මම උබේ කතාව මුල ඉදල කියෙව්වා , මචන් ඕනෑම දෙයක් ඕනවට වඩා හිතන්න යන්න එපා .කව්ද කියන්නේ උබ කාලකන්නියෙක් කියල ,බලපන් උබ o /l ලුත් pass නේ බන් , මේරටේ කොච්චර එවුන් ඉන්නවද බන් o/l ලුත් fail වෙච්ච .machn කවදාවත් උබට කරන්න බැරි උන දේවල් ගැන හිතන්න යන්න එපා, උබ කරපු දේවල් ගැන හිතපන් .දැන් බලන්න උබ o /l pass ,උබට සාමාන්‍ය computer දැනුමකුත් තියෙනවා ,internet එක use කරන්නත් දන්නවා ,එකියන්නේ උබට කඩ්ඩත් සාමන්යෙන් අව්ලක් නැ ,ඔය ටිකෙන් බැලුවත් මචං උබට ජොබ් එකක් හොයාගන්න බැරිවෙන එකක් නැ .එත් බන් උබට තාම 19 නේ ,තව කොච්චර කල් තියෙනවද ජොබ් කරන්න
මට කියන්න තියෙන්නේ machoo උබ දැන් a /l ගැන විතරක් හිතපන් ,මොකද උබට තව මස දෙකක් ම තියෙනවා .උබ හිතනවානම් උබට මුකුත් බැ, A/L කරත් එකත් fail කියාලා, උබ සිරා කාලකන්නියෙක් සිංහලෙන්ම කියනවනම් .නියම කොල්ලෙක් වගේ උත්සහා කරපන් A /L ගොඩ දා ගන්න ,මේ මස දෙකේ උපරිම මැරියන්, ගෙදර එඋන්ට පෙන්නපන් මම මේක ගොඩ දාන්න උත්සහයක් හරි ගත්ත කියාලා .මචන් උබ කැපවෙලා ,උත්සහා කරලා fail උනාට කිසි අව්ලක් නැ මොකද උබ A/L fail උනාට ගොඩක් දේවල් උබ දිනලා ඉවරයි .මචන් exam එකකින් මිනිහෙක් මෝඩයෙක් ,කාලකන්නියෙක් කියාලා කියනවනම් එක කියන ඒකා ඔක්කොටම වඩා මී හරකෙක් මොකද මචන් උබ කොච්චර වැඩකාරයෙක් උනත් exam එක දවසේ උබේ මතකය උත්තර ලියන කොලයට හරියට දාගන්න බැරි උනොත් උබ fail .ඉතින් මචන් ඒවගේ දෙයකින් කාටද පුළුවන් කියන්න උබ මෝඩයා උබ වැඩකාරයා කියාලා .resalt එක මොකක් උනත් උබ ඒ වෙනුවෙන් මොනාහරි උත්සහයක් දැරුවානම් එක තමයි මචං වටින්නේ .
ඉති මචන් මම කියන්නේ ඕනදෙයක් වෙන්න උබ A /L කරපන්,හැබැයි මචන් කරන්නම් වලේ කරන්න එපා .බොක්කෙන්ම කරපන් තව මස දෙකයිනේ මහන්සිවෙන්න තියෙන්නේ .මොකද මචන් A/L ,O /L pass වෙන්න උපතින් meeter වෙන්න ඕනේ නැ බන් ,උබගේ ඔය අග ඇතුලේ තියෙන motor ට තෙල් ටිකක් දාලා restart කරලා ගනින් ,මේ මස දෙකේ උබේ මොටෝරේ උපරිම ස්පීඩ් එකෙන් කැරකුනොත් අනිවා උබටත් next year එකේ අර army camp එකේ තියෙන training එකට සෙට් වෙන්නත් පුළුවන්
ඒවගේම මචං උබට තියෙන අනෙක් ප්‍රශ්නේ නේ තමා, උබ හැම දේම දිහා බලන්නේ බයෙන් හා සැකෙන්. ඉතින් machoo එහෙම බලනකොට හැම දේම පෙන්නේ උබට නරක විදියට.ඒවගේම උබ බයයි යාලුවෝ ආශ්‍රය කරන්න, මොකද උබ කියන ඒවාට උන් හිනාවෙයි කියාලා .යාලුවොන්ව ආශ්‍රය කරනවානම් කොල්ලෙක් වගේ ආශ්‍රය කරපන් ,ඔය ගැනු ගති පෙන්නන්න ගියොත් උනුත් උබේ ඔලුවට අත හෝදනවා අනිවා .එනිසා කොල්ලෙක් වගේ වැඩකරපන්
හ්ම්ම්ම්ම්...!!!! අන්තිම උපදේසය, උබේ ඔය attitude හරියට හදාගන්න කම් කෙල්ලෙක්වනම් සෙට් කරගන්න එපා .මොකද ඒක උබට දැන් ඉන්නවට වඩා කරදරයක් වෙනවා
හෆ්ෆොයී........!!!!!!! අතත් රිදෙනවා බන් ,තිබුන වැඩත් නවත්තලා මේක type කරන්න ගත්තේ, මේ ලංකාවේ හැම ඒකාම උබ හිතනවා වගේ නැ කියාලා පෙන්නන්න .බලන්න උබේ thread එකට ඇවිත් තියෙන post ප්‍රමාණය, මෙතන වචනයකින් හරි පොස්ට් එකක් දාපු අය හිතන්නේ උබේ යහපත ගැන .ඉතින් මචෝ මෙතන දාලා තියෙන පොස්ට් ටික කියෙව්වත් උබේ life ඒක බින්දුවේ ඉදලා පටන් ගන්න ශක්තිය මෙතන තියෙනවා .
එහෙනම් මචෝ උබට ජය.....!!!!!!!!!