මගේ රැකියාව නැති වූයේ ඒ අයුරිනි.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,134
    2,530
    113
    Redhat lab - Aukland
    මගේ රැකියාව නැති වූයේ ඒ අයුරිනි.

    මම වැඩ කරන තැන ලොක්කා ගෑනු කෙනෙකි. දකුණු අතේ සමනලයෙක්ගේ ටැටූ එකක් ගහපු වචන 10 කතා කරොත් 8 එංගලන්තේ ජීවිතේ ගැන කියවන ජෙනුයින් යැයි හිතන් ඉන්න සැරපරුස කටක් ඇති ගෑනියෙකි.ඉරිදා දවසේත් වැඩ කරමු යැයි ඇය කී විට මම ඇයට දුරකථනයෙන් කතා කර අම්මාට අසනීප යැයි පචයක් ගැසුවෙමි.ඇත්තටම මා හට තිබුනේ අනෙක් ප්‍රශ්නයකි.මා නතර වී සිටින බොඩිමට ගෙනැවිත් තිබුනේ එක යට ඇඳුමක් පමණි.මේ ඉරිදාත් වැඩ කරොත් තවත් සතියක් හෝදා නොහෝදා මට එයම ඇඳීමට සිදු වේ.
    කටක් ඇර "මට තියෙන්නේ එක යට කලිසමයි අනිත් ඒවා ගේන්න ගෙදර යන්න ඕනෑ" යැයි කිව නොහැක.ඉදින් මා ඇයට අම්මාට අසනීප බව කියමින් පචයක් ගැසීමි.නමුත් ඇයගේ මල්ලිට මම පෙර දින සත්‍ය සිදු වීම පැවසූවෙමි. ඌ අර ගෑනිට වඩා චීත්තයකි ඌ අල ගිය මුල ගිය තැන් ඇයට බර ඇර කියා තිබුණි.මා පචය අරින විටම ඈ මා නිර්වස්ත්‍ර කලා ය.හොඳටම දෙස් දෙවොල් තිබ්බා ය.
    පහුවදා වැඩට ගිය පසු ඈ මට දීමට ලෑස්‍ති කල දේශනය පටන් ගත්තා ය. " මොකක්ද පසන් මේකේ තේරුම හැම ඉරිදම වැඩට එන්න කිව්වේ නෑනේ.මට තරහා නාපු එකට නෙවේ බොරු කියපු එකට.ඩූ යූ අන්ඩර්ස්ටෑන්ට් ද ඩිෆරන්ස් බිට්වීන් ආගියුමන්ට්ස් ඇන්ඩ් ඩිස්කෂන්ස්.අපිට මේක ඩිස්කස් කරලා බේරා ගන්න තිබුනා ආගියු කරන්නේ නැතුව
    මම ඇත්ත කීමට ඉටා ගෙන ලැජ්ජාව පැත්තක දමා
    -"මිස් මට එක යටකලිසමයි තියෙන්නේ කියලා කටක් ඇරලා කියන්නේ කොහොමද" යි ඇසීමි.
    "අන්න ඒකනේ පසන් අපේ රටවල වැරැද්ද" කියමින් යූකේ දෙසුම ඈ පටන් ගත්තා ය. අපි ඕපන් මයින්ඩඩ් නෑ.අපි හැම දේම හංගනවා සෙක්ශුවලිටි කියන දේ අපි හංගනවා ඒකනේ අපේ රටවල ප්‍රශ්න වැඩි. යූකේ වල සුද්දියෝ බිකිනි ඇඳන් යනවා කවුරුත් බලන්නෙත් නෑ කාටත් ගානකුත් නෑ.ඇයි අපිටත් බැරි එහෙම ඕපන් වෙන්න.ඔයා මට කිව්වනම් මම ඔයාට ගන්න සල්ලි හරි දෙනවා ඕකට ලැජ්ජා වෙන්න ඕන නෑ.මමත් යට ඇඳුම් අඳිනවා"
    එතකොටම මගේ කුප්ප මොලයට ඒ වචන ටික ආවේය දෙවරක් නොහිතාම මම ඇසුවෙමි.
    -ඒක මොන පාටද මිස්?

    මගේ රැකියාව නැති වූයේ ඒ අයුරිනි.
    මොරාල් ඔෆ් ද ස්ටෝරි-
    1.යූකේ වලින් නෙවේ අඟහරු ලෝකෙන් ආවත් ගෑනු ගෑනුමය.
    2.චීත්ත අඳින පිරිමින්ගෙන් ප්‍රවේසම් වන්න.
    3.ජීවිතේ සිදු වන්නේ ඔබ නොහිතනා දේවල් ය.යට ඇඳුම නිසා පවා ඔබගේ රැකියාව නැති විය හැක.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුමයි ස්ටෝරියේ අනික් පැත්ත නොවුනා:oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය මාතෘකාව වෙන බර විදිහකට වෙන ඉසව්වකට අරගෙන යන්න තිබ්බා මොලෙන්...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    කතාවෙ අන්තිමට බොස් ගෑනිගෙයි මුගෙයි ඩිස්ට ඩිඩිං සීන් එකක් යයි කියලා දහසක් බලාපොරොත්තු තියාගෙන මේක කියෙව්වෙ මං විතරද??:P:P
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඔය මාතෘකාව වෙන බර විදිහකට වෙන ඉසව්වකට අරගෙන යන්න තිබ්බා මොලෙන්...

    :dull: ඔන්න කුප්ප කථාවකට මුලපුරන්න හදන්නේ