මේකනම් මට වෙච්ච එකක් නෙමේ , යාලුවෙක්ට වෙච්ච එකක්, යාලුවා ඉන්නේ වෙන රටක ඒ රටේ වේලාව ලංකාවේ වෙලාවට වඩා පැය හතරක් වෙනස් එහෙට පාන්දර 1 නම් මෙහෙට පාන්දර 4 යි ,
දවසක් යාළුවා නිදාගෙන ඉන්නකොට පාන්දර 5 ට විතර , එකපාරම නින්දෙන් ඇහැරිලා හිතට ලොකු දුකක් ඇවිල්ලා තාත්තව මතක්වෙලා හිනයක්වත් දැකලා නෙමේ නිකන්ම.. ඊට පස්සේ තාත්තට කරදරයක්වත්ද දන්නේ නැහැ කියලා හිතලා ඒත් තව ටිකක් දවල්වෙලා ගෙදරට කෝල් එකක් ගන්නවා කියලා හිතලා එහෙම්මම නිදාගෙන ... ඊට පැය කිහිපෙකට පස්සේ යාලුවට කෝල් එකක් ඇවිත් ලංකාවෙන් තත්තා වෑන් එකක හැප්පිලා උදේ 9 ට විතර එතනම මැරිලා ඔලුව කුඩුවෙලා ..
යාළුවාට ඒක දැනුන වේලාවයි තාත්තා ඇක්සිඩන්ට් වෙච්ච් වේලාවයි හරියටම සමානයි (5 ත් 9 )
කියන්න වචන නෑ.. පිස්සු හැදෙනවා නේ!....
ඔහොම ලොකු අත්දැකීමක් දකින්න බලාපොරොත්තුවෙන් තමා නූල දැම්මේ...
එයාට ඒ වෙලාවේ දැනිලා තාත්තට අනතුරක් කියලා....
සමහර විට කලිනුත් දැනිලා (එදාම) හිතිලත් ත්බ්බද දන්නේ නෑ "තාත්තට කතා කරලා බැලුවොත් හොඳයි" වගේ...
එහෙම කලින් හිතිලා කෝල් එකක් දෙන්න බැරි උනා එහෙම නම් ඔය පන්චස්ථාපයෙන් මිදෙන්න අමාරුයි මචන්...









