මගේ ලාංකික සිහිනය (A Must see)

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මගේ ලාංකික සිහිනය (A Must see)

    මම ලංකාව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක්. මෙන්න මේවා මෙහෙම වෙනවා නම් ශ්‍රී ලංකාව ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අශ්චර්ය බවට පත වේවි.


    1) ඔන්න ලංකාවේ සැම පාරක්ම දියුණුයි. මඩ වලවල් නෑ. වැස්සක් වැස්සොත් පාර මඩවෙන සීන් නැහැ. සෑම පාරකම පදික වේදිකා ඇත. ඒ පදික වේදිකා වල වෙළෙන්දෝ ද නැත. ඒ වෙනුවට ඔවුන්ට වෙනම ඉඩමක shopping complex එකක් තනා දී ඇත. ඔවුන් එහි තමන් ගේ business එක යහතින් කරමින් සිටිනවා.

    රියදුරන් ඉතාම විනීතව පාරේ වාහන පදවති. horn සද්ද ඇහෙන්නේ කලාතුරකිනි. වාහන තදබදයද ඉතා අඩුය. පෞද්ගලික බස් රථ හා ආණ්ඩුවේ බස් රථ නීත්‍යානුකූල වේගයකින් ගමන කරයි. ඔවුන් නවත්තන්නේ බස් හෝල්ට් එකක පමණි.

    වාහන දෙකක් හැප්පුනොත් ඒ දෙදෙනා පොලීසියට කතාකර සිද්ධිය සමතයකට පත්කරගනියි.


    2) සෑම තැනම කුණු ගොඩවල් නැත. ඒ කුණු සියල්ලම ට්‍රැක්ටර් එකක් මගින් එකතුකගෙන ඒවා ගෙන් ජීව වායුව නිෂ්පාදනය කරයි. ඒ ජීවවායුව උපයෝගී කරගෙන රජයේ කාර්යාල වලට විදුලිය නිපදවීමට ක්‍රියා කරයි.


    3) ප්‍රසිද්ධ පාසල් කියා ජාතියක් නැත.(ඔන්න ඒ පාසැල වල කට්ටිය මගෙත් එක්ක තරහවෙනවා නෙමෙයි ඕං ) . මක්නිසාද දිවයිනේ සියලුම පාසල් වලට සියලු පහසුකම් ඇත. computer room, swimming pool, pittaniyak etc. කොටින්ම කියනවනම් හැම පාසලක් ම එකවගේ. උදාහරණයක් ලෙස ආනන්ද, නාලන්ද , DS, St thomas, St peters , සහ ගමේ තිබෙන පාසල් වල ඇත්තේ 10% වගේ වෙනසක් ය.



    පාසල් අතර කිසිම ගැටුමක් නැත. ඔවුන් සියලු දෙනාම බිග් මැච් එකකදී සුහදව කතා බස් කරති. සියලුම පාසල් එකමුතුයි. "පාසල් දෙකක් අතර ගැටුමක්" යන දේ අසන්න ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි.

    පාසල් වල ලිංගික අධ්‍යාපනය 6 වසරේ දී උගන්වයි. එම නිසා ඔවුන් ලිංගිකත්වය ගැන හොඳින් දනී. එම නිසා ඔය ළඟදී ශිෂ්‍යාවක් තම ටයි පටියෙන් ගෙල වැලලාගෙන වගේ සිදුවීම් කොහෙත්ම සිදුවන්නේ නැත. පෙම් පලහිලව්වක් නිසා සියදිවි හානි කරගැනීම් නෑ. සිසුන් අසභ්‍ය වීඩ්යෝ බලන නමුත් ඒවා serious ව ඔලුවට ගන්නේ නැත. ඒවාට සිසුන් ඇබ්බැහි වී නැත. ඔය අසභ්‍ය වීඩ්යෝ පට බලා පිස්සු හදා ගන්න කට්ටිය නැත.

    85% A level සමත් වෙයි.

    campus වල දේශපාලනය සහමුලින්ම අතුගා දමා ඇත. නවක සිසුන් ට කිසිම හිරිහැරයක් නැත. දෙමාපියන්ට සුවසේ නින්ද යති. "campus වල faculty දෙකක් අතර ගැටුමක්" යන news එකක් කිසිදා අසන්නට නොලැබෙයි.

    campus වලින් එලියට එන සිසුන් නිසා ලංකාවේ බුද්ධිමතුන් බිහි වීමට පටන් ගෙන ඇත.


    4) වයසක උදවිය ධර්මයට ඉතා නැඹුරුව සිටිත්. එම නිසා ඔය "පියා තම 10 හැවිරිදි දුව දූෂණය කරයි යන news කිසිදාක අසන්නට නොලැබෙයි. මිනිසුන් මත්පැන් බොන නමුත් limit එකක් ඇතුවය. බීලා පාරේ වැටී සිටින දර්ශන දක්නට ඇත්තේ කලාතුරකිනි.


    හොඳ නම් රේප්+++ ඔයගොල්ලොන් ටත් තව මේකට එකතුකරන්න තියෙනවනම් එකතුකරන්න



     
    • Like
    Reactions: lkdood

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මෙවැනි අනාගතයක් උදා වේවා කියලා මම හිත සිතින් පතකවා .......
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    කොමිස් ගහන්නේ නැති මන්තී වරු ටිකක්.

    ප්‍රතිවාදියාගෙන් පලිගන්නෙ නැති දේශපලන නයකත්වය.

    පගා ගන්නෙ නැති පොලිසියක්.

    ස්ට්‍රයික් කරන්නෙ නැති ඉස්පිරිතල.

    අපිට අපේ පඩුවෙ ජීවත් වෙන්න නිදහසක් { අටට ඇදල හො නැතුව }
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    එළකිරි එකේ රෙප් හිගන්නෝ නැති වෙලා , එළකිරි එකේ පොලිටික්ස් ගැන කතා කරන කාලකන්නි නැති වෙලා ෆුල් ෆන් ෆෝරම් සයිට් එකක් වෙලා තියෙයි
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එළකිරි එකේ රෙප් හිගන්නෝ නැති වෙලා , එළකිරි එකේ පොලිටික්ස් ගැන කතා කරන කාලකන්නි නැති වෙලා ෆුල් ෆන් ෆෝරම් සයිට් එකක් වෙලා තියෙයි
    :lol::lol::lol::lol::lol::rofl::)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    කොමිස් ගහන්නේ නැති මන්තී වරු ටිකක්.

    ප්‍රතිවාදියාගෙන් පලිගන්නෙ නැති දේශපලන නයකත්වය.

    පගා ගන්නෙ නැති පොලිසියක්.

    ස්ට්‍රයික් කරන්නෙ නැති ඉස්පිරිතල.

    අපිට අපේ පඩුවෙ ජීවත් වෙන්න නිදහසක් { අටට ඇදල හො නැතුව }

    :lol::lol::lol: