.: මගේ රණවිරුවන්ට :.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
hmmm.. e ahinsaka sattu tamai anthimata wandi gewwe ape ewunge nosandaaalakamata..

hadawathe situwili awadhikala nirmanayak sahoodaree...
:)
ස්තුතියි අදහස් වලට

kawruwath nohitapu pattak..obe asata nathu wela apuru nirmanayak lesin eliayata awith tiyanawa...obata tawa tawath nirmana karanna shaktiya labewa..!

ස්තුතියි අදහස් වලට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම ඛේදනීයයි.
අපූරුයිසහො
ස්තුතියි සහෝ

පියාඹන හමුදාව...
අනඟි නිර්මාණ ප්‍රවේශයක්.:yes:ඔබට ජය!
:)

(මේක පාරිසරක සාධක මත වුන දෙයක් නේ?සීගිරිය අවට ඇති එක්තරා ශාඛ විශේෂයක් නිසාත්,හොඳම සුළං බාධකයක් නිසාත් තමයි බඹරුන් සීගිරිගල ආශ්‍රිතව ජීවත්වන බව දැනට හොයාගෙන තියෙන්නෙ.අතීත හෝ වර්ථමාන සිදුවීම් කවරක් වුවත්,දිගු කාලයක් සිටි සතුන් එළවා දැමීම නම් දුක හිතෙන දෙයක්.වෙන විකල්පයක් ති‍බුනෙම නැද්ද මන්දා)
පාරිසරික හේතු වලට වඩා වටිනාකමක්, අපටම ආවේණික කතාවක් සිගිරියෙ තියෙනවා බොහෝ දෙනා නොදන්න ........ ස්තුතියි ඔබේ අදහස් වලට :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඒ වරද තේරුම් ගනිද්දි සිහගිරට වෙන්න ඕනිදේවල් වෙලා තියේවි....අපේ අයට කොහොමත් එහෙමනෙ...:(
වටින නිර්මාණයක් අමා......දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්...
:)
ස්තුතියි පියුමි :)

lassana nirmanayak sis...! :)
ස්තුතියි :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
WOW
aparaadayak karala thiyenne. wandi gewannath wei kawada hari. Niyamai akke ... i had my jaw dropping at the end. lassanai ^^ keep writing! Jaya!

මෙය සිදුවුනෙ කාගෙ අණකිරීමටද දන්නෙනෑ. පරිසර පද්ධතියකට බඹරුන් ගෙන් සිදුවෙන මෙහෙය අපමනයි. කනගාටුදායක සිද්ධියක් නිර්මානයකට යොදාගත් ඔබට මගෙ අාචාරය සොයුරිය.

ස්තුතියි :)
 
Nov 24, 2008
14,813
575
0
78
ඇත්තටම ඒක අපේ උන් කරපු අපරාධයක්. ක්ෂණික පිළියම් වලට වඩා, දිගුකාලීන තිරසාර පිළියම් තියෙද්දිත්, උන්ව පුච්චලා දාන්න තරම් අපේ උන් මෝඩ උනානේ.
 

nwnbs

Member
සීගිරි කාශ්‍යපගේ ආරක්‍ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා!
විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි!

p3sigiri.jpg
දඹුලු ගල දෙසින් ප්‍රභා සම්පන්න දුරුතු සඳ නැඟ එමින් තිබිණ. මහ වන පෙත්වලින් ගැවසී ගත් මාතලේ දිසාව පමණක්‌ නොව මුළු මහත් පෘථිවි තලය පුරාම මුතු දියකර තැවරුවක්‌ මෙන් සඳකැන් පැතිර ඇත. මම සෙමෙන් සෙමෙන් තුරු වදුළු අතරින් පියගැට පෙළ තරණය කරමි. අහස්‌ වේදිකාවක සිට බලන්නාක්‌ මෙන් මුළු රජ රටම මා නෙත් මානයම පත්ව ඇත. ලෝකය කොතෙක්‌ සුන්දරද? සොබා දහම කොතෙක්‌ අසිරිමත්ද?

ඉස්‌කුරුප්පු හැඩයේ යකඩ වට හිණි මග දිගේ කැරකී කැරකී මම ඉහළට නගිමි. කැටපත් පවුරට උරාගත් චන්ද්‍ර කාන්තිය පරාවර්තනය වී නැවත මගේ මුහුණ සිප ගනී. මම තව තවත් ඉහළට නගිමි. සිංහරුව පසුකරන මා හදවත වරෙක අහේතුක බියකින් වෙව්ලයි. මුරකරුවෙකු දුටුවා නම් මේ කෛලාශකූඨය මතින් මා එළවා දමනු නිසැකය.

මැදියම් රැය හුදකලාව මේ "කැලෑ කලාගාරය" මතට මා පැමිණියේ ඇයි? එයට පිළිතුරු මමද නොදනිමි. මා හැර වෙනත් පණ ඇති කිසිවෙකු සිටිනු මට නොපෙනේ. මෙය දැන් මගේම රාජධානියයි වරෙක මට සිතේ. ශෛලමය පොකුණේ කැටයම් තලයක්‌ මත අත පය දිග හැර වාඩි ගත් මම අවට සිසාරා බලමි.

මුළු ලෝකයම බදා වැළඳ ගන්නට ඇත්නම්. අහස පුරා විසිරි තරු කැට, රජරට උඩු වියනට හැඩ වැඩ දමා ඇති අයුරු. ඉමක්‌ දැකිය නොහැකි මේ විස්‌මිත ලෝකය දැන් මා නතුකර ගත යුතුය. මොහොතකට හෝ මට කසුබුවෙකු වන්නට තරම් තෘෂ්ණාවක්‌ ඇතිවේ.

රජරට නිවහල් ගම්මාන පිසගෙන එන දුරුත්තේ සීතල සුළඟින් මගේ අනාවරණ ළය හිරිගඩු පිපීගෙන එයි. කෙමෙන් සැහැල්ලු වන විසිතුරු විවිධාකාර සිතුවිලි එක්‌රොක්‌ වේ. මම ඉතා සෙමෙන් ගීයක්‌ මුමුණමි.

"තොප නුයුන මහනෙලැ ගිජිසසනිද් බැල්මෙ පුලුන්ද මෙනෙමයි කෙබන්ද හෙජි කෙළෙ වරණනු ආනු බැලීමට."

ඔබේ නෙත් නමැති නිල් මහනෙල් පුෂ්පයන්ට ගිජි වූද, ඔබේ නෙතඟින් හෙලූ ප්‍රේමාන්විත බැල්මෙන් වසඟ වූද මසිත කෙතරම් පෙළඹුනේද යත් උතුම් මුහුණක්‌ ඇත්තිය සැබවින්ම මම ඔබ දැකීමට ආයෙමි.

නැගෙන සඳ දෙස බලා මම එය රිද්මයානුකූලව පුන පුනා ගයමි. ඒ හඬ වරින් වර ඈතට ඇදී යන පුළුන්වන් ස්‌වේත වර්ණ වලා කැටි අතර රැඳී දෙව් විමන් කරා පැතිර යන්නේ යයි මට සිතේ.

"නිල් කටරොල් මලකැ ඇමුණු වැටකොල් මල සේයි

සැන්දැහැ සිහි මන්නෙයි මහ නෙල් මලක්‌ හයි රන්වන් හුන්"

මම තවත් ගීත කණ්‌ඩයකට ජීවය කවන්නට තැත් කරමි. මා පසුපසින් හදිසියේම වාගේ සිහින් ඉමිහිරි සිනා හඬක්‌ නැග එයි. මිණි කිකිණි පරයන ඒ හඬින් විශ්මයටත්, කුතුහලයටත් පත්වන මම එදෙසට ගෙළ හරවා බලමි. සුන්දර සුරූපිකාවක්‌ මා වෙත අඩවන් දිගු දෙනෙත් යොමාගෙන සිටියි. මා මුහුණ දුටු කල ඇයගේ ඒ ඉමිහිරි සිනා හඬ එක්‌වරම නැවතිණ. ඇය බියෙන් යුක්‌තව මා හිස සිට දෙපතුල් දක්‌වා සැකමුසු බැල්මක්‌ හෙලුවාය.

"ආ...හ්... මට වැරදුනා... ඇය රත් පැහැති පිරුණු දෙතොල් සෙමෙන් සෙලවූවාය.

"ඇයි?" මම විමසීමි.

"මම හිතුව කසුප් කියල..."

"කසුප් කියල...?"

"ඔව්... ඔබ කවුද?" ඇය විචාලාය.

"මමත් කසුප් වගේම රසික..." මට එය කියා අවසන් කර ගන්නට නොහැකි විය.

"නැහැ.... නැහැ... මට බයයි. ඔය වගේ මිනිස්‌සු එනවට අපි කැමති නැහැ. කසුප් එන්න කලින් මෙතැනින් බේරිලා යන්න..." ඇය සෙමෙන් කීවාය. හුන් තැනින් නැඟී සිටි මම ඒ ඇයි දැයි සුරූපිකාවගෙන් විමසීමි.

"කසුප්ගෙ රාජධානියට මිනිස්‌සු එනවට අපි කැමැති නැහැ. සමහරු හිතක්‌ පපුවක්‌ තියන එවුන් නොවෙයි... "ඇයගේ මුහුණ ශෝකයෙන් වෙලී ඇත්තේ යයි මට සිතේ.

"නැහැ... නැහැ... විශ්වාස කරන්න. මමත් කසුප් වගේම රසිකයෙක්‌..." මම කීමි.

"එහෙනම් මේ අවේලාවෙ ආවෙ..."

"මේ වගෙ හඳ ඇති රැයක ඔයත් එක්‌ක කතා කරන්න ආශාවක්‌ ඇති වුණා..."

"ම්...?" ඇය සෙමෙන් සිනාසුණාය. මම විනාඩි ගණනක්‌ එක දිගට ඇය දෙස බලා සිටියෙමි. සිහින් ඉඟටියෙන් ගැඹුරු නැබින් සපිරුණු ළයෙන් නිලුපුල් දැසින් හා අභරණින් සැදි ගතින් යුත් ඒ නාරි දේහයේ සුන්දරත්වයෙන් මම වශීකෘත වීමි.

"ම්.. ඔව් මට ඔබව ටිකක්‌ විශ්වාස කරන්න පුළුවන්. මූණ දිහා බැලුවහම, එහෙනම් කසුප් එන්න ඉස්‌සෙල්ල හෝරාවක්‌ විතර..."යි පැවැසූ ඇය මගේ සුරත දැඩිව අල්ලා ගත්තාය.

"කසුප් හැමදාමත් එනවද? "මම ඇයගෙන් විමසුවෙමි.

"නැහැ මේ වගේ හඳ ඇති දවස්‌වල මුළු රෑම අපිත් එක්‌ක ගත කරනව..." ගල් පොකුණ දක්‌වා එක දිගට විහිදෙන පඩි පෙළෙහි පළමු වන පඩිය මත වාඩි ගත් ඇය කීවාය.

"ඔබේ නම දැන ගන්න මම කැමතියි..." මම ඇයගේ කණට කෙඳිරුවෙමි.

"දැන ගන්නම ඕනෑද?"

"සත්තකින්ම"

"මගේ නම විඡ්ජුකුමාරි"

"අර ගීතය ආයිත් කියන්න..." විඡ්ජු කුමාරි ඇවටිලි කළාය. මම ඇයගේ දෙනෙත් දෙස බලමි. ඒවා සුදු සඳ රැසින් නළියයි. මම ඒ ගීතය සෙමෙන් මැතිරුවෙමි. තම අත ඇති මහනෙල් පොහොට්‌ටුව විකසිත කරමින් ඇය එයට ආශාවෙන් කන්දෙයි.

හදිසියේ තිගැස්‌සුණු විඡ්ජු කුමාරි සීගිරි ගලෙන් මහා ප්‍රපාතය දෙස විනාඩි ගණනක්‌ එක දිගට දෙනෙත් යොමාගෙන සිටියා. ඉමක්‌ දැකිය නොහැකි ඈත එපිට අහසේ මීදුම් පටලයක්‌ පරිසරය පුරා විසිරී යමින් තිබිණ.

"අර... අර... මුගලන් එනව වගේ... අර බලන්න ඉනාමළු හන්දිය පැත්තෙන් යුද්ධ සේනාවේ ඔළු ගෙඩි අන්න, අන්න කඩුපත් දිළිසෙනවා..." විඡ්ජු කුමාරිගේ දෙතොල් පමණක්‌ නොව මුළු සිරුරම බියෙන් වෙව්ලන්නේ යයි මට සිතේ ඇය මා සිරුරට තව තවත් තුරුළු වූවාය.

මම පරීක්‍ෂාවෙන් යුක්‌තව එදෙස බලමි. සීගිරි ගල දෙසට ඇදෙන මහා සේනාවක කළුවන් හිස්‌ ගෙඩි මට පෙනේ. එහෙත් රැහැයියන්ගේ "කී...ඊ...ඊ... ශබ්දය නොතිබෙන්නට මුළු පරිසරය පුරා දැඩි නිහඬතාවයකින් වෙලී යන්නට ඉඩ තිබිණ.
 
Last edited:
  • Like
Reactions: Amalka101

nwnbs

Member
තවත් අඩහෝරාවක්‌ පමණ අපි එදෙස බලා සිටියෙමු. එහෙත් කලින් දුටු ඒ දර්ශනයේ කිසිදු වෙනසක්‌ සිදුවී නැත.

නැහැ ඔයාට වැරදිලා. හොඳට බලන්න..." මම කීමි. පිණි කැටවලින් තෙත් වූ රූස්‌ස ගස්‌වල පත්‍රයක්‌ සඳ රැස්‌ වැටීමෙන් කඩුපත් මෙන් බබලයි. අතු පතර අතරින් පෙරෙන සඳ රැස්‌ නිසා මහා මාර්ගය මත තැන තැන වැටී ඇති කුඩා සෙවනැලි හිස්‌ ගොඩක්‌ මෙන් පෙනෙයි. අතුපතර මද සුළඟින් සැළෙන විට මහා සේනාවක්‌ සීගිරි ගල දෙසට ඇදෙන දර්ශනයක්‌ විද්‍යමාන වේ. කොතෙක්‌ අසිරිමත් ලෝකයක්‌ද? මුළු සීගිරි කූඨයම එක්‌තරා ගුප්ත මායාකාරී බවකින් වෙලී ඇත.

"විනාශයට පත්වෙලා තියෙන මේ රාජධානියට කාශ්‍යප එන්නෙ ඇයි?" වාඩිලා සිටි තැනින් නැගී සිටි මම විඡ්ජු කුමාරිගෙන් විමසීමි.

"එයා සීගිරියට තවමත් ආදරෙයි. මේ පාළු ගුහාව ඇතුලේ අපිව තනි කරන්න කසුප් කැමැති නැහැ. ඒ නිසා තමයි එයා නිතර නිතර මේ රාජධානියට එන්නෙ. කාශ්‍යපගේ දේවරාජ භවනය කොච්චර ලස්‌සනට තිබුණද? අර බලන්න..."

ඇය මගේ සුරතද දැඩිව අල්ලාගෙන පියගැට පෙළින් යුත් පටු පාරක්‌ දිගේ ඉදිරියට පියවර තැබුවාය.

"අර බලන්න මේ ඔක්‌කොම ගොඩනැඟිලි නටබුන්. රජ මැදුර වටා සුදු පාටින් බැබලුණු පවුරක්‌ තිබුණා. ඒ විතරක්‌ නොවෙයි. මුළු සීගිරි පර්වතයම සුදුහුණු පිරියමින් බැබලුණා. ඒ කාලේ පහළ සිට බලන අයට පෙනුණේ වලාකුළුවලට ඉහළින් දෘෂ්‍යමාන වන දිව්‍ය විමානයක්‌ විදිහට.

මේ අතුරු පාරවල් විහිදිලා තිබුණේ ගොඩනැඟිලි උයන් පොකුණුවලට යන්න. මේ රාජධානිය හදන්න කාශ්‍යප කොච්චර මහන්සි වුණාද?

විඡ්ජු කුමාරි දිගු සුසුමක්‌ හෙළා මගේ මුහුණ බැලුවාය. කාලයාත් සමගම විනාශයට පත්ව ඇති මහ මාළිගයක නටබුන් දකින මා හදවත එක්‌තරා ශෝකයකින් වෙලී යයි.

"කාශ්‍යප තරම් උසස්‌ කලා රසිකයෙක්‌ මුළු ලෝකයේම කොහෙවත් නැහැ..." විඡ්ජු කුමාරි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කීවාය.

"ඒත් එයා පියා මරාපු අපරාධකාරයෙක්‌..." මම ඇයට හරස්‌ කැපුවෙමි.

කාශ්‍යප අපරාධකාරයෙක්‌ නොවුණා නම් මේ වගේ කලා කෘතියක්‌ බිහි වන්නේ නැහැ" යි පැවැසූ විඡ්ජු කුමාරි සෙමෙන් සෙමෙන් පියගැට පෙළින් පහළට බසින්නට වූවාය. මමද ඇය අනුගමනය කළෙමි. ඇය දුර්ගම්‍ය ස්‌ථාන පසු කාලේ මගේ අත දැඩිව අල්ලාගෙනය.

මිනිස්‌සු අපරාධ කරන්නෙ සමාජයෙ වරදින්මයි. වරදක්‌ කළාට පස්‌සෙ සමහරු පසුතැවිලි වෙනව. කාශ්‍යප ඒ වගේ මිනිහෙක්‌ පියා මරල අපරාධකාරයෙක්‌ වුණාට පස්‌සෙ එයා හොඳ උපාසකයෙක්‌ වුණා. නිතර අපිත් එක්‌ක මහා නාග පබ්බත විහාරයට මල් පූජා කරන්න යන්නත් පුරුදු වුණා.

අවසානයේ එයා මුගලන්ගෙන් බේරෙන්නයි මේ සීගිරි ගල තෝර ගත්තෙ. ඊටත් වඩා කසුප් ආශා කළේ මේ සීගිරි කූඨයේ සුන්දර පිහිටීමට. කලාවට වශී නොවන කෙනෙක්‌ මේ මුළු ලෝකයේම නැහැ. තිරිසන් සත්තුත් කලාවට ගෞරව කරනව. කලාත්මක වස්‌තූන්ට අනතුරු කරන්නෙ හිතක්‌ පපුවක්‌ නැති අමනුෂ්‍යයෝ. කොට්‌ඨාසයක්‌ වෙන්න පුළුවන්.

අපරාධ කාරයෙක්‌ වුණත් කසුප්ගෙ හදවත මොලොක්‌ වුණේ සීගිරියේ කලාත්මක පරිසරය නිසා. කසුප්ගෙ ආත්මය තවමත් මේ සීගිරි කූඨය අස්‌සෙ හැංගිල තියෙනවා.

විඡ්ජු කුමාරි බොහෝ වේලාවක්‌ මගේ මුහුණ දෙස දැස්‌ නොහෙළා බලා සිටියාය. ඇයගේ සුමුදු වත මත පැතිරී ගිය සුන්දර ප්‍රේමාන්විත බැල්ම ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් පවතින අයුරු සුදු සඳ කැළුම් අතරින් මම දුටිමි. ඇයගේ ලයාන්විත භාෂා විලාශයද ඒ අයුරින්ම වෙනස්‌ වන්නට විය. දැඩි ස්‌වරයක්‌ ගත්තේය.

කාශ්‍යප හදපු මේ මිහිබට කෛලාශකූඨයට මිනිස්‌සු එන වට මම කැමැති නැහැ. ඒ අයට හිතක්‌ පපුවක්‌ නැහැ. 19 වන ශත වර්ෂයේ ඉඳලම මේ රාජධානිය ආරක්‍ෂා කළ කාශ්‍යපගේ හමුදාව ඔබේ මිනිස්‌සු විනාශ කරල දැම්ම. මේ කෛලාශකූඨය වටලා අල්ලා ගැනීමට ආ මුගලන්ගේ සේනාවන්ගෙන් ආරක්‍ෂා වීමට සිටි සේනාවයි ඔබලා විසින් පුළුස්‌සලා මරලා දැම්මේ.

"මොනවා විඡ්ජු කුමාරි ඔබ මොනවද කියන්නෙ? මොන හමුදාවක්‌ද? මම විමසුවෙමි.

එදා දඹදිව ඉඳල බලසම්පන්න සේනාවක්‌ එක්‌ක ආව මුගලන් කුමාරයා අතින් මැරුම් කන්නට කලින් කාශ්‍යප තමන්ගේම රන් අසිපතින් ගෙල සිඳගෙන ජීවිතක්‍ෂයට පත් වුණා. එදා කශ්‍යප අපව තනි කරල මේ රාජධානියෙන් සදහටම වෙන් වෙලා ගියාට පස්‌සෙ. අපව ආරක්‍ෂා කර ගත්තෙ බඹර හමුදාව. හිත්පිත් නැති ඔබලා කසුප්ගෙ මේ බඹර හමුදාව පුළුස්‌සලා මරල දාල. සීගිරි කූඨයේ ආරක්‍ෂාවත් අපේ ආරක්‍ෂාවත් නැති කළා.

කාශ්‍යපගේ ඇවෑමෙන් රජ පැමිණි මුගලන් කුමාරයාවත් මෙහෙම අපරාධයක්‌ කළේ නැහැ. සීගිරි කූඨයේ මේ බඹර හමුදාව විනාශ කළේ නැහැ. මුගලන් සීගිරි කූඨය ආරාමයක්‌ බවට පත් කරල ධාතූසේන රඡ්ජුරුවන්ගේ මයිලනුවන් වන මහානාම ස්‌ථවිරයන්ට පූජා කළා.

ක්‍රිස්‌තු වර්ෂ 606 න් පස්‌සේ, රජ පැමිණි සංඝතිස්‌ස, ශිලා මේඝ වර්ණ, තුන්වන මුගලන්වත් මෙහෙම අපරාධයක්‌ කළේ නැහැ. 1890 දී එච්. සී. ජී. බෙල් පුරාවිද්‍යා කාර්යාංශයක්‌ ඇති කළේ කාශ්‍යප හැදූ අපේ සීගිරි රාජධානියේ ආරක්‍ෂාවට ඉන්න කාශ්‍යප එවපු මේ බඹර හමුදාව විනාශ කරන්න නොවෙයි. අපේ ආරක්‍ෂකයින් මරා දැම්මා නම් අපගේ මේ සුන්දර දේහවිලාශයන් වාෂ්ප කර දැමීමත් ඔබලාට එතරම් දෙයක්‌ නොවෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්වත් මේ සීගිරි ගලේ ස්‌වාභාවික සම්පත්වලට අත තිබ්බේ නැහැ.

විඡ්ජු කුමාරියගේ දෙනෙත් වලින් කඳුළු වැගිරෙන්නාක්‌ මෙන් මම දුටිමි.

ගීයක්‌ මගේ මතකයට නැගෙයි. මම එය සෙමෙන් මතුරා ගයමි.

"නරනින්ද් ලයු මෙළෙයින් සෙවින්ළ නොව හන්නෙන්..." බෙයන්ද්හි රත්වනු ගිරිහිස්‌නි හන්නවුන් වැන්නො.."

(ගුහාවෙහි රන්වන් දිගැසියෝ වනාහී රජු මල බැවින් සැනසීමට නොහැකි හදවතින්)

මම එය නැවත නැවතත් ගයමි. එවිට විඡ්ජු කුමාරිගේ විරහ වේදනා කෙමෙන් වර්ධනය වන්නේ යයි මට සිතේ. ඇය වේගයෙන් ඉකි ගසන්නට වූවාය. අනුපමේය අනුකම්පාවක්‌ ආදරයක්‌ වේදනාවක්‌ මා හද තුළ ජනිත වීගෙන එයි. ඇයව සිප සැනසිය යුතු යයි මට සිතිණ.

මම ඒ සුරූපිය වැළඳ ගැනීමට ඇය වෙත නැඹුරු වුණෙමි. මගේ හිස "දඩාස්‌" යන අනුකරණයෙන් වේගවත්ව ගල් තලාව මත වැදිණ නළල මත ලේ බිඳක්‌ නැඟී ඇත. ඈත එපිට වන පෙත් අතරින් ප්‍රභාසම්පන්න සඳ බැස යමින් තිබිණ. රාත්‍රි මුරකරුවන් දෙදෙනකු විසින් මගේ කණින් අල්ලා සීගිරි කූඨයෙන් ඉවතට ඇද දමන ලදි.

පියදාස රණසිංහ

උපුටා ගැනීම

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉතා අපූරු පද පෙළක් නංගී... අපේ විද්වතුන් මේවා තේරුම් ගන්න බුද්ධිමත් වැඩියි......

Rep++
:) ස්තුතියි

අද හුගක් තැන් වල වෙන්නේ ඕකනේ! ලස්සන වෙනස් විදිහේ මාතෘකාවක්!
ස්තුතියි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇත්තටම ඒක අපේ උන් කරපු අපරාධයක්. ක්ෂණික පිළියම් වලට වඩා, දිගුකාලීන තිරසාර පිළියම් තියෙද්දිත්, උන්ව පුච්චලා දාන්න තරම් අපේ උන් මෝඩ උනානේ.
මෝඩකමට කලාද, අපේ උරුමයන් වනසන්න ඕන කමින් කලාද කියන එකයි ගැටළුව
ස්තුතියි අදහස් වලට
 

nwnbs

Member
මෝඩකමට කලාද, අපේ උරුමයන් වනසන්න ඕන කමින් කලාද කියන එකයි ගැටළුව
ස්තුතියි අදහස් වලට

මේ යන විදියට පිට දේසක් කාරයෙක්ට නැගගන්න බෑ කිව්වොත් සිරිපතුලත් වඩම්මවයිද දන්නෙ නෑ කන්දෙන් පහලට... :baffled::(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සීගිරි කාශ්‍යපගේ ආරක්‍ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා!
විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි!

p3sigiri.jpg

ස්තුතියි සහෝ :D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරිම ස්ංවේදී අර්ථවත් නිර්මාණයක් අමල්ක අක්කෙ.
    ලව් ල්ව් ඉලව් ගැනම කවි ලියවෙන කාලෙක මේ විදිය කවියක් දකින්නත් පිං කරල තියෙන්න ඕනෙ:yes: