මගේ මොනිකා නිදහස් කිරීම හරි කියල ජනතාව ඔප&#353

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මගේ මොනිකා නිදහස් කිරීම හරි කියල ජනතාව ඔප&#353

මගේ මොනිකා නිදහස් කිරීම හරි කියල ජනතාව ඔප්පු කළා - මිල්රෝයි ප්‍රනාන්දු දේශීය 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 13:19
milroyfernandu.jpg
"මගේ මොනිකා හිරේ ඉඳලා නිදහස් කළේ අතිගරු ජනාධිපතිතුමා. ඇයට නිදහස ලබා දීම ගැන විපක්ෂයේ හුඟක් අය විවිධ කතා කිවුවා. ඒත් මේ රටේ ජනතාව මේ වතාවේ තමන්ගේ ඡන්දයෙන් ජනාධිපතුමා මගේ මොනිකා නිදහස් කිරීම නිවැරදියි කියල ඔප්පු කළා" යනුවෙන් ජනතා වතු කළමනාකරණ හා සංවර්ධන අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී පැවැති හදිසි නීති විවාදයේදී අදහස් දක්වමින් වැඩිදුරටත් කරුණූ දැක්වූ මිල්රෝයි අමාත්‍යවරයා "විපක්ෂයේ අය කියනව මැතිවරණයේදී ආණ්ඩුවේ අය විවිධ ක්‍රියා කළා කියල. අ‍පේ බායිස් ඇමැතිතුමා අතින් ඉතාමත් සුළු සිදුවීමක් වුණා. ඒක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි. ඒ හැර වෙන කිසිම දෙයක් සිදු වුණේ නැහැ.

ඒ විතරක් නෙමෙයි අපේ පාක්ෂිකයොන්ට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ අය හොඳට කාල බීල ඉන්නව. කිසිම කරදරයක්, ප්‍රශ්නයක් නැහැ. විපක්ෂයේ අය තමයි මේ රටට බොරු මවන්නේ" යනුවෙන් පැවසීය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
"ඒ විතරක් නෙමෙයි අපේ පාක්ෂිකයොන්ට කිසිදු ප්‍රශ්නයක් නැහැ.
ඒ අය හොඳට කාල බීල ඉන්නව. කිසිම කරදරයක්, ප්‍රශ්නයක් නැහැ."
milroyfernandu.jpg







ඇත්තනෙ.



:lol:

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka



කොම්පියුටර් ජිල්මාට් දාලා හරි
මහින්ද චන්දෙන් දිනුව නම්
එයා කරපු ඔක්කොම හරි කියල
අපි පිලිගන්න ඕන.


:D