොළඹ රාජකීය විදුහලෙන් අකුරු කළ ඔහු ලන්ඩන් සරසවියේ උපාධිය ලැබිය. එක්දහස් නවසිය දොළහේදී ලංකා සිවිල් සේවයට එක් වූ ඔහු මෙරට මුල්ම සිංහල ඉඩම් කොමසාරිස්වරයාය. එපමණක් නොව සී.ඒ. වික්‍රමසිංහ වූ කලී ලංකාවේ මුල්ම සිංහල දිසාපතිවරයාය. ඩී.ඇස්. සේනානායකගේ ගොවිජනපද ව්‍යාපාරය පිටුපස හුන් යෝධ සෙවණැල්ල වූවේද සී.ඒ. වික්‍රමසිංහය.
රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටින්නේ සිය දිවි ගමනේ හැටහයවෙනි අවුරුද්දය. අනූහතරේ සිට එක් ඡන්දයකදී (2001) හැර මේ ඡන්දයේදී දිනන තුරු පැවැති සෑම මැතිවරණයකදීම ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් විය. ඇතැම් විට ඒ සියලු පරාජයන් ඔහු උපේක්ෂාවෙන් දරා ගන්නේ සිය මාමා අනුගමනය කරමින් වෙන්න ඇතිය. මක්නිසාද යත් පනස් හයේ ඡන්දයේදී ජේ.ආර්. ජයවර්ධන කැලණියෙන් අන්ත පරාජයක් ලබා තැඹිලි කෝම්බ ප්‍රහාරයකටද ලක්ව ගෙදර ගියදා පටන් ඔහුද අනුගමනය කළේ පරාජයේදී නොසැලී පෙරමුණටම යන වින්ස්ටන් චර්චිල්ගේ පිළිවෙතය. ඒ පිළිවෙතේ ගිය රනිල් වික්‍රමසිංහ අවසානයේදී ජයකණුවේ ඉහළටම නැග්ගේය. එනමුත් ඒ ජයෙන් උදම් ඇනීමට හෝ රට පුරා උත්සව පැවැත්වීමට හේතුවක් නැත. මක්නිසාද යත් එම ජයග්‍රහණය ඔහු කරා පැමිණියේ දශක දෙකක් කළ මහත් පරිශ්‍රමයක් ඔස්සේය. ඔහුට මුදුන් හිණිපෙතට නැගීමට ගමන්මග වැටී තිබුණේ සෘජු රේඛාවක නොවේ. ඔහුට ගමන් කිරීමට සිද්ධ වූයේ දහඅට වංගු ගණනාවක් පසුකරමිනි. අවසානයේදී ඔහු සිව්වැනි වරටත් අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. මින් පෙර ඒ වාර්තාව තබා තිබුණේ ඩඩ්ලි සේනානායකය. ඔහු සිව්වතාවක් අගමැති ධුරයට පත් විය. ඩඩ්ලි මෙන්ම රනිල්ද දේශපාලන ලෝකයේ හැඳින්වෙන්නේ මහත්වරු ලෙසය.
- උපුටා ගැනීම ඇතුළු සම්පූර්ණ ලිපිය !
http://www.infosrilankanews.com/2015/08/rw_25.html?spref=fb

betrayed all voters and the party for his own achievment and still bragging about it 