මගේ-පාඩුවෙ-ඉන්න-දීපන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ-පාඩුවෙ-ඉන්න-දීපන්...

    නිදා ඇහැරුණු කලක මෙන් සිත..
    විකාරව මොනවද ලියන්නේ.........
    සැදෑ කාලය නොම ඇවිත්..
    ඒ උනත් අදුරයි මට පෙනෙන්නේ...
    වලා තීරය එහා ලෝකයෙ...
    හෙට දිනේ සුභ නැකත එන්නේ....
    මගේ ආලය මුදා සුලගට....
    ඇගේ අත වෙනෙකෙකුය ගන්නේ....

    සදාකාලික ආදරය ගැන ...
    මටම දිව්රා කියු කථා.........
    මුදා වරලස ම‍ගේ සියොලග...
    කුසුම් විකසිත කල රටා....
    නගා මදහස ඇදී දස අත...
    ලොවක් ඉදිරියෙ ඔබ පතා.....
    ගෙවූ කාලයෙ විලාපය දැක...
    මසිත ඔත්පල වී සදා........

    හදේ කකියන හැගුම් පුපුරා..
    කදුලකින් නෙතු අග රැදේ නම්...
    නිරුත්තර පැන නගන ලෝකෙට..
    උමතු මිනිසෙක් ලෙස පෙනේ නම්...
    සත්‍ය දැන දැන නුඹේ ලෝකයෙ..
    අභිමනට දිව ගොළුව යයි නම්....
    අනේ පින්සිදු වෙලා දැන්වත්....
    මගේ පාඩුවෙ ඉන්න දීපන්...
     
    • Like
    Reactions: rx_storm_aight

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සත්‍ය දැන දැන නුඹේ ලෝකයෙ..
    අභිමනට දිව ගොළුව යයි නම්....
    අනේ පින්සිදු වෙලා දැන්වත්....
    මගේ පාඩුවෙ ඉන්න දීපන්...

    පට්ට පට පට......මෙහම තම‍යි කොල්ලෙක් උනාම ඉන්න ඕනේ.......
    4.gif
    4.gif
    4.gif