gange gal aadai, mude mori hambenna aththe moya kate wenna ona.
habai denna plan karanne okoma godabima wada. Hondai. Ape Suba pathum!
Aththa scene ekak nemei ayye.....තනිකඩය තවම මම






gange gal aadai, mude mori hambenna aththe moya kate wenna ona.
habai denna plan karanne okoma godabima wada. Hondai. Ape Suba pathum!













ආදරණීය මෝර නංගි,
මගේ පෙම් පිඩ!
ඔයා ඉතින් එදා රෑ ගුවන් තොටුපලේදි වෙන් වෙලා ගියා තමයි. ඒත් ඉතින් ඒ සතර දිසා ජයගෙන හනික එන්නනේ....හැබැයි ඉතින් ඔයා ගිය දවසෙ ඉඳල ඇස් දෙක පියාන නිදාගන්න නම් මට බෑ. අද තනියෙන් මා. ඒත් හඬන්නෙ නෑ. මොකද ඉතින්,ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරිනෙ!
විඳගන්නට මම ඉන්නෙ එන නිවාඩුවට ඔයා එනකන්....මොකද, නින්ද නොයන හැන්දෑවට ඔයාව මතක් වෙන නිසා....එතකොට ඔයා කියනව වගේ ගාලු කොටුවට යන්නත් පුළුවන්. ඒ ගමන් ම අපි වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යමු. නාමල් මිටක් ඔයාගෙ සුදු දෝතින් අරන් යද්දි ඔයා හරීම ලස්සනට ඉඳියි අනේ. ඔයා කියනවනම්, ඔයාගෙ දෙතොල් මත තබා දෙන්නම් ප්රථම හාදුව.
චුකී ඔයාට ඔක්කොම කේළම කියලනෙ අනේ! ඒත් ඉතින් එයා කිව්ව එක ඇත්ත. මටනම් අර මාරඹේවනම් අල්ලගෙන ගහන්න තරම් තරහයි. ඒක ඔයාට කිව්වනෙ මං රම්බරීගෙන නොම්බරේ ඉල්ලුවයි කියල! සත්තයි නංගි, සැවැන්දරී මට හොරැහින් අඬගැහුවා.....ඒත් මම නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ. ඉතින් මොකද මම රම්බරීගෙන නොම්බරේ ඉල්ලන්නෙ.....ඔයා මගේ සුරඟන කිරිල්ලි නෙ. අනික ඔයා කොහොමත් ඔය මාරඹේ එක්ක කතාවට යන්නෙපා. ඕක ගේමක් දීල ගිය අවුරුද්දේ වැළිකඩ ඉඳල එළියට ආවෙ.
ඉතින් ඔයා හොඳින්, පරිස්සමෙන් ඉන්න. බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නෙ එහෙම එපා.....හැමදාම රෑට සඳලු තලාවෙ කවුළු පියන් වහන්න අමතක කරන්නෙපා.
හන්තානට හඳ පෑයුවත් ජීවිතේ අවපසයි, මම සීතල කළුවරේ ඔයා නැතුව. මොකද, මගේ සඳ ඔයා නිසා. හන්තානෙ කඳු මුදුනෙ ඉඳල පවනක් වෙලා මම ඔය රටට එන්නම්......
ඔයාට ආදරෙයි මම,
ගල් ආඳා....![]()











