මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.
පොලිසියේ හතරවැනි තට්ටුවට අරගෙන ගිය කෙනෙක් ආයෙත් පණපිටින් නම් එන්නේ නැහැ කියලා සමාජයේ අප බොහෝ දෙනා අතර මතයක් තියෙනවා. එනිසා යම්කිසි පුද්ගලයකුව අත්අඩංගුවට අරගෙන හතරවැනි තට්ටුවට ගෙන ගියොත් ඉතිං දෙයියො බුදුන් සිහිකර ගන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා තමයි අපි බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ.
කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ සය මහල් ගොඩනැඟිල්ලක තමයි අප කොයි කවුරුත් යන්න බියක් දක්වන හතරවැනි තට්ටුව පිහිටා තිබෙන්නෙ.
මොකක්ද මේ හතරවැනි තට්ටුව කියන්නෙ. .
හතරවැනි තට්ටුව කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. (Criminal Investigation Departmant) කෙටියෙන් හැඳින්වුවහොත් සී. අයි. ඩී. කියලා කියනවා.
රහස් පොලිසිය කියලා කියන්නෙත් මේ දෙපාර්තමේන්තුවටමයි.
පොලිස් මූලස්ථානයේ පිහිටා තිබෙන මහල් හයකින් යුත් ගොඩනැඟිල්ලක 4 වැනි තට්ටුවේ සිට මෙම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූ නිසා හතරවැනි තට්ටුව කියලා කියනවා.
හැබැයි දැන් මහල් හයම සී.අයි. ඩී, එකට අයිතියි. 1952 දෙසැම්බර් 24 වැනිදා සී.අයි.ඩී. ය මෙම ගොඩනැඟිල්ලේ හතරවැනි තට්ටුවට ගෙනාවා. ඒ අවධියේ එහි එක් මහලක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, තවත් මහලක පොලිස් ආධුනිකයන් බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුවත් පිහිටුවා තිබුණා.
සී.අයි.ඩී. එක කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙන විශේෂම අංශයක්. ලෝකයේ සෑම රටකම පොලිස් දෙපාර්තමේන්තුවක මෙවැනි විශේෂ ඒකක තියෙනවා. එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය, ඇමෙරිකාවේ සී.අයි.ඒ. කියන්නේත් සී.අයි.ඩී. වගේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුවක්.
සී.අයි.ඩී, එකේ විශේෂත්වය තමයි මෙය සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන්නෙ. රටක සදාචාරසම්පන්න සමාජයක පැවැත්මට බලපෑම් ඇති කළ හැකි බරපතළ අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු කිරීම සී. අයි. ඩී. එකට පැවරෙන රාජකාරියයි.
ජාතීන් අතර අසමගිතාවයන් ඇතිවිය හැකි සිද්ධීන්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාවන් සහ අපරාධ බිය වැඩිවී තිබේ නම් සී.අයි.ඩිය. ඒ සම්බන්ධව විමර්ශනයක් කරනවා.
මෙහි පොලිස් නිලධාරීන් බොහෝවිට රාජකාරී කටයුතු කරන්නේ සිවිල් ඇඳුමින් සැරසිලා. පොලිස් නිල ඇඳුම අඳින්නේ විශේෂ අවස්ථාවකට විතරයි. සී.අයි.ඩිය මෙහෙම හොරා පොලිස් සෙල්ලම් කරන්නෙ ඇයි?
සී.අයි.ඩී. එකේ නිලධාරීන් කරන විමර්ශන කටයුතු සාමාන්‍ය පොලිස් නිලධාරීන් කරන විමර්ශන කටයුතුවලට වඩා බරපතලයි.
මිනිස් ඝාතන පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම, පරිගණක අපරාධ, මිනිස් ජාවාරම් පිළිබඳ අපරාධ, ව්‍යාජ මුදල් නෝට්ටු වංචාවන්, හොර ඔප්පු, නිශ්චල දෙAපළ වංචා ආදී බරපතළ සිද්ධීන් ගැන සී.අයි.ඩිය විමර්ශන කරනවා.
මෙම විමර්ශන කටයුතු කරන්නේ ඉතා රහසිගතවයි. එහෙම නැතුව මේවා හෙළිකර ගන්න බැහැ. සී. අයි.ඩී.ය යම් අපරාධකරුවකු අත්අඩංගුවට ගන්නේ ඔහු සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත්තාට පසුවයි. එනිසා සී.අයි.ඩී. නිලධාරීන් අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් සී,අයි.ඩී. මූලස්ථානයට අරගෙන ආවට පස්සෙ ආයෙත් ගෙදර යන්නෙ නැහැ. නීතිය ක්‍රියාත්මක කර එම තැනැත්තාට දඬුවම් ලබාදෙනවා. එහිදී ලැබෙන දඬුවම් වන්නේ මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරගත කිරීම, බරපතල වැඩ සහිත සිර දඬුවම් ආදියයි.
1971 වසරේදී සී.අයි.ඩිය අත්අඩංගුවට ගත්ත අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් වන දොඩම්පේ මුදලාලි කියන තැනැත්තා එවක සී.අයි. ඩී. මූලස්ථානය පැවැති හතරවැනි තට්ටුවට අරගෙන ඇවිත් ප්‍රශ්න කරනකොට ඔහු වැරැදිකරු බවට ඔප්පුවීම නිසා දඬුවම්වලට බියට පත්වී හතරවැනි තට්ටුවෙන් බිමට පැනලා මැරුණා. මේ සිද්ධියට රටේ මහත් ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ නිසා හතරවැනි තට්ටුවට ගෙනගිය කෙනෙක් පණපිටින් එන්නේ නැහැ කියන මතය පැතිරෙන්න මේ සිද්ධියත් බලපා තිබෙනවා.
සි.අයී,ඩී. එකට බඳවා ගන්නේ විශේෂ දක්ෂතා තියෙන පුද්ගලයන්. පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන්න අයදුම් කරන තරුණ තරුණියන්ගෙන් විශේෂ දක්ෂතා ඇති අය තෝරාගෙන සී.අයි.ඩී. එකට බඳවා ගන්නවා.
මේ වනවිට සී.අයි.ඩී, එකේ පොලිස් නිලධාරීන් හයසියයක් පමණ සේවය කරනවා.
සී.අයි.ඩී. නිලධාරීන් යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ එම තැනැත්තා ගැන හොඳට හොයලා බලලා. සැකපිට අත්අඩංගුවට ගන්නෙ නැහැ. එහෙම අත්අඩංගුවට ගන්නෙ සාමාන්‍ය පොලිස් රාජකාරියේදී. එවැනි සැකපිට අත්අඩංගුවට ගන්න අය සම්බන්ධව නිවැරදි සාක්ෂි නැතිවූ විට පොලිසිය විසින් ඔවුන් නිදහස් කරනවා. නමුත් සී. අයි.ඩී.ය යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් නිදහස් කරන්නෙ නැහැ. මොකද ඔහු හෝ ඇය ගැන සම්පූර්ණ විස්තර සොයාගෙන තිබෙනවා. සමහරවිට සී. අයි. ඩි ය සැකකරුවෙක් පසු පස අවුරුදු ගණනාවක් ගොස් නිවැරැදි තොරතුරු ලබාගෙනයි අත්අඩංගුවට ගන්නෙ. එනිසා සී.අයි.ඩී. එක කියන්නෙ ක්ෂණික නූඩ්ලස් හදාගන්නවා වගේ කලබලේට වැඩකරන තැනක් නෙමෙයි.
හතරවැනි තට්ටුවේදි ගොළුවෝ කථා කරනවා. කොරු ඇවිදිනවා. අන්ධයන්ට ඇස් පේනවා කියන්නෙ ඒකයි. වැරැදිකරුට බොරු කියලා. බේරෙන්න බැහැ. සියලු තොරතුරු සමඟයි සී. අයි. ඩිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නෙ.
source . Lackbima
ත්‍රෙඩ් එක එල නම් සලකල යන්න

Last edited:

Dakka kal ubawa...