මගේ පෙම් හසුන!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ගල් ආඳා අය්යට,

සමන් මලෙන් පවන් සැලේ......:love::love::love:

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා වගේම ඔයත් ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා අය්යෙ.....ඒත් ඉතින් මට නුඹ හිමි නැති බැව් හිත නම් තාම අදහන්නෙ නෑ......කඳුල හුරතල් වැඩිද මන්ද කියල හිතෙනව.....මොනා කරන්නද.....

එදා රෑ ගුවන් තොටුපලේදි මා, වෙන්වී ගියේ හිතකින්නම් නොවේ.....ඒත් ඉතින් මොනව කරන්නද, මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ වගේ මටත් මේ දුක නිවාගන්න සැප ලැබෙයි නෙ. රටකින් එහා තනිවෙන්න බෑ.....ඒත් මොනා කරන්නද......මගේ ලොවට ඔයා වඩින තුරා බලා ඉඳින්නෙ නෙතු යුග දල්වාගෙන අනේ......ඉස්සරනම් තනිවී සිටින්න අදහස් කලත් ඔයා ඒක වෙනස් කලා නෙ......ගඟක් සේ ඔයා ගලාගෙන ආවොත් මුවදොරක් වෙලා ඔයාව හමුවන්න මම බලාගෙන ඉන්නෙ.

අපි එතකොට ගාලු කොටුවෙ ගල් බැම්මෙ ඉඳගෙන ඈත පෙනෙන සිතිජ ඉම දිගා බලාගෙන සුදු අරලියා මල් කඩමු. එතකොට ඔයාට තේරේවි ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් කියල. ඒත් අය්යෙ, තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න, හරිද? නැත්තන් එහෙම කඩමණ්ඩියේ දොල අයිනේ අපිට කතා හැදෙයි. ඇයි අය්යට මතක නැද්ද, මගතොටදි අපි හමුවෙද්දි අපිට කතා හැදුන හැටි.....

ඔයා ඉතින් "ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්" කිව්වට, මම දන්නව ඔයා චුකි අය්යට කිව්වලු, "නීල නුවන් ඈගේ හරියට තෝඩු දෙකක් වාගේ" කියල. මම ඉතින් ඔයාගෙ සිතින් ප්‍රේම වඩනා සුරංගනාවි නෙ. මාරඹේ අය්ය කිව්ව ඔයා රම්බරීගෙන් නොම්බරේ ඉල්ලුවලු. ඕව බොරු කතා නේද? මොකද හිරු හිනැහෙන විට නෙළුම් පිපෙන්වා වගෙ මට ඔයාව විශ්වාස නිසා!

ඉතින් දැන් රෑ වුනා නෙ. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්නකෝ.....මගේ ආදරේ මන්දිරේ සඳලු තල එළිවෙලා තියෙන්නෙ.....දෙසැම්බර් වල මම එන්නම් කො ඔයාව හම්බවෙන්න, ආවම අපි යමු මරදානෙනෙ පරාට කන්න.....ඔයා ආසයිනෙ.


මම එහෙනම් නවතිනවා, ඔයාට ආදරෙයි අනේ....
මම ඔයාගෙම
මෝර නංගි....

:P:P:P:P:P:P:P:P

=P =P =P
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
සදපානේ ගමන් යන්න මාත් එක්ක එනවද නංගියේ :P

අනේ බෑ අනෙ.....දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි!
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    gange gal aadai, mude mori hambenna aththe moya kate wenna ona.
    habai denna plan karanne okoma godabima wada. Hondai. Ape Suba pathum!
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ගංගාවයි මහ මුහුදයි ආවේ නම් එක්වෙලා - ගල් ආඳයි දැති මෝරියි එක්වෙයි පින පෑදිලා!:P:P:P:P:P