මඟුල් ගෙදර ගිය ගමන තරුණියගේ අවසන් ගමන වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    galewela-accident-death


    විවාහ උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් ගමන් කරමින් තිබුණු ත්‍රිරෝද රථයක් ගලේවෙල නගර මධ්‍යයේදී තාර ප්‍රවාහනය කරන බවුසරයක ගැටීමෙන් පෙරේදා (23) සිදු වූ රිය අනතුරකින් තරුණියක මියගොස් ඇගේ සහෝදරිය සහ මවුපියන් තුවාල ලබා දඹුල්ල හා ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇත.



    මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව ගලේවෙල පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ එස්.එච්. ලෝචනා කාව්‍යාංජලි නමැති තරුණියකි. ඇයගේ 20 වැනි උපන් දිනය යෙදී තිබී ඇත්තේ අද (25) දිනටය.

    ත්‍රිරෝද රථ ගමන් කරමින් තිබී ඇත්තේ කුරුණෑගල දෙසටය. ගලේවෙල නගරයේ ප්‍රධාන මාර්ගයේ අසල කැබ් රථයක් නවතා තිබීමත් සමඟ එම ගැබ් කැබ් රථයට ඉස්සර කොට ‍ත්‍රිරෝද රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී පිටුපසින් පැමිණි තාර ප්‍රවාහනය කරන බවුසරයේ ත්‍රිරෝද රථයක ගැටී ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදු වනවාත් සමඟ ත්‍රිරෝද රථයේ වාඩි වී සිටී තරුණිය ඉවතට විසි වී ටිපර් රථයට යට වී තිබේ. රථයේ සිටි සෙසු තිදෙනා එම ස්ථානයේම වැටී තුවාල ලබා ඇත. ඒ අයව ප්‍රදේශවාසීන් ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය සහ මව දඹුල්ල රෝහලට මාරු කර එවා ඇතැයි පොලිසිය කියයි.



    මේ අනතුර සම්බන්ධයෙන් මාර්ගයේ නවතා තිබූ කැබ් රථයේ රියැදුරු මෙන්ම තාර පිරවූ බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

    මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගලේවෙල රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඇයි මේ මැරෙන උන්ගේ ජාතකේම ශෙයා කරන්නේ මීඩියා කාරයො?