මචන් සහෝදරයා, උඹ දන්නෙ නැද්ද ඕනෙම එකෙක් බොක්කෙන් ආදරේ කරනකොට අනිත් එකාගේ වැරදි අඩුපාඩු ප්‍රශ්න පෙන්නේ නැහැ කියල. ඒක සිරා ලවු ඕනෙම එකකට පොදු ධර්මතාවක්. උඹට හිතෙන්නෙ......... මට ඒ කෙල්ලවමයි ඕනේ, වෙන කෙනෙක් බඳින්නේ නැහැ, ආයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන එකක් නැහැ.... ඔය වගේ දේවල්.
ප්‍රශ්නේ තියෙන්නේ උඹ හරි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් වැරදි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් උඹට ඔය ඉහත දේවල් ඒ විදියටම හිතෙනවා.
උඹේ තාත්තත් වැරදියි කරුණු කාරනා කියල දෙන්නෙ නැතුව උඹට ගහපු එක.
උඹ ඉස්සෙල්ලම බලන්න ඕනේ උඹල දෙන්නගේ අදහස් ගැලපෙනවද කියල නෙමෙයි....... බලන්න ඕනේ උඹලගේ පවුල් දෙකේ පවුල් පසුබිම් සමාජ පසුබිම එකද කියල. මොකද ලංකාව කියන්නෙ යුරෝපය නෙමෙයි. අපි තාමත් පවුල් සත්වයෝ. පවුලේ අදහස් අපිට සැහෙන්න බලපානවා.
අනිත් එක තමයි උඹේ කෙල්ලගේ අම්ම යකෙක් වගේ තාත්තව යට කරගෙන පවුල ගෙනියන එකීයක්ද කියල.
අනිත් එක උඹල දෙන්නට කසාද බඳින්න තාම වයස මදි. එක අද්දැකීම් නැති හාදයෙක් කියල තිබුන වයස 18-25 අතරේ තමයි බඳින්න ඕනේ කියල. ඔව් උඹල දෙන්නට මාසෙට ලක්ෂ ගානක ආදායමක් ලැබෙනව නම් උඹල දෙන්නගෙ කසාදෙ එකම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ඊළඟ පරම්පරාවක් බිහි කිරීම නම් .. ඒ වයස හරි.
මම කියපු කතා වල වැරදි ගොඩක් ඇති හැබැයි මම කිව්වේ යතාර්ථය ගැන. යතාර්ථය සහ හරි වැරදද්ද කියන්නේ දෙකක්.
උඹේ කතාව ඇහුවම මට හිතෙන්නෙ නම් උඹ මහා ලොකුම ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියල.
උඹට හරි යන්නත් පුළුවන්. හැබැයි වැරදෙන්න තියෙන පැත්ත තමයි වැඩි. .... සෑහෙන්න වැඩි. ...
ඒ වගේම උඹේ තියෙන අද්දැකීම් නැතිකම පැහැදිලිවම පේනවා කියලා තියෙන කතාවකින්... "ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙනවා " කියන එක. උඹේ තාත්ත කිව්වා වගේම උඹ තාම කටේ කිරි සුවඳවත් නොගිය කොල්ලෙක්.
ඔෆිස් එකේ වැඩ දාහක් තියෙද්දිත් මේක සිංහලෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවා කියල දැනිල ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා..
උඹ ඔය කෙල්ලවම බන්දපන්. කාලය අරගෙන..... හොඳ රස්සාවක් හොයාගෙන පුළුවන් නම් ගෙවල් කැමති කරගෙන.
උඹ මොන තීරණයක් ගත්තත් මේක ලියපු මට එකම එක උදව්වක් කරපන්. මගෙ මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා පුළුවන් නම් ලැමිනේට් කරලා තියා ගනින්.
ජය වේවා.