මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව

    මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව ..නොමිනිසුන්ගෙන් පිරි මේ සමාජයේ යලි නොඉපදේවායි උඹට පතනවා.....

    අද අපේ ලංකාදීප කර්තෘ මණ්ඩල සමාජික සුහද හමුව පොල්හේන රීෆ් ගාර්ඩ්න් හෝටලයේ පැවැත්වුණා.එය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර උඹ මුහුද අයිනට ගසා ගෙන විත් තිබුණා.උඹ මැරිලා ඇති කියලා කට්ටිය කීවා ගොඩට ගන්න එපා කියලා.මමත් තවත් කිහිප දෙනෙක් කීවා මොනවා වුනත් කමක් නෑ ගොඩට ගමු කියලා.

    ඒ අනුව තමයි අපේ ලංකාදීපයේ ලහිරු හා බිගුන් ඇතුලු තවත් කිහිප දෙනෙකු උඹව ගොඩට ගත්තේ.ඒ අතරේ මම 1990 ගිලන් රථ සේවාවට කතා කරලා උඹව රෝහලට එක්ක යන්න කීවා.උඹ එක්ක ආපු කවුරු හරි ඉන්නවද කියලා මහ හයියෙන් කෑ ගහලා හෙව්වත් විනාඩි කිහිපයක් යන තෙක් කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ.ඔන්න පස්සේ තමයි එකෙක් කීවේ අපි එක්ක ආව එකෙක් කියලා.

    ඌට ගානක්වත් නෑ.අපිට පුලුවන් විදියට අපේ සෙට් එකේ කොල්ලෝ උඹේ ශරීරයේ වතුර ටික ඉවත් කරන්න කටයුතු කලා.එතන හිටපු කිහිප දෙනෙකුත් උදවු කලා.ඊට පසුව උඹව රෝහලට ගෙනයන්න අපේ එවුන් වාහනයක් ඉල්ලුවත් කවුරුවත් දුන්නේ නෑ.පාරේ එන ත්‍රී රෝද රථ නතර කරලා උදවු ඉල්ලුවත් එකෙක්වත් කැමති වුනේ නෑ.සමහර විට උඹ මැරිලා කියලා හිතං වෙන්න ඇති.එහෙම නැත්නම් උසාවි නගින්න වෙයි කියලා හිතං වෙන්න ඇති.

    අපි මහ හයියෙන් කෑ ගැහුවා වාහනයක් ඉල්ලලා.ඒත් කවුරුත් නෑ.අපේ කට්ටිය බස් එකක ආපු නිසයි වෑන් එකක ආවනම් එකෙක්ගෙවත් වාහන හොයන්නේ නෑ.උඹව රෝහලට ගේනවා.කොහොම හරි උඹ ආපු සෙට් එකට තර්ජනය කරලා වගේ උන්ගේ බස් එකට උඹව දැම්මේ රෝහලට එක්ක යන්න.පොල්හේනේ ජීවිතාරක්ෂක භටයින් කීයක් ඉන්නවද ?ඒ කාටවත් උඹව පෙනිලා නෑ.ඒ උඹේ අවාසනාව නිසා වෙන්න ඇති.

    බස් එකක් උඹව රෝහලට ගෙන යන්න කොපමණ වෙලාවක් යයිද මාතරට යන්න.අතරමගදී 1990 ගිලන් රථය උඹව රෝහලට රැගෙන ගොස් තිබුණා .ඒත් කරන්න දෙයක් නෑ.රෝහලට ගිය පසු උඹට පණ තියෙන බව දුරකතනයෙන් දැන ගන්නකොට අපි කාටත් ලොකු සතුටක් ආවා.ඒත් පැයකට පමණ පසු උඹ නැති වුනා කියලා දැන ගත්තම අපේ එකෙක් නොවුනත් හිතට ලොකු දුකක් දැනුනා.සමහර විට තව විනාඩි දහයක් ඉස්සර වුනානම් උඹව බේරා ගන්න තිබුණා කියලා හිතුණා.ඒත් උඹේ දෛවය ඕක වෙන්න ඇති.අපේ ලහිරු හා බිගුන් ඇතුලු සෙට් එක උඹ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගත්තා.උඹ එක්ක ආපු යාලුවෝ උඹ ගහගෙන ගියපු විත්තියවත් දන්නේ නෑ.අඩුම තරමින් උඹව ඉක්මණට රෝහලට ගෙන යන්න වුවමනාවක් උන්ට තිබුනේ නෑ.උන් බීලා හිටපු නිසා ද කියලා අපි දන්නේ නෑ.ඒත් ඔය වගේ යාලුවෝ උඹට පොල්පිත්තකින් කපා ගන්න තිබුණා.

    උඹ කවුරු වුනත් උඹට නිවන් සුව..යලි මෙවැනි ආත්මාර්ථකාමී නොමිනිසුන්ගෙන් පිරි ලෝකයක නොඉපදේවායි උඹට පතනවා......


    41797192_10205524434427001_8017998836851015680_n.jpg


    41873099_10205524434787010_6957260266857824256_n.jpg


    41820809_10205524435107018_5245406355598082048_n.jpg


    41927431_10205524435667032_9183739483101593600_n.jpg


    41758887_10205524436307048_3988569929740713984_n.jpg


    41739956_10205524436627056_7907009717916925952_n.jpg


    41742975_10205524437227071_2340148532209516544_n.jpg


    41843242_10205524437547079_2769902672084467712_n.jpg


    41737143_10205524437947089_1486551510438379520_n.jpg


    41861684_10205524438667107_3675984104018411520_n.jpg


    41896878_10205524439467127_2628439003543633920_n.jpg


    41729136_10205524439907138_7729098866707922944_n.jpg


    41733919_10205524440307148_6201847760841342976_n.jpg


    FB Post
     
    • Like
    Reactions: richlife

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :(:(:(

    ".ඒත් ඔය වගේ යාලුවෝ උඹට පොල්පිත්තකින් කපා ගන්න තිබුණා."
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මොන සක්කිලි ටිකක් එක්කද බන් ඌ ඇවිත් තියෙන්නෙ..
    ලංකාවෙත් දැන් මාර සත්තු තමයි ඉන්නෙ..

    ඉන්දියාවක් වේගෙන එන්නෙ දැන්..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මචන් කොල්ලෝ එක්ක බොන්න හෝ මොනයම් සෙට් වීමක් කරන්න යනවා නම් Pool එකක් වගේ ඇරෙන්න වෙන ස්වභාවික වතුර/ජලාශ/මුහුදු/ඇලවල් ඔයවල් තියෙන තැන්වලට යන්න එපා මචන්ලා. බලපන් අනිවාර්යෙන් හැමදාම නැතත් සතියකට දෙකකට සැරයක් වගේ මේ වගේ සිද්ධි news වල යනව නෙ. අපෙත් කොල්ලෙක් නැතිවුනා මීට අවුරුදු ගානකට කලින්. ඌ එක්ක ගිය සෙට් එකත් ඔය වගේ shape වෙන්න හදලා අර නොබොන එකෙක් එතන හිටපු නිසා ඌ ට මතක් වුනාට පස්සේ තමයි හොයලා තිබුනෙ. එතකොට වෙන්න ඕන හරිය වෙලා. පවුලෙ හිටපු එකම පිරිමි දරුවා. අක්කලාම තුන් දෙනෙක්ද කොහෙද. පව් ඒ මිනිස්සු . :sorry:
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මැරිච්ච එකා මලා, ආයේ පයියට රචනා ලිය ලිය දගලන්නේ :lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ආයේ දෙකක් නෑ ගෑනි දාල ගියා කියල වෙන්න ඇති වතුරේ පැනල මැරෙන්න හිතුනේ. ඒකයි යාලුවෙක්වත් ඇවිත් නැත්තේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machan oke aula thiyenne lankawe nithiya. Gena ekaaawa thama mona hari unama marana kanne e nisa kauruth kamati na nikan leda ganna. Anna ewai wenas wenna ona bn lankawa gana katha karala wadakma na bn
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මොන සක්කිලි ටිකක් එක්කද බන් ඌ ඇවිත් තියෙන්නෙ..
    ලංකාවෙත් දැන් මාර සත්තු තමයි ඉන්නෙ..

    ඉන්දියාවක් වේගෙන එන්නෙ දැන්..

    ඔව් බං.. ඉස්සර ඉන්දියාවේ උන්ට බැන බැන හිටියට දැන් අපේම උනුත් ඒ වගේ..:(
    අඩුම ගානේ ඌ එක්කම ආව උන්වත් ඌ ගැන බලලා නෑනේ..:sorry: