ඔය වගේ තත්වයකදි අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් කියන්නේ ජොබ් ලයිෆ් එකට ලොකු අත්දැකීමක්...මොකද මයින්ඩ් කන්ට්‍රෝලින් හොද මට්ටමකට එනවා...අපේ ඔෆිස් එකෙත් හිටියා රජයේ ජොබක් කරලා රිටයර් උන ලොක්කෙක්...අපි මිනිහව මස 3ක් 4ක් පඩෙඩ ගනන් ගත්තේ නෑ...මෙකා මොනවත් නැතුව ඉන්නවනේ...ජොබ් එකට අදාල ඒවා විතරක් අපෙත් එක්ක කතා කරනවා එච්චරයි..අපි මිනිහට සෑහෙන්න කෙනහිලි කම් කලා මෙකා එකාට නෙමෙයි වගේ ඉන්නවා...හිතාගන්න බෑ...පස්සෙ පස්සේ අපේ එක එකාම ලොක්කත් එක්ක කථා කරන්න පටන් ගත්තා...හොදම කේස් එක කියන්නේ අපේ කෙල්ලෝ ටික අපිට වඩා මෑන් එක්ක ෆිට් උනා...මොනව උනත් පට්ට හිත හොද ඩයිල් එකක්...එකයි පස්සෙ හැමෝම සෙට් උනේ...මං අපි කරපු දේ ගැන එක පාරක් ඇහුවම කිව්වේ...පුතා මට අවුරුදු 40ක් එක්ස්පීරියන්ස් මිනිස්සුත් එක්ක වැඩ කරලා..අනික ඔයාල කරපු දේවල් මොනවද, මට ඒ කාලේ කරපු දේවල් හැටියට...මං අවුරුදු 2ක් පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක වැඩ කරා කවුරුත් කතා කරන්නේ නැති 40ක් විතර ඉන්න ඔෆිස් එකක හිටගෙන... ඒ මනුස්සයාට ඉදගන්නවත් පුටුවක් නෑලු ඔෆීස් එකේ...එක ඇහුවාම කිව්වාලු මෙතන සේවක අතිරික්තයක් තියෙන්නෙ ඔයා එහෙනම් ස්වකැමත්තෙන් අයින් වෙන්න කියලා...අවුරුදු 2කට පස්සේ ආණ්ඩුවක් මාරු වෙලා තමයි වෙන තැනකට ගිහින් තියෙන්නෙ...මිනිහා කිව්වේ ඒ වගේ කාගෙන වැඩ කරන්න පුළුවන් කියන්නේ ඉතින් අපායට උනත් ගිහින් ඉන්න පුලුවන් කියලා...





