lawyer කියනවා කතාකරන්ඩ එපා කියලා සහ තව අවරුදු 2න් case එක ඉවරයි කියලා, දැන් අපට එච්චර කල් අමාරුයි
පොඩි කතාවක් කියන්නං.....
ඕන්න ඉඩම් නඩු වලට පෙනී ඉන්න ලෝයර් මහත්තයෙකුගෙ පුතෙක්, නීති විද්‍යාලයට ගිහිල්ල තමුන්ගෙ උපාදිය සම්පූර්ණ කරල ලෝයර් කෙනෙක් විදිහට වැඩ බාරගත්තලු.
තමුන්ගෙ පළවෙනි රාජකාරිය විදිහට තමුන්ගෙ පියාගෙ අවසන් නොවූ නඩුවකට අතගහපු ලෝයර් පුතා මේ නඩුව කතා කරන්න පටන් අරගෙන දෙවෙනි නඩු වාරයෙදිම, ඉතාම දක්ශ විදිහට තමුන්ගෙ පාර්ශවයට දිනුම එන විදිහට නඩුව කතාකරල අවසන් කරාලු...
ඊටපස්සෙ මේ නඩුව දිනවපු සතුටත් එක්ක පියාව බැහැ දකින්න ආපු පුතා.., හරිම ආඩම්බරයෙන්,
"තාත්තෙ..., තාත්ත අවුරුදු 15ක් පුරාවට දිනව ගන්න බැරුව හිටපු, මිස්ටර් ගුණසේකරගෙ මහ ගෙදර නඩුව මම දවස් දෙකෙන් දිනවල ඉවරකරල දැම්ම"
කියල කිවුවලු...
මේක අහපු ගමං යකෙක් ආවේස වුනා වගේ පුටුවෙන් නැගිටල ඇවිත් තමුන්ගෙ පුතාට අත පුරෝල කණේ පාරක් ගහපු ලෝයර් තාත්ත,
"කෙලෙහි ගුණ නොදත් වල් බූරුව.... මම මෙච්චර කාලයක් උඹට උගන්නල, ලොකු මහත් කරල, නීති විද්‍යාලයට පවා යවල ඉගැන්නුවෙ මේ නඩුවෙන් ලැබිච්ච ආදායමෙන්, තෝ ඒ ආදායම දවස් දෙකෙන් නැතිකරල කාබාසිනිය කරල දැම්මද....?"