මගේ පුංචි රෝස මලේ

Apr 27, 2010
44
6
0
මගේ පුංචි රෝස මලේ

388_ManAndBabyPainting5x6_72dpiFrame.jpg






මගේ පුංචි රෝස මලේ

හිමිදිරියේ

මලක වැටුණු

පිනිබිඳුවක් ඇසෙහි හොවා

රක්නාමෙන්

නුඔ මාගේ

ළයෙහි හොවා

දිවිය පුරා රැක ගන්නෙමි.

නු‍‍ඹේ පුංචි සියුමැළි හද

මගේ නෙතේ ආදරයෙන්

දිවි ඇති තෙක් පුරවන්නෙමි

නුඔයි මගේ දිවිය රැක්ක

ලොවෙහි එකම එක රසඳුන

සිහින පවා රස ගන්වමි

නුඹට පෙනෙන වලා කුළුද

දේදුන්නෙන් පාට කරමි

නුඹේ මිතුරු සමනලුන්ට

ගී ගැයුමට උගන්නවමි

සුමුදු සිනිඳු සේළ පවා

දහස් වරක් මෘදු කරවා

නුඹේ ගතේ දවටමී.

අනන්තයට ගෙන යමී

මල් පෙත්තක සතපමී


දහස් වරක් දිවිය පුදමි

නුඹ වෙනුවෙන් රත්තරං

එකම වරක් ඇහැ ඇරලා

මගේ දිහා බලනවනම්.