මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං



    copyright : Hisahasa blogspot from Sadarau

    "මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”

    සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .

    "අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා

    "මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “

    සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට කඩේ යනවා කියලා නොකියා කීම දැන් සාමාන්‍යයි .උන්ට මොනවත් නොකියන මම කට පියාගෙන හිතෙන් හිතෙන් මගේ මනාපේ පරිස්සං කරගන්නවා .

    "අරූ මහින්දට කඩේ යනෝ... යනෝ " කියලා මාව පෙන්වලා නොසෑහෙන්න කෑගහන එවුන්ට බැනලා වැඩක් නෑ .

    කඩේකට යන්ඩ බැරිව මම වින්ද දුක දන්නේ මම , මම වින්ඳ ඒ වින්ද කරදර වෙන එකෙකුට ඒත්තු ගන්වන්න බෑ .

    කැස්සට නිවාරන් අනූව පැකට් එකක් ගන්න සෙන්ටර් කෑම්ප් එකේ පියතිලක කඩේට යන්ඩ බැරිව ගතවුණ කාලයක් අපේ ජීවිත වල කළුපාට තීන්තෙන් ඇඳිලා තිබුණා . හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා . ඉතින් කොහොමද කඩේ යන්නේ ? . එදා මට තබා ගමේ එකෙක්ටවත් කඩේකට තබා කුඹුරකටවත් බහින්ඩ විදිහක් තිබුණේ නෑ . ඒ මතකය අමතක නැති මම අදත් මගේ ජන්දය බය නැතුව මහින්දට දෙනවා .

    "යුද්දෙ යුද්දෙ කිය කියා හැමදාම හිටියාම හරියනවද ? දැන් යුද්දේ ඉවරයි දැං මෛත්‍රිය කොරහං .” සමහරු නොකියා කියනවා .

    ඒත් මට එහෙම කරන්න බෑ . මම ටීවී එකේ යුද්දේ දැකපු ඒ දැකපු යුද්දෙන් ඔකඳ වෙච්ච එකෙක් නෙවෙයි .. ඇත්තටම යුද්දෙට ගියපු යුද්දේ හොඳට හුරු පුරුදු සොල්දාදුවෙක්වත් නෙවෙයි . අපේ ගමේ එවුන් කවුරුත් වාගේම මමත් වෙඩි සද්දෙට බය වෙච්චි, දෙවතාවක්ම වෙඩි හුවමාරුවකට මැදිවෙච්ච්චි , යුද්දෙට නොසෑහෙන්න බය වෙච්ච . , ගමේ පිට්ටනියේ ගොඩ ගැහුව මල මිනී කඳු හැබෑවටම දැකලා හීනෙන් පවා බය වෙච්ච එකෙක් . යුද්දේ නිසා ජීවිතේ වටිනාම දෙයක් අහිමි වෙච්චි එකෙක් . ඒ හේතුව නිසා මට නම් යුද්දේ ලේසියෙන් අමතක වෙන්නෑ . සිංහලයට හත් දවසින් ඔනෑ දෙයක් අමතක වෙනවා කියලා මහ කොටියා කීවා වුණත් මට යුද්දේ ගැන කිසි දෙයක් හත් දවසින් අමතක වෙන්නෑ . අමතක කරන්නත් බෑ .

    "යුද්දේ ඉවර කළේ මහින්ද නෙවෙයි .” තවත් සමහරු උඩ පැන පැන කියනවා . යුද්දේ ඉවර කල ගෞවරවය ත්‍රිවිධ හමුදාවේ ඉඳන් ගමේ ග්‍රාමාරක්‍ෂකයාට පටන් ලැබෙන්න ඔනෑ . මම කවදාවත් ඒකට නෑ කීවේ නෑ . ඒත් අර කෙහෙම්මල් සටන් විරාම මගුල අහක් කරලා යුද්දෙකට බහින්න මහින්ද තීරණයක් ගත්ත විත්තිය මට අමතක නෑ . ඇත්තටම ඒ මල මගුල් සටන් විරාමේ අද වෙනකල් තිබුණා නම් මේ මමත් මැරුංකාලා සාමදානේ වැළලෙන්න හොඳටම ඉඩ තිබුණා .

    හමුදාවත් එක්ක හැප්පෙනවට වඩා ආයුධයක් නැති සාමාන්‍ය මිනිස්සු එක්ක හැප්පෙන්න කැමති කොටි හැත්ත මගේ තාත්තවයි, මගේ මාමලා දෙන්නවයි , ලොකු තාත්තවයි , කැත නැතුව මරා දැම්ම. කොටින්ගෙන් ඉතිරිවෙච්ච එවුන් අද පිට රටවල ඉඳගෙන ලංකාවේ කෑල්ලක් ඉල්ලලා කෑ ගහන හැටි දැක්කාම , අපේ රටේ තවත් සමහර එවුන් පහන් පත්තු කරගෙන මැරිච්චි කොටි මතක් කර කර හූල්ලනකොට හිතට දැනෙන තරහත් උපරිමයි .

    තාත්තගේ මූණත් තහඩුවම අඩු නැතිව පිහිටලා තිබ්බ , මගේ තාත්තගේ නිවුන් සහෝදරයාව බහිරවයෝ වාගේ ඇදගෙන ගිහින් අම්පාරේ එයාපෝට් හන්දියේදී ටයර් සෑයක පුච්චාපු ජේවීපී එක ගැනත් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ . ඒ නිසාම බුලත් කෙළ පාට ජේවීපී එකටත් මගේ පරම්පරාවේ එකෙක්ගෙන්වත් වැරදිලාවත් ජන්දයක් වැටෙන්නෑ .

    මගේ තාත්තා තනි යූන් ඇන් පී කාරයා . මගේ තාත්තගේ මුලු පවුලම එහෙමයි . ඒ හේතුව නිසාම වෙන්නැති . යුද්දෙ වවාගෙන කකා හිටපු චන්ද්‍රිකා මැඩම් මගේ තාත්තගේ පැන්ෂන් එකටත් කෙළියේ .

    අමාරුවේ වැටිච්ච අපිට චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති ඔෆිස් එකෙන් ලැබුණේ මහ අමුතු ලියුමක්

    "කරුණාකර මියගිය ග්‍රාමනිලධාරියාගේ රාජකාරී දිනපොත සහ රාජාකාරී හැඳුනුම් පත ඉදිරිපත් කරන්න .”

    තාත්තගේ සම්පූර්ණ රාජකාරී බෑග් එකම කොටි අරන් ගියාට පස්සේ . බෑග් එකේ තිබ්බ දේවල් කොහෙන් හොයන්නද ? . අපි බකමූණු බිත්තර ගිල්ල එවුන් වගේ ඔහේ හිටියා . මහින්ද ජනාධිපති වෙනකල් මැරෙන්නැතුව පණ ගැටගහගෙන හිටියා . මහින්ද ජනාධිපති වෙලා මාස කීපයක් ගියාට පස්සේ තාත්තගේ පැන්ෂන් එක සහ .වන්දි මුදලක් අපිට හම්බුනා . සල්ලි වලට තාත්තව ගන්ඩ බෑ තමා . ඒත් ජීවිතේ ගැටගහගන්න අපිට උදවු වුණේ ඒක විතරයි .

    අම්පාර හදපු ඩී එස් සේනානයක මහත්තයාගෙන් පස්සේ අම්පාරට දැනෙන සංවර්ධනයක් කළේ මහින්දම විතරයි කාටවත් ඒක එහෙම නොවේ කියන්න බෑ . අද අම්පාරෙන් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක් ගෙවාගෙන කොළඹ ආපු මම අද මගේ අම්මයි නංඟියි වයසක සීයයි දෙන්නව ගෙදර දාලා හිතේ බයක් නැතුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්නේ සමහරුට බයිලයක් වෙච්ච මට යුද්ධයක් වෙච්ච මේ යුද්දේ ඉවර වෙච්ච නිසා . අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා .

    මම ලංකාවේ නැගෙනහිර ජීවත් වෙන එකෙක් . මහින්ද දිනුවොත් රට ආයේ යුද්දෙකට නොයන බව නම් මට සහතිකයි . ඒත් මෛත්‍රී දිනුවොත් ඒක කොහොම වෙයිද කියලා මට විශ්වාසයක් නෑ . රටේ නැගෙනහිර කොටස කවුරුත් ඉල්ලන්නැතුං ඉඳීවි කියලා මෛත්‍රීය වඩන උදවියට සහතික වෙන්ඩ පුළුවන්ද ? .

    මට යන්න වෙන තැනක් නෑ .මම ඉපදුණේ අම්පාරේ මැරෙන්නෙත් අම්පාරේ . මෙදා පාර මහින්දට ජන්දෙ දෙන්න කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක තියෙන ජන්ද පොලට ගිහින් මගේ ජන්දේ දාන්ඩ මම නොවරදවාම අම්පාරේ යන්නෙත් ඒ හේතුව නිසාමයි . වෙනදා ගෙදර ඉඳලා ගමේ ඉස්කෝලේ වත්තේ තිබුණ ජන්දපොළට යන්න කම්මැලි කරන මම අද කිලෝමීටර තුන්සීයකට කිට්ටු අම්පාරට ගිහින් මහින්දට ජන්දයක් දාන්නේ කිසිම දෙගිඩියාවකින් නෙවේ . යුතුකමක් ඉටු කරන්නවත්, කෙළෙහිගුණ දක්වන්නවත් නෙවෙයි . ඒකට තියෙන්නේ එකම එක හේතුවක් විතරමයි .. මිස්ටර් ප්‍රභාකරන් පටන්ගත්ත, සමහර පාලකයෝ පෝර දාපු තිරිසං යුද්ධෙන් ඇති වෙච්ච තුවාල අටක් මගේ හිතේ අට පොළක තියෙනවා . ඒ තුවාල අටෙන් එකක්වත් තාම හරියට සනීප වෙලා නෑ .

    මිස්ටර් ප්‍රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . තාත්තා නිදාගෙන උන්න මිනී පෙට්ටිය වහන්ඩ කලියෙන් තාත්තගේ ඇඟේ අට පොලක තිබුන උණ්ඩ අට ගැලවිලා ඇවිත් මගේ හිතේ වැදුණා වැදිලා හිරවුණා . . . කාටත් අමතක වෙන ඒ පුංචිම පුංචි යුද්දේ මට තාම අමතක නොවෙන්න හේතුව ඒකයි . මහින්දට ජන්දේ දාන්න කියලා මම කාටවත් කියන්නෑ … . ඒත් මගේ ජන්දේ නම් නොවරදවාම මහින්දට . . .

    එදා කොටින්ට බයේ කඩේට ගිහින් කැස්සට බොන නිවාරන් අනූව පැකට් එකක් ගන්ඩ බය ගත්ත මම මම අද මහින්දට කඩේ යන එකෙක් .කඩේ යන්ඩ ලැබුන එක ගැන නොසෑහෙන්න සතුටුයි . බයින එවුන්ට බයින්ඩ බැරියැ !
    ...................


    දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා ,
    හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .


    1370229_10201368782599949_1495098267_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තාත්තට වෙඩි තියපු කොටි අද මාරගෙ ඔඩොක්කුවෙද මාර උන්ගෙ ඔඩොකුවෙද කියන්න මම දන්නෙ නැහැ හැබැයි චන්ද්‍රිකා මිස්ටර් කියන කැල්ලනම් අයිටීන් එකේ අහුන
     
    • Like
    Reactions: BINGU_PUTHA

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය යුද්දේ ඉවර කරපු සරත් ෆොන්සේකා ඉන්නෙත් මෛත්‍රි එකක් තමයි .එව වැඩක් නෑ ඡන්දය ඔයාගේ අයිතියක් ‍.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය යුද්දේ ඉවර කරපු සරත් ෆොන්සේකා ඉන්නෙත් මෛත්‍රි එකක් තමයි .එව වැඩක් නෑ ඡන්දය ඔයාගේ අයිතියක් ‍.

    ගුවන් හමුදාව, නාවික හමුදාව බම්බුද ගැහුෙව එතෙකාට? නැත්තන් ෙපාන්ෙස්කාද හමුදා 3ටම නායක.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගුවන් හමුදාව, නාවික හමුදාව බම්බුද ගැහුෙව එතෙකාට? නැත්තන් ෙපාන්ෙස්කාද හමුදා 3ටම නායක.


    ගූනේ පුකේ කෝ සෝබන මාලිගාව යහතින් තියනවාද තාම මැක්කෝ නේහ් :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අද වෙනකොට හැමෝම කාටද චන්දෙ දෙන්නේ කියල තීරණය කරලා ඉවරයි. දැන් චන්ද ප්‍රචාරය එච්චර හොද නැහැ (not ethical). එත් මේක සංවේදී බොක්කටම වැදුණු නිසා නිසා දැම්මේ.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේක ඉරොස්න් ඉස්ටයිල් වගේ නිකමට හිතෙන්නේ ඇයි මට ? ඒ තරම් පුලුල් විග්‍රහයක් කරන්න තරම් මේ කතාව ලියපු කෙනා හෙනම කෙනෙක් වෙන්න ඇති නේහ් හෝ ඉතා දක්ශ ලෙස ගොතන ලද කතාවක් වෙන්නත් පුලුවන් :lol::lol:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගොඩක් එවුන්ට ඒ අඳුරැ අතීතය දැන් අමතකයි බන්....උන්ට දැන් වීරයො වෙලා තියෙන්නෙ ඒ කාලෙ යුද්දෙ වවාගෙන කාපු උන්....
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අද වෙනකොට හැමෝම කාටද චන්දෙ දෙන්නේ කියල තීරණය කරලා ඉවරයි. දැන් චන්ද ප්‍රචාරය එච්චර හොද නැහැ (not ethical). එත් මේක සංවේදී බොක්කටම වැදුණු නිසා නිසා දැම්මේ.

    සන්වේදී කතාලියන්න දක්ස අය ගොඩක් ඉන්නවා මේකේ ගොඩක් කරුනු ඉතාම ලොකු ටෝක් දෙන්න යන ශයිලියක් තියනවා මේ සාමානය මනුස්සයෙක් ගේ කතාවක් වෙන්න බෑ ඉතින් අර පටාචාරාවගේ මේ අයට හැම එකම වෙලා අන්තිමට මරා විතරයි පිහිට උනේ කියනවා මේවා වෙන්න පුලුවන් ද :lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    ane manda ban, me kathawath athha.. habai,

    1. mahinda witharak yudda kale na. e theeranayatath godak denek dayaka una.. mulin anduwa hitiye yuda wirodi mathayaka.. e de gana hariyata credit labila na godak ayata..

    2. mahinda wateta anthawadi set eka thiyagena hitiyeth chanda gannama thmai. ehema hitiyath rata kotiyata giyeth na beduneth na.. katada hariyatama kiyanna puluwan my3 awoth rata bedei, kotinta yai kiyala.. samaharawita mahindata wada hoda nayakayek wei my3..

    3. yudde thaniyama iwara karath thawama rate hora, wancha, dushana nawaththanna bari wela. eka loku durwalakamak.. lankawa thibbata wada nayakarayek karala.. parawal hadapu ekath niyamai.. ewagen loku ganan gahuwe nathnam itath wada hodai..

    4. onima deka limit ekak thiyenna oni wagema mahinda inna eketh limit ekak thiyenna oni.. balaya perethakamata illanawa kiyala dan hodata therenawa..

    5. mama kiyanne mechcharai.. mahinda athulu okkomala ekathu wela yudde dinna nisa apita dan nidahas ratak thiyanawa.. dan mahinda athulu pawulen ratata wena haniya nawaththanna wena aya oni.. anith okkomala rata bedenne nathi wenna me de karanna udaw karanna oni... hamoma dannawa dan inne issara hitapu mahinda newei..

    6. hariyata therumak athuwa katha karana kihipa denek anduwa paththe innawa saha mama paudgalikawa eyalata garu karanawa.. eyala ( fake newei ) reply karata kamak na fake un nam dakke na wage hitapalla.. mata ubala ekama kiyawanawa dakala epa wela..
     
    මේක නම් වැදුන පුටේ ඈ.........

    :angry::angry:
    හිතට වෑදුනනම් නම් හෙට ගිහින් __කොලෙ ඉස්සරහෙන් කතිරයක් ගහල එන්න.
    මොකටද දෙපෙත්තට වැනෙන්නෙ කෙලින් තිරනයක් ගන්න බෑරි නම් වඩක් නෑ මහත්තයො.