මඟුල්තහංචිය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    මඟුල් තහංචිය

    විවාහ මංගල උත්සව වලදී ගායනා කරනු ලැබූ මඟුල් තහංචිය දැනට අභාවයට ගොස්‌ ඇතිපැරැණි චාරිත්‍රයකි. තහංචියෙන් හඟවන්නේ වැළැක්‌වීමක්‌ හෝ තහනම් කිරීමකි.

    සිය විවාහ දිනයෙහි මනාලියගේ නිවසට පැමිණෙන මනාලයාගේ ගමන කඩුල්ලේ සිට පෝරුව දක්‌වා අනුක්‍රමයෙන් මනාලියගේ ඥතීන් විසින් තහංචි කවි කීමෙන් තහනම් කරනු ලැබේ. එවිට මනාලයාගේ ඥති පිරිස ප්‍රති තහංචි කවි කීමෙන් තහංචිය මඟහරවා ගනී. මනාලයා මඟුල් ගෙදර කඩුල්ලට ළඟා වන විටද, මඟුල් පාවඩය මත මොහොතේ දී ද, මඟුල් මඩුවට පිවිසෙන අවස්‌ථාවේදී ද, මඟුල් බුලත් ලබන කල්හිද, මංගල පහන දල්වන විට හා පෝරු මණ්‌ඩපයට පිවිසෙන මොහොතෙහි ද තහංචි කවි කියනු ලැබේ. එසේම මඟුල් ගෙදර තිබෙන ඇඳ පුටු උඩුවියන් ඇතිරිලි, සෙම්බු කොතල, පඩික්‌කන් ආදී භාණ්‌ඩ වර්ග ද තහනම් කරනු ලැබේ. මෙම තහංචිවලට ප්‍රති තහංචි කවි කීමෙන් ජයග්‍රහණය ලත් මනාලයා පෝරු මස්‌තකයේ සිට එම මඟුල් ගෙදර සියලුම මංගල භාණ්‌ඩ සහිත මනාලිය ද ඔහු දිනාගත් බව සභා මැද ප්‍රකාශ කරයි.

    විවාහ මංගල දිනයන්හි මෙසේ මනාලයා තහනම් කිරීමේ සිරිත ආදි කාලීන මිනිසුන් අතර ප්‍රචලිත වූ චාරිත්‍රයක්‌ වී ඇත. බලහත්කාරයෙන් ස්‌ත්‍රීන් පැහැරගෙන, භාර්යාවන් කර ගැනීම ආදී අප්‍රිකානු ගෝත්‍රිකයන් තුළ පැවති සිරිතකි. ස්‌ත්‍රියක්‌ පැහැර ගැනීමට පැමිණි අවස්‌ථාවේ එම ස්‌ත්‍රියගේ ගෝත්‍රික ජනයා පැහැර ගන්නට ආ මිනිසුන් සමZZඟ සටන් කරති. මෙහිදී වැඩි වශයෙන් ජයග්‍රහණය කරන්නේ ස්‌ත්‍රිය පැහැර ගැනීමට පැමිණි ගෝත්‍රික කණ්‌ඩායමයි. නිව්ගිනියාවේ ද "දොරහ" නම් වූ ගෝත්‍රික ජනයා අතර මනාලයා වැළැක්‌වීමේ සිරිතක්‌ පැවතිණි. සරණපාවා ගැනීමට එන මොහොතේදී මනාලියගේ නිවසේ දොර වසනු ලැබේ. මනාලයා සහ ඔහුගේ පිරිස දොරට ගසන විට මනාලියගේ පියා තර්ජනය කරමින් දොර අරියි. ඉන් පසු ඇතිවන සටනේදී මනාලයාගේ පාර්ශ්වය ජයග්‍රහණය කළහොත් පමණයි මනාලිය සරණපාවා ගත හැක්‌කේ.

    මනාලයා මංගල නිවසට ඇතුළු වන විට ඔහු එන මාර්ගය අවුරා ලණුවක්‌ හෝ රතු රෙදි පොටක්‌ ඇදීම මලයාසියාවේ පැවති සිsරිතකි. එම අවස්‌ථාවේදී ව්‍යාජ අරගලයක්‌ ද හටගනී. මනාලයාගේ ඇඟට සහල් විසිකිරීමෙන් පහර දෙනු ලැබේ. මෙම ගැහැට විඳිමින් මනාලයා මංගල නිවසට ඇතුළු වන්නේ දඩ මුදලක්‌ ගෙවීමෙනි.

    තහංචි කවි කීමේ සිංහල චාරිත්‍රය ද මෙම වැළැක්‌වීම් ගණයේ ලා සැලකිය හැක. තරුණයෙකුට තරුණියක්‌ ඉල්ලූ පමණින් සරණ පාවා නොදෙන බව හැඟවීම සඳහා මෙම චාරිත්‍ර ආරම්භ වූ බව පෙනේ. තහංචි කවි කීමෙන් මනාලියගේ අගය හා ඇගේ ඥති පිරිසගේ තරාතිරම මනාලයාට අවබෝධ කිරීමත් සමඟම මඟුල් ගෙදරට පැමිණෙන පිරිසට විනෝදයක්‌ ගෙන දීමත් සිදුවේ.

    මඟුල් ගෙදර කඩුල්ලට ළඟා වන මනාලයාට මනාලියගේ පාර්ශ්වය විසින් තහංචි කියන අතර මනාලයාගේ පාර්ශ්වය ප්‍රති තහංචි කවි කියා කඩුල්ලෙන් පනියි.

    බුද්දන් සරණෙන් සිරස තහන්චී

    දම්මන් සරණෙන් දෙවුර තහන්චී

    සංගන් සරණෙන් දෙපය තහන්චී

    මේතුන් සරණෙන් කඩුලු තහන්චී


    බුද්දන් සරණෙන් සිරස දරන්නෙමු

    දම්මන් සරණෙන් දෙව්ර දරන්නෙම

    සංගන් සරණෙන් සිව්රු දරන්නෙමු

    මේතුන් සරණෙන් කඩුලු පනින්නෙමු


    වත්තේ සිව්කොන සහිත කඩුල්ල මනාලයාට තහංචි බව මනාලියගේ පාර්ශ්වය කිව්මුත් එය තහංචි නැති බව කියා මනාලයා මිදුලට පැමිණෙයි.

    වත්තේ සිව්කොන කඩුලු තහන්චි

    මඩුවත් ඇඳ පුටු වියන් තහන්චි

    සබයත් කොතලේ කෙන්ඩි තහන්චි

    මෙමඟුල් ගෙදරට එන්ට තහන්චි


    සිටිනා වත්තේ කඩුල්ල ගාවා

    වෙසෙනා දේවොතාවෝ මුර පාවා

    ලොව්තුරු මුණි ගුණයෙන් බල පෑවා

    සරණ බලෙන් මම මිදුලට ආවා


    සියලුම දෙවි දේවතාවන්ගේ බලයෙන් මඟුල් පාවඩය තහංචි කරද්දී මනාලයා ලොවතුරු මුණි ගුණ අයදමින් තහන්චි හැර ගමන් කරයි.

    පහන් දිලෙයි මුදුන් කරු දෙක ගාවා

    මිහිපිට උඩුවියනේ දේව තාවා

    සැම දෙවි අණයෙන් බල අද පෑවා

    පියවිලි පිට අද තහංචි වේවා


    පහන් දිලෙයි මුදුන් කරු දෙක හැම සොමී

    මිහිපිට උඩුවියනේ දේවතා හිමී

    අපෙ මුණි ගුණ බලයෙන් මග අරිමී

    පියවිලි පිට මම මඩුවට යන්නෙමී


    තවත් තංහචි කවි මාලාවකින් මගුල් මඩුවේ තිබෙන පුටු මේස ආදී භාණ්‌ඩයන් තහනම් කරන විට මනාලයා සියලු තහංචි හරිමින් මඟුල් මඬුවට ද පිවිසෙයි.

    කොන් යට ලී දෙක දෙන්න ගෙනෙන්නේ

    මුදුන් යටේ තුන් දෙනෙක්‌ ගෙනෙන්නේ

    මේ ගේ ලී දඬු සැමට ගෙනෙන්නේ

    තහංචි නැත මම මඩුවට එන්නේ



    වියන් බැඳපු මඩුවේ මම ඉන්නේ

    සමන් දෙවියො වට රැස්‌ කර ගන්නේ

    අට කොණ දෙවියෝ අට කොණ ඉන්නේ

    තහංචි නැත මම මඩුවට එන්නේ

    මනාලියගේ පාර්ශ්වය විසින් තහංචි කරන ලද පැන් කොතලය අතට ගනිමින් මනාලයා මෙසේ තහංචි හරියි.


    කොතල කටේ මහ බූමි වෙසෙන්නේ

    බීඩෙ ද බද්දා කාලි වෙසෙන්නේ

    කෙන්ඩියෙ විස්‌කම් දෙවිඳු වෙසෙන්නේ

    තහන්චි කොතලේ අතට නොගන්නේ


    වරන් මෙමට ගෙන සැම දෙවි යන්නේ

    ජල පුරවාලා කෙන්ඩි ගෙනෙන්නේ

    පිරුවට වසමින් ගෙන මට දෙන්නේ

    තහංචි නැත කොතලේ මම ගන්නේ


    මඟුල් ගෙදර බුලත් කෑම ද තහනම් කරන විට මනාලයා එයටද පිළිතුරු දෙයි.

    විදුරස්‌නේ ඉන්නා මුනිඳුන් නේ

    මහමෙර පිට සිටිනා දෙවියන් නේ

    දස දර්මෙන් බණ සතිය බොලන් නේ

    බුලත් කන්න කට තහංචි වෙන් නේ


    වසන් නොකර දෙවියෝ දුන් සත් තේ

    කියන් මෙලෙස පද වරද නොගත් තේ

    උතුන් පතිනි දෙවියෝ දුන් සතA තේ

    බුලත් කන්න කට තහංචි නැත් තේ


    මනාල යුවළ පෝරුමස්‌තකාරූඪ වීම මඟුල් ගෙදර තිබෙන වටිනාම මොහොතයි. පෝරුවේ කටයුතු සිදු කරන්නට පෙර පෝරුව ද තහංචි කරනු ලැබේ.


    උඩට බැඳපු උඩු වියන් තහංචී

    බිමට එලපු පාවඩ ද තහංචී

    වටට බැඳපු වට තිරය තහංචී

    මඟුල් පෝරුවට එන්න තහංචී


    මෙම තහංචිය හැරවීමට මනාලයා මෙසේ පිළිතුරු දෙයි


    උඩු වියනේ ඉරු දෙවියෝ වෙසෙතී

    පාවඩෙ මිහිකත් දෙවියෝ වෙසෙතී

    වට තිරයේ සඳ දෙවියෝ වෙසෙතී

    පෝරු මස්‌තකය මට දැන් අයිතී


    අනතුරුව සියලු තහංචි හැරීමෙන් පසු ජයග්‍රහණය ලත් මනාලයා මංගල සභාව ඉදිරියේ සිය අයිතිවාසිකම් ඉදිරිපත් කර මනාලිය සමඟ මංගල භෝජනය අනුභව කරයි. අවසානයේ මනාලයාගේ පාර්ශ්වය පිටත් වීමට පෙර මනාලිය රැගෙන නොයන ලෙස ඉල්ලා මනාලියගේ පාර්ශ්වයෙන් කියවෙන තහංචි කවියට ප්‍රති තහංචි කවියක්‌ කියන මනාලයා මනාලිය ද කැටුව පිටත්ව යති.

    ශාස්‌ත්‍රාචාර්ය සී. ඇම්. ඔස්‌ටින් ද සිල්වා මහතා 1952 පෙබරවාරි 10 දින සිළුමිණට සැපයූ ලිපිය.


    අමරපාල වැලිකන්න


    Source:
    Irida Divaina (30/05/2010)
     
    • Like
    Reactions: DAMER

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ උලව්ව මාමේ ඔච්චර තහංචි ඕන නෑ කෙල්ල තියාගනින් මම වෙන කසාදයක් කරගන්නව කියල එන්න තියෙන්නෙ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන හුත්තක්ද බන් ඕක?
    මඟුල්තහංචිය.
    ඔය ගොන් පකේ දේවල් දැන් නැති වෙලා ගිය එකමයි හොද.
    ගොන් ආතල්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113


    බුද්දන් සරණෙන් සිරස තහන්චී

    දම්මන් සරණෙන් දෙවුර තහන්චී

    සංගන් සරණෙන් දෙපය තහන්චී

    මේතුන් සරණෙන් කඩුලු තහන්චී


    බුද්දන් සරණෙන් සිරස දරන්නෙමු

    දම්මන් සරණෙන් දෙව්ර දරන්නෙම

    සංගන් සරණෙන් සිව්රු දරන්නෙමු

    මේතුන් සරණෙන් කඩුලු පනින්නෙමු

    ඩිවෝස් කේස් නැතුව සීයල ආච්චිල අවුරුදු 60 ගණන් පවුල් කාපු එකත් අහන්න දෙයක්ද ?
    මේව අඩුවෙනකොට තමා ඔය ඩිවොස් කේස් පවුල් ආරවුල් වැඩි වෙනව ඇත්තෙ. පෝරුවෙ චාරිත්‍රත් දැන් පැය භාගෙකටනෙ කරන්නෙ. ඒවගෙන් ගොඩක් දුරට වෙන්නෙ මානසිකව දෙන්නව සූදානම් කරන එක. අම්මගෙ තාත්තගෙ ගුණ දුවට පුතාට කියල දීල ඒ ගොල්ලන්වත් ඒ පදවි ලබන්න සූදානම් කරන එකයි ඔව්වගෙන් වෙන්නෙ.
     
    • Like
    Reactions: DAMER

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොන හුත්තක්ද බන් ඕක?
    මඟුල්තහංචිය.
    ඔය ගොන් පකේ දේවල් දැන් නැති වෙලා ගිය එකමයි හොද.
    ගොන් ආතල්.

    eka thami math baluwe maamandi nam muladi thahanchi damma dan owa karanne naha ban ahanne mona brand ekada kiyala kolle set ekai maamala set ekai
    ganu tika balanne kaaamai aeeda kudai

    :yes: :cool: :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙළයෙක්;19845096 said:


    බුද්දන් සරණෙන් සිරස තහන්චී

    දම්මන් සරණෙන් දෙවුර තහන්චී

    සංගන් සරණෙන් දෙපය තහන්චී

    මේතුන් සරණෙන් කඩුලු තහන්චී


    බුද්දන් සරණෙන් සිරස දරන්නෙමු

    දම්මන් සරණෙන් දෙව්ර දරන්නෙම

    සංගන් සරණෙන් සිව්රු දරන්නෙමු

    මේතුන් සරණෙන් කඩුලු පනින්නෙමු

    ඩිවෝස් කේස් නැතුව සීයල ආච්චිල අවුරුදු 60 ගණන් පවුල් කාපු එකත් අහන්න දෙයක්ද ?
    මේව අඩුවෙනකොට තමා ඔය ඩිවොස් කේස් පවුල් ආරවුල් වැඩි වෙනව ඇත්තෙ. පෝරුවෙ චාරිත්‍රත් දැන් පැය භාගෙකටනෙ කරන්නෙ. ඒවගෙන් ගොඩක් දුරට වෙන්නෙ මානසිකව දෙන්නව සූදානම් කරන එක. අම්මගෙ තාත්තගෙ ගුණ දුවට පුතාට කියල දීල ඒ ගොල්ලන්වත් ඒ පදවි ලබන්න සූදානම් කරන එකයි ඔව්වගෙන් වෙන්නෙ.
    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka thami math baluwe maamandi nam muladi thahanchi damma dan owa karanne naha ban ahanne mona brand ekada kiyala kolle set ekai maamala set ekai
    ganu tika balanne kaaamai aeeda kudai

    :yes: :cool: :lol:


    මෙච්චර දියුණු ලෝකේ කේන්දර වලටයි,ජාතියටයි,කුලේටයි සහ අනෙකුත් ගොන් හුත්තවල් වලට පුක දීලා තියන ලව් එකත් නැති කරගන්න එවුන් අපේ රටේම කොච්චර ඉන්නවද බන්.
    ලව් කරන්න කලින් කේන්දර,කුලේ,චාරිත්‍ර මතක් වෙන්නේ නෑ ඒත් යාලු වෙලා,ආතල් අරන් ඔක්කොම කරාට පස්සෙයි ඕවා මතක් වෙන්නේ අපේ උන්ට.
    මෝඩ හුකන්නලා.
    බොක්කෙන් අවුරුදු ගානක් ආදරේ කරලා කේන්දරේ ගැලපෙන්නේ නෑ,කුලේ ගැලපෙන්නේ නෑ කියලා ආදරේ නැති කරගන්නවා.
    ඒ කරලා ජිවිතේ නාස්ති කරගන්නවා දුකට.
    මොන මගුලක්ද බන්?
    කේන්දර බලන උන්ටයි,කුලේ බලන එවුන්ටයි බැරිද උන්ගේ ඒවා බලාගෙන දියුණු වෙන්න?
    රු.700-1200 අනිත් උන්ගේ කේන්දර , කුලේ බලන්න ඕනද උන්ට?
    කොල කෑල්ලකටයි,ඉලක්කම් ටිකකටයි,වචන ටිකකටයි දෙන්නෙක්ගේ අනාගතේ ගැන කියන්න පුලුවන්නම් බුදු බණ බොරු වෙන්න ඕන,ජේසුගේ ධර්මය බොරු වෙන්න ඕන.
    යමක් කිරිමට පෙර නැකත් බලා,කේන්දර බලා වැඩේ කරන්න තියන්න කාලය නාස්ති කරන පුද්ගලයා මෝඩයෙකුටත් අන්ත පුද්ගලයෙකි,වැඩක් කිරිමට තිබෙන කාලයේදි ඒ වැඩේ කිරිම යහපත් කියලයි බුදු බණ තියෙන්නෙ.
    මල විකාර බන් ඕවා.
    දෙන්නට දෙන්නා ලව් නම්,දෙන්නට දෙන්නා විස්වාසයි නම් එතනින් එහාට වෙන කතාවක් නෑ.
    බැන්දට පස්සේ ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවානම් දෙන්නා කතා බහ කරන් දික් කසාද වෙන එක හොදයි ජිවිත කාලේම වැරදි කෙනත් එක්ක ඉන්නවට වඩා.
    දික් කසාදය කියන දේ කිසිම ආගමකින් උනත් තහනම් කරපු දෙයක් නෙවෙයි නේ.
    ඉන්න පුලුවන්නම් ඉන්නවා , නැත්තම් දික් කාසද වෙලා එක්කෝ තනියෙන් ඉන්නවා හෝ නැත්තම් වෙන කෙනෙක් එක්ක ඉන්නවා.
    එච්චරයි.
     
    Last edited: