මචං පැසිවු වොයිස්

psyco saw

Member
Apr 23, 2012
91
6
0
මචං පැසිවු වොයිස්

මචංල මට පොඩි දෙයක් කියල දියහං Passive voice භාවිතා කරන්නෙ මොනවගේ අවස්ථවලද :confused:
( යමි දෙයක් කරණ පුද්ගලයෙක් නැති අවස්ථාවලද??? - උදහරණයක් විදිහට -වාහනය කැඩුනා
ගස වැටුනා - වගේ කියන අවස්ථාවලදිද ??)
අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි කතාකරණකොට Passive voice භාවිතා කරනවද
:eek::eek::eek:
 
මචංල මට පොඩි දෙයක් කියල දියහං Passive voice භාවිතා කරන්නෙ මොනවගේ අවස්ථවලද :confused:
( යමි දෙයක් කරණ පුද්ගලයෙක් නැති අවස්ථාවලද??? - උදහරණයක් විදිහට -වාහනය කැඩුනා
ගස වැටුනා - වගේ කියන අවස්ථාවලදිද ??)
අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි කතාකරණකොට Passive voice භාවිතා කරනවද
:eek::eek::eek:

මචං මෙහෙමයි,
වාහනේ කැඩුනා, ගස වැටුනා
කියන ඒවා passive voice දාන්න ඕනේ නැ. "යම් දෙයක් කරන පුද්ගලයෙක් නැති අවස්ථාවක" නෙවේ යම්දෙයක් කරපු පුද්ගලව සදහන් කරන්න එච්චර වැදගත් නැති අවස්ථාවල නම් passive voice යොදා ගන්න පුළුවන්.
passive voice හැම අවස්ථාවකම පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරද්දී ඕන තරම් passive voice භාවිතා කරන්න පුළුවන්.. බලපන්කො මචං ඕන තරම් ඔය ෆිල්ම්ස් වල කතා කරන්නේ..passive voice ගොඩක් ලේසි අනිත් ක්‍රමේට වැඩ (active voice)..
මං පොඩි උදාහරණ ටිකක් දෙන්නම්,

Past Tense
Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team.
(කව්ද කලේ කියන එක වැදගත් නැ)

Present Tense
Pizzas are delivered to your place within 30 minutes.
(කරන්නේ කව්ද කියල කියන එක වැදගත් නැ මොකද අපි දන්නවා කව්ද මෙහෙම කරන්නේ කියල )

Future Tense
Fuel prices will be increased again.
(දන්නවනේ කව්ද කරන්නේ කියල :P)

ඔය වගේ ඕන එකක් ලියන්න පුළුවන්. ඔය හැම වාක්‍යක් පිටිපස්සටම ඕනේ නම් දාන්න පුළුවන් by whom කියලා. උදාහරනෙකට පළවෙනි එකට ඕනෙනං දාන්න තිබ්බා මෙහෙම,
Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team by the cricket board.

ඔහොම තමා සීන් එක යන්නේ.. මම කඩ්ඩ පුපිරි පොරක් කියලනම් හිතන්න එපා පුතෝ.. දාන්න දෙයක් කියල දෙන්න ඕනේ නිසයි මෙහෙම ලිව්වේ... :yes::yes::yes:
 
Last edited: