මගේ චූන් මටම චූන්ය.

Treveen

Member
Aug 4, 2009
225
21
0
මගේ චූන් මටම චූන්ය.

මම මාර පොරක්මි. මම රට ගොඩ නැගීමට වෙර දරමි. මම කොහොම හරි උසස් පෙල කිරීමට උත්සාහ කර බැරි උනත් මම දැන් පුවත්පත් වාරතා කරුවෙකු වුනෙමි. දැන් මට මගේම කියා වෙබ් සයිටයක්ද ඇත්තෙමිය. මම එහි මාර දේවල් ලියමි. මම නියම විප්ලවීය ටැබු බ්ලොගයක්ද කරමි. මම මගේ යාළුවන්ට එය බලන්නට කියා නියම ආතල් එකක් ගනිමි. පොඩි එවුන්ට මම මාරෙට ඇටෑක් කරමි. සම්මාන වලට මම හොරෙන් කැමති වුනාට ඒව කරන එවුන්ට මම බනිමි. අනික උන් වැඩිහිටියොත් නෙවේ නෙ.

එහි මම බහෝ දේ ලියා තබමි. රජය වවේචනය කිරීම මගේ චූන් වලින් මූලිකම චූන් එකයි. මම නේද ... නිකං පොරි හැලෙන්නටම රජය විවේචනය කරමි. ඔනෑම ආයතනයක් කුඩු වෙන්නටම විවේචනය කරමි. මගේ යාලුවන් ඒවා බලල මාරම චූන් එකක් ගනු ඇතැයි සිතා මම චූන් වෙමි. එමගින් රජය නිවැරදි මාවතට ගැනීම මගේ අභිප්රාය වේ. මම ජනාධිපති නිකං කුණුගොඩක් ගානට දමා ඇත. මැති ඇමතිවරු පොල් කුඩු ගානය. මම එහෙම ලොකු ලොකු දේවල් ලියනකොට මටම චූන්වේ.

මම මාර පොරක්මි. මට හිතෙන විදිහට මම දැන් සුපර් ස්ටාර් කනෙක්මි. ඕ.... මට දැන් ටික ටික තර්ජනද ඇත. ලගදීම මම පොලීසියද විවේචනය කලෙමි. ඒකට නම් මාර පරොතිචාර තිබ්බෙ. මම දැන් රේඩියෝ ද අසමි. හැම චැනලයක්ම මගේ නම දන්නවා. මගේ කට හඩ රේඩියෝ වෙන් ඇහෙනකොට මට මාරම චූන්ය. ‘එයත්‘ (ගර්ල් ගර්ල් ...යා..යා) මම එහෙම කතා කරනවට හරිම ආස ඇති. කොහොමත් ඉතින් මම එයාට ඒව කලින්ම අහන්න කියලනෙ තියෙන්නෙ.

පෝන් එක තමයි මගෙ දෙයියෝ (උම්ම). මගේ පෝන් එක මාරයි. මාර ගැජට් තියෙන්නෙ. ඒකෙන් කෝල් ගන්නත් ඇහැකි. රේඩියෝ එකත් ඒකටම හයි කරලයි තියෙන්නෙ. නියම සිංදු. ඇයි පැකේජ් එක, ඒකත් නියමයි. මටම කියාපු පැකේජය.

මම අපේ ජාතියට මාරෙට ආදරේ කරමි. ඊයෙ පෙරේදත් මම කොඩිය උස්සල තිබ්බෙ. මම තරම් නං කවුරුවත් රටට ආදරේ නැතුව ඇති. නිතරම කොඩිය උස්සල මයි තියෙන්නෙ. මම හරීම හොන්දයි. බස්වල යනකොට ඕනම කෙනෙක්ගෙ බෑග් මම තියා ගනිමි. මම ඒකෙන් ජාතික මට්ටමේ උදව්වක් තමයි කරන්නෙ......

ඇයි මම පාවිච්චි කරන බඩු ඔක්කොම ඔරිජිනල් තමයි. ඇදුම් හෙම ගන්නෙම අවුටොප් පැසන් එකෙන්. මම අදින්නෙ මාර ඩෙනිම්. සර්ට් එකත් එහෙමම තමයි. ඇයි පෑන නියම විප්ලවීය පෑනක්.

ගේ යාළුවො ඔක්කොම මට මාරම රෙස්පෙක්ට්. උන් වැඩිහරියක් මාරපොරවල්. සල්ලි කදන්. උනුත් මාර වැඩ තමයි කරන්නෙ. ලොකු ලොකු වැඩ. මම නම් කාට වත් බය නැහැ. මට කවුරැහරි ගේමක් දෙනවනම් ඉතින් මාත් ගේම් තමයි. ඕනම චන්ඩියෙක් මම අදුරනවා. ලොක්කගෙ පුතා මට පෙන්නන්නට බැරිය. ඇයි අරෑ ඌත් මගේ යාළුව. මම ජවිපෙ නියම විප්ලවීය පොරක්මි. මගේ චූන් මටම චූන්ය.


මෙයට

බයියා
 
Jan 24, 2009
3,532
130
0
එලකිරි එකේ පොර ටෝක් දාන ගොඩක් අය්යලා ඔයා වගේ තමයි බයියෝ:P:P:P