මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    1. a - තේකක් බොමුද…?
    b - නියමයිනෙ බොමු...
    (තේ බොන වැඩේට දෙන්නම එක පයිං කැමතියි…ඉතිං තේ හදාගෙන බොන්න...)

    2. a - තේකක් බොමුද…?
    b - බෑ....
    (තේ හදන්න එපා...බොන්න බෑ කිවුවනෙ...ඒක ඇහුනෙ නෑ වගේ තේ හදන්නත් එපා...එහෙම හදල බොන්න බෑ කියල ආයි කිවුවම මල පන්නගන්න/බලෙං පොවන්න යන්නත් එපා...)

    3. a - තේකක් බොමුද…?
    b - අනේ මංදා...තේ බොන මූඩ් එකකුත් නෑ...බලමුකො...
    (තේක හදන්න පුළුවං...හැබැයි බොන නොබොන එක අනිවාර්ය නෑ...තේක හැදුව පලියට බලෙං පොවන්න අයිතියක් ලැබෙන්නෙ නෑ...)

    4. a - තේකක් බොමුද…?
    b - හා බොමු... තේක හදනව...හැබැයි වතුර නටෝල හදන්න යන වෙලාවෙදි තේ බොන්න බෑ කියල හිතෙනව...
    (මල පනින්න පුළුවං...හැබැයි එහෙම කියල බලෙං තේක කටට වක්කරන්න බෑ...හිත් වෙනස් වෙන එක ස්වාභාවිකයි...ඒක තේරුං ගන්න වෙනව)

    5. a - තේකක් බොමුද…?
    b - හා...බොමු...(තේ හදල සෝක් එකට තේක බොන්න ගන්නව...උගුරු දෙක බොද්දි තේරෙනව මේක තේකක් කිවුවට අමු චාටර් කසායක් කියල...එතකොට තේ බිවුව ඇති කියනව...කලිං හා කිවුව නේද එහෙනං දැං දිගටම බීපං කියල බලෙං තේක කටට වක්කරන්න අයිතියක් නෑ...)

    6. a - තේකක් බොමුද…?
    b - හා/බෑ කියන්න බෑ...සිහියක් පතක් නෑ...(එහෙම වෙලාවක තේ හදන්න එපා...සිහිය නෑ කියන්නෙ තේ හදල පොවන්න අවසරයක් නෙවෙයි....)

    7. a - තේකක් බොමුද…?
    b - හා බොමු
    (හැබැයි වතුර නටෝල තේක හදං එද්දි මෙයාට සිහිය නෑ...කලිං තේ ඕනෙ කියපු නිසා කට ඇරල තේක වක්කරන්න අයිතියක් නෑ...)

    8. a - තේකක් බොමුද…?
    b - හා...මරු...
    (තේ හදල සෝක් එකට තේ බිබී ඉන්නව...උගුරු කීපෙකින් සිහිය නැති වෙනව...කලිං මරු කියල කියපු නිසා ඉතුරු තේ ටික සිහිය නැති කෙනාගෙ කටට වක්කරන්න බෑ....)

    9. a - තේකක් බොමුද අහනව ගිය අඟහරුවාදා...
    b - හා...බොමු...
    (ගිය අඟහරුවාදා තේ හදල තේ බොනව...හැබැයි ඒකෙ තේරුම දිනපතා තේ ඕනෙ නෙවෙයි...මෙලෝ චාරයක් නැතුව තේ කෝප්පෙත් අරං ඉන්න තැනට ගිහිං තේ බොමුද අහන්න බෑ...ගිය අඟහරුවාදා බිවුවනං ඇයි අද බැරි කියල තග දාන්නත් බෑ...)
     
    • Haha
    Reactions: incest_cult

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මුගෙ බැච් එකේම එකෙක් මූව අන්ඳනවා වෙන්න පුලුවන්. අපෙත් කැම්පස් කාලෙ ඔහොම කරපු එවුන් හිටියා. එකෙක් කාලයක්ම වෙන එකෙක්ට කියලා රීලෝඩ් දම්මගෙන. මූ කෙල්ල වගේ මැසේජ් කරන එක කරන්නෙ. අනිකා කියන සැණින් රිලෝඩ් දානවා. සතියකට දෙකකට විතර පාරක් බැච් එකේම කෙල්ලෙක් අල්ලගෙන පොඩි බයිටක් දාමු කොල්ලෙක්ට කියලා කෝල් කරවනවා. ඒ කෙල්ලටවත් මූ කියලා නෑ බැච් එකේම එකෙක්ට කෝල් කරන්නෙ කියලා.
    ara nude pennanne. kohomad yaluwe?